Author: LANKA24X7

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවැති දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 72 ක පහසු ජයක් ලැබූහ. ඒ අනුව ශ්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 188 ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානු පිල ඕවර 17 කදී ලකුණු 115 කට සීමාවිය. ඇන්ජලෝ මැතිව්ස් සහ බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඇෆ්ගනිස්තාන් ඉදිරි පෙළ ප්‍රබල පිතිකරුවන් දවාගැනීමෙන් ජයග්‍රහණය පහසු විය. ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව් දස්කම් දැක්වමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 6 ට 187 (පැතුම් නිස්සංක 25,…

Read More

මීගමුව පිටිපන ලෙල්ලම අයිතිය නැවත පවරා දෙන ලෙස ඉල්ලමින් අගරදගුරු හිමියන් අධිකරණය වෙත ගියේ එහි ආදායම පුළුල් ධීවර පිරිසකට හිමිකර දීමේ අදහසින් මිස පෞද්ගලිකව අයිතිකර ගැනීම සඳහා නොවන බවත් එම ධීවර මධ්‍යස්ථානය වසර ගණනාවක් සිට පිටිපන එක්සත් ධීවර සමිතිය යැයි කියගන්නා පුද්ගලයන් කීපදෙනෙක් පමණක් භුක්ති විදින බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (19) පස්වරුවේ පැවසූහ. ලෙල්ලමේ පාලනය සහ කළමනාකරණය වඩා විනිවිදභාවයකින් යුතුව සිදුකළ යුතු බව කියන ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙම සිද්ධිය පිළිබඳව ඇතැමුන් පවසන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ධීවර ප්‍රජාවගෙන් සහ මෙරට පොදු ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බව ද…

Read More

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා දේශපාලන නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ නියෝජිතයින් අතර හමුවක් පැලවත්ත ජනා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19) පැවැත්විණි. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ පා ඇති ගැටලු සහ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් ආර්ථික අර්බුදය විසඳීම සම්බන්ධයෙන් වන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශයන් පිළිබඳවද අවධානය යොමු කළ බවත් එම පක්‍ෂය පැවසීය. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ පළමු ලේකම් මැතිව් වර්ඩින්හම්, දේශපාලන කටයුතු පිළිබඳ දෙවන ලේකම් ඇලෙක්ස් ස්මිත් සහ දේශපාලන උපදේශක නෙලුනි තිලකරත්න, ජාතික ජන…

Read More

මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 115, 328 කි. ගෙවුණු දිනයන් අතර පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9443 කි. එය ගෙවී ගිය දිනයන් අතර පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව බවට වාර්තා වේ. ගෙවී ගිය සති 15 කාලයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 16,701 ක් ලෙස දැක්වේ.

Read More

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම හා විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් සමගි ජන බලවේගය පක්ෂයට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (19) නිකුත් නිකුත් කළේය. සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු, සඳුන් විතාන මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු ට මෙම වාරණ නියෝග ය නිකුත් කළේය. සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් කියා සිටියේ, හිටපු හමුදාපති…

Read More

අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 2024 වසරට අදාල පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. පාසල් දිවා ආහාර වෙනුවෙන් රුපියල් බිලියන 16ක් අය වැය මඟින් වෙන්කර තිබෙන අතර ඊට අමතරව දරුවන් ලක්ෂ දෙකකට දිවා ආහාරය ලබාදීම වෙනුවෙන් USAID ආයතනය මඟින් ගිවිසුම් අත්සන් කළ බව අමාත්‍යවරයා කීය.

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගිවිසුම්ගත පාර්ශ්වයට නොගෙවා තෙවැනි පාර්ශ්වයකට ගෙවීමේ චෝදනාවට ගොනුකර ඇති නඩුවට අදාලව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම රුපියල් මිලියන 100 ක ශරීර ඇපයක් මත මාර්තු 2 වැනිදා තෙක් තාවකාලිකව ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (19) නියෝග කළේය. ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් අධිකරණයෙන් කළ ඉල්ලීමට අවසර දෙමින් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙලෙස නියෝග කළේය. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාලට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය…

Read More

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින් බරපතළ ප්‍රකාශයක් බවත් කැබිනට් ඇමැතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොලඹදී අද (19) පැවැසීය. මෙරට ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වන එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි අප්‍රසාදය පළ කරන බවත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය. ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටස් ලෙස හඳුන්වන එම ප්‍රකාශය හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා වහාම ඉල්ලා අස්කර ගත යුතු බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.

Read More

තමාට ස්ථාන මාරුවක් ලැබුණොත් කිසිදු පැකිලීමකින් තොරව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීමට තමා සූදානම් බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. වෛද්‍ය බෙල්ලන මහතාට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ස්ථාන මාරුවක් ලබා දි ඇති බවට වාර්තා වන තොරතුරු පිළිබඳ “අද දෙරණ” ඔහුගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු පැවසුවේ මීට වසර එකහමාරකට පමණ පෙර තමාට බේරුවල රෝහලට ස්ථාන මාරුවක්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ලබාදුන් බවය. කෙසේවෙතත් එය ක්‍රියාත්මක නොවුණු බව සඳහන් කළ වෛද්‍යවරයා පැවසුවේ යළිත් වරක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් එම ස්ථාන මාරුව සක්‍රීය කිරීමට සූදානමින් පසුවන බවය. කෙසේවෙතත් මේ වනතෙක් තමාට ස්ථාන මාරුවක් ලැබී නොමැති බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා…

Read More

රජයේ ඉහළ තනතුරක් දරන නිලධාරිනියකගෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබුණේ මීට මාසයකට පමණ ඉහතදීය. ඉන් කියැවුණේ සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරවඇතුළු වී ඇති බවත් එම ගිණුම් යළි ලබාදීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස අවශ්‍ය බවට නාඳුනන පුද්ගලයකුගෙන් පණිවුඩ ලැබුණු බවත්ය. රජයේ නිලධාරිනිය සිය සැමියා වෙනුවෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දැරූ සැමියා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතව සිටි බැවිනි. ඇයගේ පැමිණිල්ල භාරගත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඊට අදාළ විමර්ශන ඇරඹීය. මාසයකට ආසන්න කාලයක් ඒ වෙනුවෙන් වෙහෙසවීමේ අවසාන ප්‍රතිඵලය වූයේ සමාජ මාධ්‍ය උපයෝගීක කරගනිමින් මහා පරිමාණයෙන් කළ ජාවාරමක් පිළිබඳ…

Read More