Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 207 වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පස්වරුවේ සම්මත විය. වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 44 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද පහක් පමණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. එම වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පැවසුවේ දෙමළ ජාතික මහජන සන්ධානයේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය. බුද්ධ ශාසන සහ සංස්කෘතික, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා විවාදයට ගැනිණ. සෙසු වැය ශීර්ෂ ඊයේ පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මතවිය.
අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට චිනයේ රජයෙන් මිලදි ගනු ලැබු වයි -12 වර්ගයේ සැහැල්ලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ද්විත්වය (5) රත්මලාන ගුවන් හමුදා කඳවුරට රැගෙන එනු ලැබීය. මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් භාණ්ඩ හා මගීන් ප‍්‍රවාහන කටයුතු සදහා යොදාගනු ලබන වර්ථමානය වනවිට ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම්, සෝදිසි කිරීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, පැරෂුටි භටයන් පුහුණු කිරීමේ මෙහෙයුම් ඇතුළු යුද අභ්‍යාස සදහා ද ගුවන් ගිලන්රථ ලෙසද යොදා ගනු ලැබේ. එමෙන්ම මෙම ගුවන්යානාවලට දේශීය ප‍්‍රවාහන කටයුතු මෙන්ම හදිසි අවශ්‍යතා මත විදේශ රටවලට ද පියාසර කිරීමේ හැකියාව ඇත. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය…
ජාත්‍යන්තර ජූඩෝ තරගාවලියට ජපානයට යාමට සූදානම්ව සිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලේ දහම් ඉඳුවර අත්තනායක ශිෂ්‍යයාට පාසල් සිසුන් 20 දෙනකුට අධික පිරිසක් පහර දීම නිසා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පරීක්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසයි. මෙසේ රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන සිසුවකුය. මෙම පාසලේ 10 වසර පන්ති හතරක් පැවැත්වෙන අතර ඉන් පන්ති 2කම සිසුන් මෙම සිසුවාට පහර දී ඇති බව පැවසේ. පාසලේ මෙම 10 වසර පන්ති අතර කාලයක් තිස්සේ ගැටුමක් පවතින බවත් පාසල් පරිපාලනය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති නිසා එය විසඳී නොමැති බවද පාසලේ දෙමාපියෝ පවසති. රෝහල්ගත කර ඇති සිසුවා 10 වසර…
වත්මන් ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඉඩම් බෙදා දීමේදී රුපියල් බිලියන පහකට වැඩි වංචාවක් කර ඇතැයි පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය. හන්තානයේ අක්කර විසි දෙකක් පර්චස් එකක් රුපියල් 2.38 බැගින් විකුණා ඇතැයිද එම අවස්ථාවේදීම එම ඉඩම හෝම් ලෑන්ඩ් සමාගමට පර්චස් එක රුපියල් ලක්ෂ දහය බැගින් ලබාදී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අලුත්ගමගේ මහතා මෙසේද කීය. අපේ ආණ්ඩුව යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ක්‍රියා කළ හැටි මම කියන්නම්. මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ මණ්ඩලය ඉඩම් බෙදා දීමෙිදී 2020 සිට පසුගිය කාලයේදී බිලියන පහකට වඩා විශාල වංචාවක්…
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් කටයුතු රුසියා – ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. එම මෙහෙයුම් පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති කීපයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව එම සමාගම සමඟ ගිවිසුමට එළඹීමට නියමිත බවත් ලේකම්වරයා කීය.
මෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි වසරේදී පවත්වන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට සුදානමින් සිටින බවද අමාත්‍යවරයා කීය. ලබන වසරේ මුල් කාර්තුව වනවිට විදුලි බිලෙහි අඩු වීමක් සිදුවිය හැකි බවට අපේක්ෂා කරන බවද රණතුංග මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පැවැති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකඟතාව මත අදාල කෙටුම්පත පිළියෙල කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී තිබේ. එම ගිවිසුමට අත්සන් තැබීමටත් ඉන් අනතුරුව එම ගිවිසුම දෙරටේ රාජ තාන්ත්‍රික දූත මණ්ඩල විසින් අනුමත කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා දුන්නේ ය.
නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. වර්තමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-12-12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ. මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බවය. පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට ඔහු සමග සිටි තවත් ලාංකික පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබේ. ඉකුත් 3 වනදා අලුයම මෙම ඝාතනය සිදුව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පමුණුගම පදිංචිව සිටි බී. කේ. ෂෙනිත් දුලාජ් චතුරංග නැමති 29 හැවිරිදි එක්දරු පියෙකි. චතුරංගගේ මරණය ගැන ඔහුගේ බිරිඳ වන 26 හැවිරිදි මෙලනි වාසනා මෙලෙස අදහස් දැක්වීය. “මමයි චතුරංගයි වසර තුනකට කලින් විවාහ වුණේ. එයා අවුරුදු දෙක හමාරක් ජපානයේ සේවය කරා. එයා ජපානයේ ඉඳලා ලංකාවට ආවේ තාත්තා අසනීප වුණු නිසයි. ඒ ඇවිත් තාත්තාගේ එළවළු ව්‍යාපාරයට උදව් කරමින් හිටියේ. අපේ පුංචි දුව අපිට ලැබිලා අවුරුද්දක් විතර යද්දි අපි සියලුදෙනාගේම ජීවිත…