Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු ඊයේ (13) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල බටේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි විවාහක නර්ථන පන්ති ගුරුවරයෙකි. සැකකරු විසින් තම නර්ථන පන්තියට පැමිණි දැරියන්ගේ ලිංගික අවයව අත පත ගාමින් ඔවුන්ව කාමර තුලට රැගෙන ගොස් අතවර කිරීම් සහ වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය ඡායාරූප යවමින් අපයෝජනයට ලක් කර ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි. සැකකරු සම්බන්ධයෙන් මෙවැනි ලිංගික අපයෝජනය කිරීම් වලට තලංගම සහ නවගමුව පොලිසි වලටද පැමිණිලි ලැබී ඇතැයි ද හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත්…
පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයා ටලිපියක් යොමු කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය හරහා භාවිත කරනබවද අගවිනිසුරුවරයා තවදුරට ත් සඳහන් කර තිබේ.
පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රාජකීය වැඩකටයුතු වලින් දුරස්ව සිටි කේට් කුමරිය අද (14) පැවැත්වෙන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියේ අවසන් තරඟය නැරඹීමට පැමිණෙන බව කෙන්සින්ග්ටන් මාලිගය තහවුරු කළේය. අවසන් තරඟය අද (14) කාර්ලෝස් ඇල්කරාස් සහ නොවැක් ජොකොවික් අතර පැවැත්වෙන අතර එහිදී ජයග්රාහකයාට කුසලානය පිරි නැමීමට කේට් කුමරිය කැමැත්තෙන් පසුවන බවද කෙන්සින්ග්ටන් මාලිගය නිවේදනය කළේය. පසුගිය මාර්තු මාසයේදී තමන් පිළිකා රෝගයට ගොදුරු බව කේට් කුමරිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මහජනතාව ඉදිරියේ පෙනී සිටින දෙවැනි අවස්ථාව මෙය වේ. කේට් කුමරිය ටෙනිස් ක්‍රීඩාවට හපන්කම් දක්වන්නියක් බවත් ඇය ටෙනිස් ක්‍රීඩාවට බොහෝ ප්‍රිය කරන බවත් කෙන්සින්ග්ටන් මාලිගය පැවැසුවේය.
‘මට වෙඩි තිබ්බා. වේදිකාවේ කතා කරමින් සිටිද්දී, මට වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.’ යැයි වෙඩි ප්‍රහාරයට ලක් වී කඩිනමින් රෝහල්ගත කළ ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කරමින් පැවැසුවේය. නොවැම්හිබරයේ පැවැත්ටවෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් මැතිවරණ රැළියක් අමතද්දීය. ‘මම මගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් ස්තුතිවන්ත කරනවා. ඔවුන් සැණින් මට ආරක්ෂාව දුන්නා. වහා ක්‍රියාත්මක වී…
දුම්රිය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩ වර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම ලොකු කුඩා වැඩ වර්ජන හේතුවෙන් රටට සෘජුව හා වක්‍රව සිදුවී ඇති පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි ලක්ෂය ඉක්මවන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ඉහත කාල සීමාවේදී වැඩ වර්ජන වැඩි වශයෙන් සිදුවී ඇත්තේ දුම්රිය, විදුලිය, සෞඛ්‍ය සහ අධ්‍යාපන යනාදී ක්ෂේත්‍රවලය. මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් කරගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති පාඩුව දළ වශයෙන් කෝටි1200 ඉක්මවන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා…
පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව ” නිදහසේ නවාතැන” සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අද දක්නට ලැබිණි. ” අපේ අයියේ…… එක එක්කෙනා එවනවා අපි එනකම් බලාගන්න…. යනුවෙන් මධුෂ් ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර පහතින් කේ. පි. අයි. යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර ඇත. ඉකුත් 8 වෙනිදින අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් ටි 56 ජීව උන්ඩ වල ද සටහන්ව තිබූනේ කේ. පි. අයි. යනුවෙනි. මා කඳුරේ මදුශ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ්…
හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු අද (13) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. මෙම සොරකම් ඉකුත් ජුනි 22 දා රාත්‍රි සිදුව තිබුණි. එහිදී සැකකරු ලැප් ටොප් යන්ත්‍රයක්, ටැබ් 02, වටිනා අත් ඔරලෝසු පහක් ,අත් පලදනා හතරක් , කනේ පළඳින මුදු දෙකක් රුපියල් දස දහසක මුදලක් සොරාගෙන තිබූ අතර පසුව එම භාණ්ඩ සැකකරුගෙ නිවසේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සමග සොරකම සඳහා භාවිතා කළ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර කොට්ටාව තලංගම මහරගම පොලිස් වසම් වල නිවෙස්…
අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් LTL සමූහ ව්‍යාපාරය විසින් මෙම විදුලි බල පද්ධතිය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එළඹෙන ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් අවශ්‍ය බව මුද්‍රණයාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමට දන්වා ඇත. ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු විය හැකි බවද ඇය සඳහන් කර තිබේ. මේ වන විට එම මැතිවරණයට අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කර ඇතැයිද ලියනගේ මහත්මිය පැවසුවාය.
රඹුක්කන පුවක්මොටේ විහාරස්ථනයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සැතපෙන බුදු පිළිමයක් සොරාගත් බව කියන හිමිනමක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මිලකළ නොහැකි බව කියන මෙම බුදු පිළිමය සොරාගත් බව කියන පොලිස් බාරයට ගෙන ඇත. පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් සහ බුදුපිළිමය සොයාගත් බව රඹුක්කන පොලිසිය කියයි.
