Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කුමන බාධා පැමිණියත් උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි. අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ බව සඳහන් කළේය. “ජනවාරි 04 සිට උසස් පෙළ විභාගය ආරම්භ කරනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25ක සිටින උසස් පෙළට පෙනී සිටින දරුවන්හට අවහිරයකින් තොරව, මොන ආපදා පැමිණියත් ඔවුන්ට විභාග මධ්‍යස්ථානයට පැමිණීමට සහ කරදරයකින් තොරව විභාග ලිවීම සඳහා කටයුතු කිරීමට අපදා කලමනාකරණ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අනෙකුත් ආයතන සමග එක්වී කටයුතු කරනවා.” උසස් පෙළ විභාගය ජනවාරි මස 04 වැනි දා සිට 31 වැනි…
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සඳහා නව විෂයන් ලබා දී තිබේ. බන්ධනාගාර කොමසාරිස් කර්මාන්ත ලෙස කටයුතු කළ අජිත් බස්නායක මහතා බන්ධනාගාර කොමසාරිස් පාලන ලෙස ද, බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන ලෙස කටයුතු කළ ගාමිණී බී දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් සහ බුද්ධි හා ආරක්ෂණ ලෙස ද පත්කර තිබේ. මීට අමතරව බන්ධනාගාර අධිකාරීවරුන් කිහිපදෙනෙකුගේ ද විෂය පථයන් වෙනස් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේය. බන්ධනාගාර අධිකාරී සහ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 14දෙනෙකු සඳහා ද ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. එමෙන්ම වැඩ ආවරණ සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් ලෙස 11 දෙනෙකු සඳහා නව පත්වීම් සමග ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බව වාර්තා වේ. බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරුන් 20 දෙනෙකු ද ස්ථාන…
2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අවසානයේ දී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය. “අපි අස්වැසුම පුළුල් කරන්න කටයුතු කළා. මේ වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙන්නේ 1,410,000කට ගෙවීම් සිදුකරන්න. ඒ ගෙවීම් අපේ ඉහළම උද්ධමනයක් තිබුණ මාසයට සාපේක්ෂව තමා සිදුකරලා තියෙන්නේ. ඒ අනුව ඉදිරියේ දී තවදුරටත් එහි පවතින දුවර්ලතාත් මඟහැරගෙන ජනවාරි මාසයේ අග එහෙම නැත්නම් පෙබරවාරි මාසයේ මුල නැවත අස්වැසුම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට එකපැත්තකින් ආර්ථිකය නැවත ප්‍රකෘති වීමක් සිදුවෙනවා.…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ, අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බවය. “කාංචනට ඕනේ රනිල් එක්ක එකතුවෙලා මේක විකුණන්න. පාර්ලිමේන්තුවේ දී හිතුවක්කාර විදියට මේක සම්මත කරනවා නම්, එදාට ලංකා විදුලිබල මණ්ඩලයේ දැවැන්ත වර්ජනයකට යනවා. අපි ඒකමතික තීන්දුවක් ගත්තා තෙදිනක් ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පවත්වන්න. වහාම මේ වනත හකුළ ගනින් කියලා. නොසලකා හිටියොත්, අපි විවෘත අභියෝගයක් කරනවා කාංචනට. පුළුවන් නම් මේක පාර්ලිමේන්තු…
2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වත්මන් ආර්ථිකය නිසා ජනතාවට අපහසුතා තියෙන නමුත් මේ තත්වය අවම කර තව මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන බව අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවෙි 2024 නව වසරට සුබ පැතුම් එක් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
සුරාබදු ඊයේ (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. මෙම සුරාබදු ඉහළ නැංවීමත් සමඟ මත්පැන් මිල තව දුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.
ජපන් භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, විදුලි බල සැපැයුම් ද අඩපණ වී ඇති බවත් වාර්තා වේ. නිවාස රැසක් මුළුමනින්ම බිමට සමතලා වී තිබේ. ඒවා තුළ බොහෝ දෙනකු සිරවී සිටින බව වාර්තා විය. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ බොහෝ දෙනකු පණ පිටින් වැළැලී ගිය බවය. භූමි කම්පාවෙන් මාර්ග බොහොමයක් ඉරිතලා ගොස් තිබුණු බැවින්, ගමනා ගමන කටයුතු අඩපණ විය. 35,000 ක පිරිසක් විදුලි බලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ. භූමි කම්පාවෙන් දෙදෙනකු මියගිය බවත්, තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවැසෙයි. විපතට පත්වූවන්ට ආධාර දීමට ජපන් රජය හමුදාව…
පස්සර මඩොල්සිම මාර්ගයේ මැටිගහතැන්න තිස් වැනි කිලෝමීටර් කණුව අසල මාර්ගය පාර මැදින් පුපුරා විශාල ලෙස ගිලා බැසීමට ලක්වී ඇති අයුරු මෙහි ඇති ඡායාරූපයෙන් දැක්වේ. මේ තත්ත්වය යටතේ මෙම මාර්ගයේ බිබිල ඩිපෝව මගින් ධාවනය වන ඇකිරිය බස් රථය සහ බදුල්ල ඩිපෝවෙන් ධාවනය වන පස්සර හරහා ඇකිරිය යන බස් රථ මේ දිනවල ධාවනය වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. පවතින වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මෙම මාර්ග ගිලා බැස තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත්වූ වසන්තා පෙරේරා මහත්මිය ඊයේ (01) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය. අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධූරයේ කටයුතු කර ඇති ඇය මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද සේවය කර ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු වන වසන්තා පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.
කොස්ලන්ද වෙලන්විට අක්කර සීය ප්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබූ වයෝවෘද්ධ අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් ඊයේ (1) පස්වරුවේ සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි . නිවස අසල ගෙවත්තක තිබූ වයෝවෘද්ධ කාන්තාවගේ මළසිරුර හමුවී ඇති අතර නිවසට විදුලිය සපයන විදුලි වයරයේ කැඩී ගිය වයර් කොටස් දෙකක් ඇය අතින් අල්ලාගෙන මියගොස් සිටි බවත් එම මළසිරුර බෙහෙවින්ම නරක්වී දුගඳ හමමින් තිබිණැයි පොලිසිය කීය . අනෙක් වයෝවෘද්ධ පුද්ගලයා ගේ මළසිරුර නිවසට පිවිසෙන මාර්ගය අසල තිබියදී හමුවි ඇත. මෙසේ මියගොස් ඇත්තේ කොස්ලන්ද වෙලන්විට අක්කර සීය පදිංචිව සිටි ආර් .ඩ්.විමලාවතී (63) සහ උඩනිලමේගෙදර ගුණදාස (70) යන දෙදෙනා බවද පොලිසිය පවසයි . මෙම වයෝවෘද්ධ අඹුසැමි යුවළ පමණක් නිවසේ සිට…