Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අනවසරයෙන් අඳින ලද විදුලි රැහැනක පැටලී විදුලිය සැර වැදුණු ඌව පරණගම ගොවියෙකු ඊයේ (18) එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බව ඌවපරණගම පොලීසිය කියයි. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඌව පරණගම හාගිලිඇල්ල පුහුල්පොල පදිංචිව සිටි නන්දතිලක පනික්කියලාගේ සියදෝරිස් නමැති හැට හැත්තර හැවිරිදි ගොවියකු බවද පොලිසිය පැවසීය. වන සතුන්ගෙන් රාබු වගාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු විසින්ම අදින ලද විදුලි රැහැන කැපැටලී මෙසේ විදුලිසර වැදී ඔහු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථායේදී කාන්තාවකට වෙඩි තැබීමේ සහ එදිනම පුගොඩ ප්‍රදේශයේදී මංකොල්ල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි මහමොළකරු සහ වෙඩික්කරු ඇතුළු දෙදෙනක් හම්බන්තොට සහ ගොඩකවෙළ ප්‍රදේශයවල සැගව සිටියදීද අද (18) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලද තොරතුරු අනුව වෙඩිතැබීම සදහා භාවිතා කල ගිනි අවිය,යතුරු පැදිය ද රක්වාන ප්‍රදේශයේ දී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසලක් ඉකුත් 12 වැනි දින කොල්ල කා එහි සේවය කළ 23 හැවිරිදි තරුණියකට වෙඩි තබා සැකකරුවන් පලා යන අතරතුර පූගොඩ ප්‍ර දේශයේදී කොල්ලකෑම් සිදුකර තිබුණි.
මෑතකාලීන ව රට මුහුණ දුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ මහතා සඳහන් කළේ, දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය මේ වන විට අවසන් කර ඇති බවත් ජූනි මාසය වන විට සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීම ඉලක්කය බවත් ය. මේ අතර, විදේශ ණය බහු පාර්ශ්වීය සහ ද්වි පාර්ශ්වීය ණය ලෙස කොටස් දෙකකින් සමන්විත බව සඳහන් කළ සියඹලාපිටිය මහතා, එම බහු පාර්ශ්වීය ණය අඛණ්ඩ ව ගෙවීමට කටයුතු කළ බව ද මෙහි දී සඳහන් කළේ ය. කෙසේ වෙතත් ද්වි පාර්ශ්වීය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඉතා සාර්ථක ව මේ වන විට පැවැත්වෙමින් ඇති බවත්…
පදියතලාව පොලිස් වසමේ වාහන සේවා ස්ථානය ආසන්නයේ ළිඳක තිබී සැක කටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු ව ඇත. මරණකරු පසුගිය 16 වැනි දා රැකියාව සඳහා ගොස් සිට නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඊයේ (17) පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. එම පැමිණිල්ල මත සිදු කරන ලද විමර්ශනයේ දී මරණකරු සේවය කළ වාහන සේවා ස්ථානය ආසන්නයේ ළිඳක ඔහුගේ සෙරෙප්පුවක් තිබීම හේතුවෙන් ළිඳ පරික්ෂා කිරීමේ දී එම පුද්ගලයාගේ මෘත ශරීරය හමු ව තිබේ. මිය ගොස් ඇත්තේ, හරස්ගල – මහඔය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
කොටදෙණියාව – වරාදල ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊයේ (17) දහවල් කලායේ දී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. එසේ මිය ගොස් ඇත්තේ, තලම්මැහැර – පන්නල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. මරණකරු ඥාති නිවසක ළිඳක් ඉසීමට පැමිණ එම වැඩ අවසන් කර මා ඔයේ දිය නෑමට ගොස් සිටිය දී එම අනතුරට ලක් ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ අතර, දඹගල්ල පොලිස් වසමේ කෑදැත්තා ඔයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව ඇත. එසේ මිය ගොස් ඇත්තේ, 62 හැවිරිදි ඉඟිණියාගල – නාමල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර,සබරගමුව, පළාත්වලට අද පස්වරු 4.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු මැද, වයඹ,ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සහ අදාල වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයකු ඇතුලු සැකකරුවන් දෙදෙනකු ඊයේ (17) දින අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. වෙඩික්කරුවන් දෙදෙනා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මුදල් කොල්ලයෙන් පසු පූගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතුව තිබූ රත්‍රං ආභරණ කිහිපයක්ද කොල්ල කා පලා ගොස් අදාල ව්‍යාපාරිකයාට අයත් අවන්හලක යතුරු පැදිය සගවා තිබූ බවත් පොලිසිය පවසයි. එම වෙඩික්කරු ඇතුලු දෙදෙනාට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයකු ද අත් අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන 39 හැවිරිදි පුද්ගලයකු සහ 44 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් දෙදෙනා…
මහජන සුභ සිද්ධිය, ජාතික ආරක්‍ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායිත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් බව නොරහසකි. එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බව ත්‍රෛනිකායික මානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ . තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, මල්වතු පාර්ශවයේ මහානායක ,වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක ,කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ සභාපති , මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපිය මෙසේයි . එම ක්‍රියාපාටිය තුළ විනිවිද භාවයක් නොමැති වීම මෙන්ම මහජන අදහස් හා යෝජනා පිළිබඳව…
දහඩිය මහන්සියෙන් වැඩ කරන ගොවි පරපුරේ සහ පෞද්ගලික අංශයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට සහ ඔවුන්ට සාධාරණත්වයක් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරන්නට රාජ්‍ය යන්ත්‍රණයට යුතුමක් සහ වගකීමක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. පොළොන්නරුව ඇතුළු සියලු ගොවි ජනතාව සහ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව තම දහඩිය මහන්සියෙන් උපයන මුදලින් රාජ්‍ය අංශයේ සියලු දෙනාගේ වැටුප් ගෙවන බව හොඳින් මතක තබා ගත යුතු බවද එජාප සභාපතිවරයා කීය. එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සම්මේලනය අමතමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්විණි. “රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර ගත්තේ බංකොලොත් වූ රටක්. කඩා වැටුණු රට…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වන ශිරාන් බාෂික්ගේ ගෝලයකු හෙරෙයින් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . ශිරාන් බාසික් නැමැත්තාගේ ලේ ඥාතියකු ද සැකකරු සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී මෝටර් රථ 03 ක යතුරු තිබූ අතර එම මෝටර් රථ 03 පරික්ෂා කිරීමේදී මෝටර් රථ 03 ක තිබූ හෙරොයින් ග්‍රෑම් 19 ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, ශ්‍රී ලංකා මුදල් රුපියල් 290.00 ක් සහ ඩිරාම් මුදල් 535 ක් සහ ඩොලර් 161 ක් රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක් සොයාගෙන අත්අඩංගුවට ගන්නා ලද…
