Author: LANKA24X7

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. එම පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන බව ද x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත. පනත් කෙටුම්පතෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම සඳහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට සති දෙකක කාලයක් හිමි වන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

Read More

මෑත කාලීනව සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව සෞඛ්‍ය අංශ පවසයි. 2010 වසරේ සිට 2020 වසර දක්වා රජයේ රෝහල්වලින් වාර්තා වූ වැඩිම මරණ, හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. සෞඛ්‍යයට අහිතකර ආහාර, ශාරීරික ක්‍රියාශීලිභාවය අඩුවීම, දුම්කොළ, මත්පැන් භාවිතය සහ මානසික ආතතිය හෘදයාබාධ වැළදීමට ප්‍රධාන හේතුව බව සඳහන් වේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ, විශේෂඥ වෛද්‍ය ශෙරීල් බාලසිංහම් මහත්මිය ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කළාය. “හෘදයට ලේ සපයන රුධිර නාලවල ඇති වන හානියක් නිසා මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. ඔයාලා අහලා ඇති හාට් ඇටෑක් එහෙම නැත්නම් හෘදයාබාධය කියලා අපි කියන්නේ මෙවැනි…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදුන් තීන්දු පිළිබඳ අද (18) දින සලකා බැලෙනු ඇති බව වාර්තා වේ. පසුගිය 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එහි දේශපාලන මණ්ඩලය රැස්වුණි. එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගත් අතර එහි මහලේකම් ධුරයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා වෙත බලය පවරා තිබිණි. එම තීන්දු තීරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කළ අතර ඊට අදාළ ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට…

Read More

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. කුක් අයිලන්ඩ් ධජය යටතේ මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාව යාත්‍රා කර ඇති බවත් ඉරානයේ ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් පමණ දුරින් දකුණු මුහුදේදී ඇතිවූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් මෙම නෞකාව අනතුරට පත් වී ඇති බවත් ජස්ක් වරාය සහ සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂක මොහොමඩ් අමීන් අමානි ප්‍රකාශ කළේය. අනතුර පිළිබඳ තොරතුරු දැනගත් වහාම ගලවා ගැනීමේ යාත්‍රාවක් අනතුර සිදුවූ ස්ථානයට පිටත් කර හැරි බවත් එම යාත්‍රාව අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනෙකු බේරා ගත් බවත්…

Read More

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට ගෝඨාභය මහත්මයා රදගුරු මණ්ඩලයට වාචිකව පොරොන්දුවක් දුන් බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (17) පැවසූහ. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (17) එසේ පැවසූහ. ගෝඨාභය රාජපක්ෂ එම පොරොන්දුව ඉටු නොකිරීම හේතුවෙන් තමන් රැවටුණු බව ද අගරදගුරු හිමියෝ පැවසූහ. පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයන් ඇඟිලි නොගහන පරීක්ෂණයක් අවශ්‍ය බව කී උන්වහන්සේ සමග ජන බලවේගය බලයට පැමිණියහොත් කරන දේවල් පිළිබඳව ලියවිල්ලක් යොමු කර ඇති බව ද සඳහන්…

Read More

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා හෙට (19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය III මගින් මෙම කැදවීම සිදුකර තිබේ. ඉකුත් 2021 වසරේ දී දින 3 ක් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරනු ලැබූ අතර එහිදී උන් වහන්සේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනු කරනු ලැබීය.

Read More

මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික විදයම ජනවාරි මාසයට සාපේක්‍ෂව පෙබරවාරි මස අඩුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම වසරේ පෙබරවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වසරේ පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව පහළ යාමට ප්‍රධාන හේතු බවත් කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 18,308 ක් අවශ්‍ය බවත් එම දෙපාර්තමේන්තුව කියයි. අඩුම මාසික වියදම රුපියල් 16,231 මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා…

Read More

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි. වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර කර ගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් පවතින බවත් තැපැල්පතිවරයා පැවසීය. ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව භාවිතා කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක්…

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා ගොනුකර ඇත. විරෝධතා බාරදෙමින් පක්ෂයේ ලේකම්වරයා පවසා ඇත්තේ පක්ෂයේ කටයුතු පක්ෂ ව්‍යවස්ථාව අනුව සිදු විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා පැවසුවේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් නීතිඥවරයකු මාර්ගයෙන් මෙසේ විරෝධතා බාර දුන් බවයි. මැතිවරණ කොමිෂන් සභාව අද(18) රැස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් ඉදිරිපත් කර ඇති කරුණු සහ විරෝධතා සලකා බලා සුදුසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය. විපක්ෂයේ විවිධ පිරිස් එජපය සමග සාකච්ඡා කරමින් ගනුදෙනු කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා රට ඉදිරියට ගෙන යා හැකි නායකයා කවුදැයි ඔවුන් තේරුම් ගෙන සිටින බව සඳහන් කළේය. දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වීම වලක්වන්නට කිසිවකුටවත් නොහැකි බව ද රත්නප්‍රිය මහතා පැවසීය.

Read More