Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සභාවේ ඝණ පූර්ණය පිළිබඳ විමසීම නිසා සභාවේ කටයුතු ඊයේ (08) පස්වරුවේ අවස්ථා පහකදී නතර වුණි. තම පක්ෂයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගීවීමට පොරොන්දුවූ පරිදි අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමා සෑම අවස්ථාවකදීම සභාවේ ඝණ පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා අද පෙරවරුවේදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබුණි.
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව, ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබේ. එමෙන්ම, පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන…
රට තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ උඩවලව ජල ගැටලුව අවසන් කරමින් සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශය වෙත ජලය මුදාහැරීම අද (08) අලුයම 03 ට පමණ ආරම්භ කෙරුණි. විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක මහතා පැවසුවේ දිනකට කියුබික් මීටර් මිලියන3.5 බැගින් ජලය මුදාහැරීමට නියමිත බවය. දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයත් සමග උඩවලව ජලාශය සිදීයෑමෙන් මහවැලි වලව කලාපයේ ගොවීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටි පසුබිමක කැබිනට් මණ්ඩලය ඊයේ තීන්දු කළේ සමනල වැවෙන් යම් ජල ප්‍රමාණයක් උඩවලව ජලාශයට මුදාහැරීමටය. ඒ අනුව අද හෙට සහ අනිද්දා යන දින තුනේදී දිනකට ඝන මීටර් මිලියන 3.5 බැගින් ජලය නිකුත් කිරීම සිදුවන අතර එමගින් දිනකට විදුලිය…
කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක් කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක් August 8, 2023 06:24 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ බී – ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන් කණ්ඩායම් අතර අද (08) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය. ඒ අනුව කැන්ඩි කණ්ඩායමට ලකුණු 89ක ජයක් හිමිවිය. එම තරගය පැවැත්වුණේ පල්ලෙකැලේදී ය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බී – ලව් කැන්ඩි කණ්ඩායමට ලබාදුනි. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස් කළේය. ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටන්ස් පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු…
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද(8)දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.
නියගය හේතුවෙන් ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම ජනතාව රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් පවතින බවට රජයේ බුද්ධි අංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රහස්‍ය වාර්තාවක් බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. මෙම විරෝධතා රැල්ල ඇති කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ පසුගිය අරගලයට සම්බන්ධව සිටි පිරිසක් බවද බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කළේය. අවසාන වශයෙන් රටේ ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම මේ පිටුපස සිටින බලවේගයන්හි ප්‍රධාන අරමුණ වී ඇතැයිද බුද්ධි අංශ පෙන්වාදී ඇත. කුමන්ත්‍රණය පිටුපස සිටින කණ්ඩායම් කවුරුන්දැයි බුද්ධි අංශ විසින්…
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගය ලෙස ඊයේ (7) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල අවුරා පිල ලකුණු 9ක කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීය. දඹුල්ල අවුරා මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය මෙය වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 135 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිලට ඕවර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 125 ක් පමණි. ෂොයිබ් මලික්ජැෆ්නා පිල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 53 කදී හතරේ පහර 5 ක් හා හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස් කිරීමට සමත් වුවද එය ජයග්‍රහණය…
මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (07) පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බවය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව ප්‍රකාශ කළ මහ බැංකු අධිපතිවරයා පහළ යන උද්ධමනය අනුපාතය අනුව ප්‍රතිපත්ති අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට අවස්ථාව පවතින බව ද පෙන්වා දී තිබේ. මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් අතර පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩුකිරීමට…
කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කර ඇත්තේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සඳහා විකල්ප ක්‍රමවේද සෙවීමටය. ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතැයි විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා සඳහන් කළේය.
බම්බලපිටිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ එම සැකකරුවන් සුරාබදු නිලධාරීන් බවය. පොලීසිය පැවසුවේ එම නිලධාරීන්, මෝටර් රථයට වෙඩිතබා ඇත්තේ එහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටිතැයි සැකකර බවය.