Author: LANKA24X7

කාන්තාවන්ට මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා කරන්නේ ඔවුන් දේශපාලන වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්‍රදර්ශන භාණ්ඩ සඳහා නොවේ යැයි ජාතික ජනබලවෙිගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලන්ඩනයේදී පැවසුවා ය. සමස්තයක් ලෙස ප්‍රචණ්ඩ අප්‍රසන්න දේශපාලන සංස්කෘතිය වෙනස් කර ඊට අලුත් අර්ථයක් දිය යුතු බව කී ඇය ඒ සදහා සුදුසුම තැන මාලිමාව යැයිද කීවාය. ලන්ඩන් නුවර පැවති ජාතික ජනබලවෙිගයේ කාන්තා සමුළුව අමතමින් ආචාර්ය අමරසූරිය මහත්මිය එම අදහස් පළකළාය.

Read More

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ඉදිරි තරග අහිමි වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ දෙවන එක්දින තරගය අතරතුර ඔහු පාදයේ ආබාධයකට ලක්වු බවය. ආබාධ තත්ත්වය සුව අතට පත්නොවීම හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංක තෙවන තරගයට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය පැවසීය. දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය හෙට (18) පැවැත්වීමට නියමිතය.

Read More

පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් ඊයේ (16) තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අපරාධය සැලසුම් කරන ලද සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසයි. ඔවුන් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. එම අපරාධය සඳහා යොදාගත් බවට සැලකෙන ජංගම දුරකථන 03ක් හා යතුරුපැදි 02ක් පොලිස් භාරයට ගෙන ඇත. පසුගිය 11 වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකර…

Read More

උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව ගාසා තීරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ප්‍රකාශ කළේය. ඉක්මනින් ක්‍රියාත්මක නොවූවොත් ගාසා තීරයේ සාගත තත්ත්වයක් ඇති විය හැකි බව එම නියෝජිතායතනය පෙන්වා දුන්නේය. ළමා මන්දපෝෂණ තත්ත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ගාසා තීරයේ ළමා මන්දපෝෂණ තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වෙමින් පවතින බවත් නියෝජිතායතනය ප්‍රකාශ කළේය. හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමඟ ඇරඹි ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මේ වන විට මිලියන 2.3 ක පලස්තීන ජනතාවක් අවතැන් වී ඇති බවත් ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකයක් ඇති…

Read More

පාසල්වල ක්‍රීඩා උත්සව කල් දමන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත. අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගමන් බලපතකින් කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය ඊයේ (16) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. 24 හැවිරිදි අදාල පුද්ගලයා යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් මොහු කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්වීමට ගුවන්තොටුපල වෙත පැමිණ සිටි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය. ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කරන අතර තුර මොහු ඉදිරිපත් කළ කැනේඩියානු ගමන් බලපත පිළිබඳ සැකයක් මතු වූ හෙයින් ගුවන් සේවා නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපල ආගමන හා විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කළ බවත් එහිදී එම කැනේඩියානු ගමන් බලපත කූඨ ලෙස ජීවදත්ත පිටුවෙහි…

Read More

දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම ඊයේ (16) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඒ අනුව කෙටි අංක 107 ඔස්සේ ඕනෑම දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ලුව මහතා පැවසීය. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන ද්‍රවිඩ ජාතිකයන්ට සෘජුවම පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා මෙම පහසුකම සලසා දී ඇති බව නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇත. මේ අනුව පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා මූලස්ථානය පිහිටි ස්ථානයේ ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය ලියැවිලි හුවමාරුව පසුගියදා සිදු කෙරිණ.

Read More

අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට තීරණය කර තිබේ. අනුරාධපුර නගරය මෙන්ම අනෙකුත් ඓතිහාසික නගර ද ඩිජීටල්කරණය කිරීම සහ සිතියම්කරණය කිරීම වැදගත් බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් ප්‍රංශ තානාපති H.E.Jean Francois Pactet සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතර අවබෝධතා ගිවිසුමක් සංස්කෘතික අමාත්‍යාංශයේදී ඉදිරිපත් කෙරිණි. සංරක්ෂණ ක්‍රමවේදයන් හා තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස්, පුහුණු අවස්ථා ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ නම් එය ඉතා වටිනා බවත්, එහිදී වික්‍රමනායක මහතා සඳහන් කළ අතර ඉදිරියේදී වාර්ෂික පැවැත්වෙන…

Read More

සංවර්ධන කටයුතු සඳහා රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් ජනතාවට එම ප්‍රතිලාභ ලබා දීමටත්, එමඟින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් කැපවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එසේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති “අස්වැසුම” “උරුමය” සහ කෘෂි නවීකරණ වැඩසටහන මෙන්ම “කදුරට දශකය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සක්‍රීයව දායකවන ලෙස ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා මෙම සියලු වැඩසටහන්වල ප්‍රතිලාභ නැවත ජාතික ආර්ථිකයට එක් වන බව ද පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග කොළඹ පදනම් ආයතනයේ දී…

Read More