Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන්ට ජාතියේ කෘතගුණ සැලකීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ඒ අනුව මෙම උත්සවය මැයි 19 වෙනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම යුද්ධයේ දී තුවාල ලැබූ රණවිරුවන් හා දිවි පිදූ රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා (10) මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා. ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ, ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ට දේශපාලන බලපෑම් එල්ලවීම සම්බන්ධයෙන් පවතින පැමිණිලි පිලිබද සොයා බැලීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නියෝජ්‍ය සභාපතිවරයාගේ මෙම සංචාරය පිළිබඳ තමන්ව මෙතෙක් දැනුවත් කර නොමැති බව අප කළ විමසීමක දී ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළා. එමෙන්ම තමන් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ලිපියක් යොමු කල අවස්ථාවේ දී මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට දේශපාලන බලපෑම් ඇති බවට සොයා බැලීමට අවශ්‍යතාවයක් නොමැති බවට ඔවුන් පිළිතුරු ලිපියකින් දැනුම් දුන් බවයි ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ එම පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන්. (07) රැස් වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බවයි වාර්තා වී ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවයි එම පක්ෂය නිවේදනය කළේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
නිසි අවසරයකින් තොරව මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. මහනුවර පොලිසිය සඳහන් කළේ, අදාළ චීන ජාතිකයින් දෙදෙනා ඩ්‍රෝන යානය ගුවන්ගත කිරීමට උත්සහ කරන බවට ඇතිවූ සැකයක් මත ඊයේ (08) දින උදෑසන මහනුවර පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බවයි. අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට ද පොලිසිය පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එහි ශ්‍රී දළදා මාලිගාව හෝ ඒ ආශ්රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නොගැනීමටයි පොලීසිය පියවරගෙන තිබෙන්නේ. මේ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන්…
කළුතරදී 16 හැවිරිදි දැරියකගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 29 හැවිරිදි ඔහු මීට සුළු මොහොතකට පෙර ගාල්ලේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගුවන් ගමන් පාලකවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ගුවන් යානා මෙහෙයුම් කටයුතු සදහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණයි. ඒ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති බවයි වාර්තාවුණේ. කටුනායක, මත්තල, රත්මලාන, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවල ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි. ගුවන් පාලකවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24 ම සේවයේ නිරතවීමට සිදුව තිබෙනවා. පවතින ගැටළුවට ලබාදෙන විසඳුම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ…
අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී තිබේ. ඒ අනුව දැරියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය. එමෙන්ම මියගිය දැරියට යම් ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවට සැක කළ හැකි සාධක පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. “මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. මෙවැනි සිදුවීම්වලින් අනතුරුව නීතිය බලාත්මක කිරීම තුළින් පමණක් දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නෑ. දෙමාපියන්ට, භාරකරුවන්ට සහ ඥාතීන්ට විශාල වගකීමක් තියෙනවා මේ නව යෞවන වයසේ පසුවෙන දරුවන්ගේ ආරක්ෂාව සලසා දීමට. විශේෂයෙන්ම තරුණ දියණිවරු ඉන්න…
ජුනි මස 15 වනදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිදුනොකරන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබේ. ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තිය සමිති ක්රියාකාරිකයන් දෙදෙනෙකු ඉදිරිපත්කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබුණි. මුදල් අමාත්‍යාංශයේ දී ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවය. කෙසේවෙතත් මෙම නඩුව කැදවන මීළඟ ජුනි 15 වනදා තෙක් අදාළ කොටස් පැවරීමක් නොකරන බවත් ඔහු අධිකරණයට ප්‍රතිඥාව ලබාදුන්නේය.
පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ විධිවිධාන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. මේ අතර රටපුරා පොසොන් උත්සව කටයුතු සම්බන්ධයෙන් සොයා බලා එම පින්කම් සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ද උපදෙස් දුන්නේය. අනුරාධපුර මිහින්තලා පුදබිම පාදක කරගනිමින් ප්‍රධාන පින්කම් සංවිධාන කරන අතර අනුරාධපුර සහ පොලොන්නරුව ඓතිහාසික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන් සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ කුමන අයුරින් දැයි සොයා බලා වාර්තා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත. රාජ්‍ය මැදිහත්වීමෙන්…