Author: LANKA24X7

බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළ දී පුද්ගලයෙකුට වෙඩිතබා වෙඩික්කරු පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයෙකු වන බිම්සර ගුණසේකර හෙවත් “වනාතේ බිම්සර” නැමැත්තාට ඊයේ (19) රාත්‍රියේ වෙඩිතබා තිබේ. බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඊයේ රාත්‍රී 10ත් 10.15ත් ආතර කාලය තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබිණි. මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියකින් එම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩික්කරුගේ ඉලක්කය වී තිබුණේ 38 හැවිරිදි “වනාතේ බිම්සර” නැමැත්තාය. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ වනාතේ බිම්සර නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වනවිට එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ වනාතේ බිම්සර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය…

Read More

ඕනෑම අවස්ථාවක තමන් විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා සිටියේ, “අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය ඉන්නේ උසස් නිලධාරීනුත් කටහඩේ බලයට පරිපාලනය කරනවා. දෙතුන් සීයක් එකතුවෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. ඉතින් ඒ තත්ත්වයෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. හැබැයි මම නම් විශ්‍රාම යන්නත් ලෑස්ති. මේ රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැහැ.” යනුවෙනි.

Read More

රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇති බවය. රට ස්ථාවරත්වයට පත්කර ගැනීමේ සැබෑ වීරයන් ශ්‍රී ලාංකේය ජනතාව බව ද සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. අස්වැසුම හරහා මිලියන 2.4ක ජනතාවක් නඟාසිටුවීමට කටයුතු කරමින් සිටින අතර උරුමය හරහා මිලියන 2කට ඉඩම් ලබාදීමට සැලසුම් කර අති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. අඩු අදායම්ලාභී පවුල් 50,000කට නිවාස ලබාදීමට මෙන්ම විශ්‍රාම වැටුප් වැඩී කිරීම ඇතුළු අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රැසක්…

Read More

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු බරපතළ තුවාල සිදුකර තිබේ. ඊයේ (19) රාත්‍රී කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ රාමනාදපුරම්, කල්මඩුනගර් ප්‍රදේශයෙනි. තුවාලකරුවන් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තුවාලකරුවන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරුකරු යවා ඇත. තුවාලකරුවන් අවුරදු 28 හා 30 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා අවුරුදු 28, 30 හා 50 වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු වන අතර ඔවුන් පලෛයි හා වව්නියාව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකර ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදී ඇති බවය. සිද්ධියට සම්බන්ධ…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවති. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑව්මු ප්‍රදේශවලත් උතුරු – මැද වයඹ,ඌව,දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර,මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ

Read More

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 72 ක පහසු ජයක් ලැබූහ. ඒ අනුව ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු පිල ඕවර 17 කදී ලකුණු 115 කට සීමාවිය. ඇන්ජලෝ මැතිව්ස් සහ බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇෆ්ගනිස්තාන් ඉදිරි පෙළ ප්‍රබල පිතිකරුවන් දවාගැනීමෙන් ජයග්‍රහණය පහසු විය. ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දැක්වමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187 (පැතුම් නිස්සංක 25,…

Read More

මීගමුව පිටිපන ලෙල්ලම අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලමින් අගරදගුරු හිමියන් අධිකරණය වෙත ගියේ එහි ආදායම පුළුල් ධීවර පිරිසකට හිමිකර දීමේ අදහසින් මිස පෞද්ගලිකව අයිතිකර ගැනීම සඳහා නොවන බවත් එම ධීවර මධ්‍යස්ථානය වසර ගණනාවක් සිට පිටිපන එක්සත් ධීවර සමිතිය යැයි කියගන්නා පුද්ගලයන් කීපදෙනෙක් පමණක් භුක්ති විදින බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (19) පස්වරුවේ පැවසූහ. ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය වඩා විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු බව කියන ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙම සිද්ධිය පිළිබඳව ඇතැමුන් පවසන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ධීවර ප්‍රජාවගෙන් සහ මෙරට පොදු ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව ද…

Read More

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් පැලවත්ත ජනා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19) පැවැත්විණි. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කළ බවත් එම පක්‍ෂය පැවසීය. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම්, දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න, ජාතික ජන…

Read More

මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 115, 328 කි. ගෙවුණු දිනයන් අතර පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9443 කි. එය ගෙවී ගිය දිනයන් අතර පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව බවට වාර්තා වේ. ගෙවී ගිය සති 15 කාලයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 16,701 ක් ලෙස දැක්වේ.

Read More

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (19) නිකුත් නිකුත් කළේය. සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු, සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු ට මෙම වාරණ නියෝග ය නිකුත් කළේය. සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, හිටපු හමුදාපති…

Read More