Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආනයනික සහල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 65 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් මස 3 වැනිදා දක්වා රුපියලක් දක්වා ද, ආනයනික ලොකු ලූණු කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් මස 30 දක්වා රුපියල් 10 ක් දක්වා ද, අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට පහසු මිලට සහල් සහ ලූණු මිලදී ගැනීමේ අවස්ථාව දීමට සහ එම ඵම භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොල තුළ පවත්වා ගැනීම මෙම බදු…
බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් මිලියන 84 ක් වංචා කළ බව කියන සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 41 ක් වයසැති කිරිමැටියාව, ලුණුවිල ප්‍ර දේශයේ පදිංචිකාරිනියකි. මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කළමනාකරු විසින් ඉකුත් (1) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිනි අන්තර්ජාල බැංකු පහසුම යටතේ තම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඇයගේ සැමියාගේ බැංකු ගිණුම් දෙකකට රුපියල් මිලියන 33 ක් සහ සැකකාරියගේ ගිණුමකට රුපියල් මිලියන 13 බැර කර ඇති බව අනාවරණයවී තිබේ. ඒ අනුව…
පොල්ගහවෙළ යාංගල්මෝදර ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිවු දෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. පොල්ගහවෙල ප්‍රදේශයේ පාසක සිසුන් සිවු දෙනකු මෙසේ මියගොස් ඇත. මියගිය දරුවන් සිවු දෙනාගේ සිරුරු මේ වන විට ගොඩ ගෙන ඇත.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්‍ෂය පැවසීය. එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු භාර වන බව ද එම පක්‍ෂයේ උසස් නිලධාරියෙක් පවැසීය.
දිවයින පුරා සිඟමන් යදින වීථි දරුවන් 20,000ත් – 30,000ත් අතර පිරිසක් සිටින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසුවේ, කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඇතිවු ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවය. දරුවන් සිඟමනේ යෙදවීම ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව මේ සම්බන්ධයෙන් “අද දෙරණ” සමඟ අදහස් දක්වමින් ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා කියා සිටියේය. “අපි කරපු අධ්‍යයන තුළ පෙනී යනවා 2019 වනවිට 15,000කට ආසන්න ප්‍රමාණයක් මේ තුළ ඉන්නට පුළුවන් කියලා. 2019 පසුව පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය යන කාරණා නිසා මේ පිරිස 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක්…
මුදල් කොල්ලයකට කොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී පොලීසිය සමග සිදු වූ පොරබැදීමකින් කොල්ලකරුවකු මියගොස් තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි දිනේෂ් දුලාර නැමති වේරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඒ සමග සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය. වැඩි වටිනාකමකින් යුත් ජංගම දුරකථන අඩු මිලකට ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම පළකර එලෙස දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින් මංකොල්ලකන කණ්ඩායමක් පිළිබඳව පොල්ගහවෙල පොලීසියට ඊයේ (26) පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව අදාළ ජාවාරම්කරුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් තිදෙනෙකු අදාළ පැමිණිලිකරුවන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබෙනවා සිවිල් පුද්ගලයන් තිදෙනෙකු මෝටර් රථයක් තුළ සැඟවී ගොස් තිබේ. “එක්තරා පුද්ගලයෙක් facebook එක හරහා, දැන්වීම්…
අරගලකරුවන් විසින් 2022 මැයි 09 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළව වන්දි ගෙවීම් කඩිනමි කරන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා හානි පූර්ණ කාර්යාලයට හා තක්සේරු දෙපාර්තමේන්තුවට අද (27) උපදෙස් දුන්නේය. අමාත්‍යවරයා සඳහන් කළේ මේවනවිට ගිනි තබා විනාශ කරන ලද නිවාස 42කින් නිවාස 33ක් සඳහා හානි පූර්ණ කාර්යාලය මඟින් වන්දි ලබාදී තිබෙන බවයි. අරගලකරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි තබා විනාශ කළ සහ විවිධාකාරයෙන් හානි සිදුකළ නිෂ්චල හා චංචල දේපොළවලට අදාළ වින්ධිතයන්ට වන්දි ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත්…
ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වේ. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය. ඒ අනුව සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම සම්බන්ධයෙන් අද කොළඹ දී රැස්වන වෘත්තීය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව තිබේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා, “සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලක්ෂයකට අධික පිරිසක් ආර්ථික යුක්තිය වෙනුවෙන් පහුගිය දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ යෝජනාවලිය…
රට තුළ පවතින සාමකාමී වාතවරණය සංචාරක ව්‍යාපාරයට සෘජුව බලපාන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දකුණු පළාත තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් වෙඩිතැබීම් හේතුවෙන් සංචාරකයින් කම්පනයට පත්වන බව පොලිස්පතිවරයා සඳහන් කළේය. “පාතාල ක්‍රියාකාරකම් වගේ බිහිසුණු දේවල් නිසා, සංචාරකයින් බියට පත්වෙනවා. විශේෂයෙන් දකුණු වෙරළ ආශ්‍රිතව බෙන්තර ප්‍රදේශයේ, අහුංගල්ල, කොස්ගොඩ, රත්ගම හා හික්කඩුව වගේ ප්‍රදේශවල තියෙන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වලින් සංචාරකයෝ කම්පනයට පත්වෙලා තියෙන්නේ. යුරෝපයේ වගේ රටවල්වල මිනිස්සු බොහෝම සාමකාමී පරිසරවල ජීවත් වෙන්න කැමති අය. ඒ මිනිස්සු ඇවිල්ලා මෙහෙ වෙඩි තියෙන ඒවා දකිනකොට ඒ මිනිස්සු කම්පනයට පත්වෙනවා. සදාකාලිකව ඒ මිනිස්සු ආය මෙහෙ එන්නේ නැති වෙයි. ඒ නිසා නීතිය සාමය පවත්වාගෙන යෑමත්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හිතකර වායුගෝලී තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ ප්‍රදේහවලට සවස 2.00 පසු වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව,වයම සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්තානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වන බව ද කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ දකුණු පළාත්වලට උදෑසන කාලයේදී වැසි වාර කීපයක් ඇති වේ.
