Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අපකීර්තිදායක හැසිිරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්කර ඇත. ඇල්පිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.යූ.කේ.ලොකුහෙට්ටි මහතාගේ නියෝග පරිදි ඊයේ උදැසන වැඩ තහනම් කිරිමේ නියෝග නිකුත් කර ඇත. මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පසුගිය 13වනදින වි.පී.එන්.ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේ සහ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේය. අම්බලන්‍ගොඩ පොනදුව පදිංචි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවතත් සමන් කොල්ලා යන අයගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට(119) ලැබුණ පනිවුඩය පිළිබඳව…
වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක සේවය කරමින් සිටි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර ගනිමින් සිටින බව පොලීසිය පවසයි. මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඊයේ (15) උදෑසන මෙම කාන්තාව සේවය කරමින් සිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත පැමිණ ඇති ඇයගේ සැමියා ඇයත් සමඟ අරවුලක් ඇති කරගෙන තිබේ. පසුව එය දුරදිගයාමත් සමගම එම ස්ථානයේම තිබු කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. පසුව සැකකරු වත්තල පොලීසිය වෙත ඉදිරිපත්වී ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ වගඋත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසය. අනතුරුව පෙත්සම සලකාබැලීම සඳහා අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කර ඇත. පෙත්සම්කාරිය කියා සිටින්නේ පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව විසින් විධිමත්…
ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු සඳහන් කළේ ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන් ජයගන්නා බවය. නමුත් තවමත් එම අපේක්ෂකයා කවුරුන්ද යන්න නම් කර නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය. පරීක්ෂණ කටයුතු සඳහා පරීක්ෂණ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටිති. කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇල්පිටිය දිවිතුරුගම නිවසේදී වෙඩි තබා ඝාතනය ක කෙරුණේ පසුගිය මස 26 වැනිදාය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු රොෂාන් කුමාර මහතාට වෙඩි තබා පලා ගොස් තිබිණ. මේ අතර එම ඝාතනය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්නේ නම් වහා ලබා දෙන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ ඊ (15) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3 ක ජයක් ලැබීමට සමත් වූහ. ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම විය. ශ්‍රී ලංකා පිල ලකුණු 287 ක ඉලක්කය ඕවර 47.1 කදී කඩුලු හතක් දැවී සම්පූර්ණ කළේය. ශ්‍රී ලංකාව ලකුණු 43 කට කඩුලු තුනක් දැවී සිටියදී පැතුම් නිස්සංක (114) සහ චරිත් අසලංක (91) සිවුවැනි කඩුල්ලට ලකුණු 185 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ. පැතුම් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113 කින් ලකුණු 114 ක් රැස්කළ…
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී පැවැත්විණ. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකා පොලීසියේ පුහුණු වැඩසටහන් කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ මෙහිදී අවධානය යොමුවිය. ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ප්‍රකාශ කළේ දෙරට අතර පවතින සුහදත්වය සහ ඉන්දියාව ශ්‍රීලංකාවේ මිතුරු රටක් ලෙස සැමවිටම කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය. දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය මානුෂීය ජනතා සංධානය නමින් නම් කර තිබේ. මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී නීතිඥ සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළ කරන බවද එහි නායකයෝ පවසති. ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කරති. යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මහතා…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අරගලකරුවන්ගෙන් මිදී කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් බවට ඕමල්පේ සෝභිත හිමියන් සිදු කරන ප්‍රකාශ අසත්‍යයකැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය. ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත්දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමන්ගේ නම ද ඈ දා ගනිමින් කර ඇති අසත්‍ය ප්‍රකාශයකට තමාට පිළිතුරු දීමේ අයිතියක් ඇති බව සඳහන් කරන සුගීෂ්වර බණ්ඩාර මහතා පවසනුයේ එවකටත් ජනාධිපති ධූරය හෙබවූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කටුනායක ගුවන්තොටුපලෙන් පිටවී යාමට සෝභිත හිමියන්ගේ අවසරයක් හෝ පහසුකමක් අනවශ්‍යව තිබූ බවය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වෙමින් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය. ඕමල්පේ සෝභිත හිමියන් ඉකුත් 2022 වසරේ ජූලි මස දොළොස්වෙනි දින…
රටතුළ පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ පානීය ජල සපයා ගැනීමේ ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව වහාම 117ට ක්‍ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. එවැනි ප්‍රදේශවල ජනතාව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගෙන එම දැනුම් දීම කළ යුතු බවත් එවැනි ප්‍රදේශවලට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සහ ජල ප්‍රවාහන ඒකක එක්ව ජලය සැපයීමට කටයුතු කරන බවත් කොඩිප්පිලි මහතා කීය. ජල සම්පාදන මණ්ඩලයේ ජලය සැපයුම කිසියම් ප්‍රදේශයකට නොලැබුණොත් එම මණ්ඩලයේ 1939 යන ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් පාවිච්චි කරන ලෙස…
