Author: LANKA24X7

දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු සතුව තිබී මැණික් ගලක් සොයාගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථාවේ අදාළ රැදවියා එම මැණික් ගල සිය ඉනෙහි සඟවා ගෙන සිට තිබෙනවා. ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති රැදවියෙක්. එම රැදවියා මීට දින කිහිපයකට පෙර අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. අදාළ මැණික් ගල මේ වනවිට එම රැදවියා ඉදිරියේ මුද්‍රා කර තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය වෙත ඒ සම්බන්ධයෙන් දැනුම් දී එහි නියමිත තක්සේරුව ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනුම් දෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. මේ අතර…

Read More

ඉදිරි සති දෙක තුළ අනිවාර්යෙන්ම බිත්තර ආනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේය. ඒ බිත්තරවලට පාලන මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ අධිකරණයට දැනුම් දුන් පසුවයි. වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තුළ බිත්තර ආනයනය කිරීම සම්බන්ධ තීරණය පෙබරවාරි 8 වනදා කැබිනට් අනුකාරක සභාවේදී ගැනීමට අපේක්ෂා කරන බවය.

Read More

මේ මොහොතේ ජනතාවට අවශ්‍යව ඇති මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් නිරුත්තර රටක උත්තරය යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ මිනුවන්ගොඩ පැවති ජනරැලියකදී විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය. මුදල් වැය කර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසීය.

Read More

මෙරට සතු විශාලතම සම්පත මානව සම්පත බැවින්, එහි උපරිම ප්‍රතිලාභ ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගියදා පැවති මාතර දිස්ත්‍රික් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර හමුවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය. එහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ පාසල් අතර විශාල විෂමතාවයක් නිර්මාණයක් වී ඇති බැවින් පාසල් පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කළයුතු බවය. එමෙන්ම සෑම වසරකදීම සිසුන් 30,000ක් පමණ 10වන ශ්‍රේණියට පෙර පාසල අත්හරින බවත් එබැවින් අතරමැදි අධ්‍යාපනය අත්නොහැරෙන ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරුමැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ව්‍යවස්ථාදායක සභාව අද (07) යළි රැස්වීමට නියමිතව තිබේ. ව්‍යවස්ථාදායක සභාව පසුගිය 25 වනදා සහ පසුගිය 30 වනදා රැස්ව තිබුණි. අද ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවදානය යොමු කිරීමට නියමිතය. පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට පළමු රැස්වීමේ දි තීරණය කළේය. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සඳහා ද සාමාජිකයෙකු යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාව ද අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

Read More

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය. සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙ.ව 10.00ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද බෑන් කී මූන් මහතා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග” පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමින් බෑන් කී මූන් මහතා මේ බව සඳහන් කළ බවය. එම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍, මීට වසර හය හමාරකට පෙර ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සහ අද පවතින…

Read More

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පැවසුවේ තුර්කියේ 2,300ක් සහ සිරියාවේ 1,444ක් පමණ මරණ වාර්තා වන බවය. දෙරටේම 15,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය වී තිබේ. ඊයේ (06) අලුයම සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 7.8ක භූකම්පනය සහ ඒකක 7.5ක ප්‍රබල පසු කම්පනය හේතුවෙන් තුර්කි – සිරියා දේශසීමාවේ නගර රැසකට හානි සිදුව ඇති බව වාර්තා වේ. ගොඩනැගිලි දහස් ගණනක් බිඳවැටී ඇති අතර මාර්ග ජලනළ සහ ගෑස් නළ ද පිපිරීමට ලක්ව තිබේ. තවදුරටත් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අමෙරිකාව ඇතුළු රටවල් රැසක සහාය හිමව ඇති…

Read More

මිනිසුන් ඝාතනය කර රාජ්‍ය දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් විය හැකි නම් අවිහිංසාවාදී දේශපාලන පක්ෂයක් වන තම පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමට සිය දහස් ගුණයක අයිතියක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජාතික ජනබලවේගය සුපිරිසිදු පක්ෂයක් යැයි ඇතමුන් විශ්වාස කළත් එය සත්‍ය නොවන බව කී ඇමතිවරයා පසුගිය මැයි 9 වැනිදා සිද්ධියට ඇතැම් තැන්වල නායකත්වය දුන්නේ ජවිපෙට සම්බන්ධ අය බව කීය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල හා හලාවත ප්‍රදේශවල පැවති පළාත් පාලන අපේක්ෂක හමු වලට සහභාගී වෙමිනි. කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන සඳහා මෙවර පොහොට්ටුවෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂයන්…

Read More