Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාළිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත්කර තිබිණි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව අද දින 2 සිට කුරුඳුවත්ත විහාර මහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව…
ගෘහ සේවකයන් ලෙස බඳවා ගැනීමේදී අය කරනු ලබන ගාස්තු අඩු කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ. පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උගන්ඩාව, කෙන්යාව සහ ඉතියෝපියාව ඇතුළු රටවල් කිහිපයක ගෘහ සේවකයන් සම්බන්ධයෙන් ඔවුන් එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පිලිපීනය සඳහා සෞදි රියාල් 15,900 සිට 14,700 දක්වා, ශ්‍රී ලංකාව සඳහා සෞදි රියාල් 15,000 සිට 13,800 දක්වා, බංග්ලාදේශය සඳහා සෞදි රියාල් 13,000 සිට 11,750 දක්වා, කෙන්යාව සඳහා සෞදි රියාල් 10,870 සිට 9,000 දක්වා, උගන්ඩාව සඳහා සෞදි රියාල් 9,500 සිට 8,300 දක්වා සහ ඉතියෝපියාව සඳහා සෞදි රියාල් 6,900 සිට 5,900 දක්වා බඳවා ගැනීමේ ගාස්තු පහළ දමා ඇත. ගෘහ සේවකයන් ලෙස…
රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපොළ සොරාගැනීමේ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (16) දින උදෑසන සීදුව පොලිස් වසමේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ගල්කිස්ස පොලිස් කොට්ඨාස නිලධාරීන් විසින් 34 හැවිරිදි නව නගරය, ඇඹිලිපිටිය යන ලිපිනයේ පදිංචිකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ගල්කිස්ස පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 20ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම, දෙහිවල පොලිස් වසමේ අල්විස් පෙදෙස හා ඉන්වැන්ඩර්ඩ් ප්‍රදේශවල පිහිටි නිවාස 2ක් බිඳ මුදල් රුපියල් 12,000ක් හා පවුම් 6 හමාරක් බර රන් භාණ්ඩ සොරකම් කිරීම, බම්බලපිටිය ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ තිබූ…
ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා. ඔය කියන ටයි කෝටි කාරයෝ හෝ කියන කවුරුත් එන්නේ නෑ. එන අය එන්නේ පස්සේ. ආර්ථික අමාරුකම් තියෙනවා කීවට උන් පවුල් පිටින් රට යනවා. යන්නේ ෆස්ට් ක්ලාස්. ගිහින් ඉන්නේ හොද හෝටල්වල. මේවා නතර වෙන්න ඕන. මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්ද තියන්නත් ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ හොද නරක දෙකම තියෙනවා .කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඉන්නේ අමාරුවෙන් ඉන්නේ. ජනතාව අසරණයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩභාර නිලධාරීන්ගේ ඇතැම් කාර්යාලවලට සේවකයන් සපයන පෞද්ගලික සමාගම්වලින් සේවකයන් ගන්නා බව පවසමින් මුදල් වංචාවක් වන බව එම මණ්ඩලයේ සේවකයෝ පවසති. කොළඹ දිස්ත්‍රිකය ඇතුළු දිස්ත්‍රික්ක රැසක වැඩභාර නිලධාරීන්ගේ කාර්යාල කීපයකම ප්‍රධානීන් සේවකයන් දෙදෙනා බැගින් පෞද්ගලික සමාගම්වලින් බඳවාගත්තේ යැයි පවසමින් ඔවුන්ට හිතවත් පුද්ගලයන්ගේ නම් එම මණ්ඩලයට යොමුකර වැටුප් ගන්නා බවත් ඇතැම් වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලවලින් වසර දෙක තුන එවැනි දීර්ඝ කාලයක සිට මෙම වංචා ආකාරයට මුදල් ගන්නා බවත් සේවකයෝ කියති. කොළඹ නගරයේ වැඩභාර නිලධාරීන්ගේ කාර්යාලයක් එය පාලනය කරන ප්‍රාදේශීය ලොක්කෙකුගේ පූර්ණ ආශීර්වාදයෙන් මෙම වංචාව ක්‍රියාත්මක කරන බව කී සේවකයෝ එම සාමූහික වංචාවක් හැටියට ක්‍රියාත්මක වන බව…
විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කටාර් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් 450000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු…
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්‍රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් අබෙිවර්ධන මහතා අවධාරණය කළේය. වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (16) ජනාධිපති මාධ්‍ය…
කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළ දී කිඹුලෙක් දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු ඇදගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි. මෙම සිද්ධියට මුහුණ දුන් දරුවා තම මිත්තණිය සමඟ රෙදි සේදීමට සහ දිය නෑම සඳහා අදාල තොටුපළට පැමිණ ඇති බවත් මිත්තණිය රෙදි සෝදන අතරේදී දරුවා ඇයට මීටර් පහක් පමණ දුරින් කැළණි ගඟේ බැස සිටින අතරතු එක්වරම කිඹුලා දරුවා ඩැහැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කඩුවෙල වැලි වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචිව සිටි දිස්න පෙරේරා නමැති නව හැවිරිදි පිරිමි දරුවෙකි. සිද්ධිය සැලවීමත් සමඟ අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ දරුවා කිඹුලාගේ කට…
කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට) බවුසරයකින් දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත් ගින්නක් තත්පර 25 ක් වැනි සුළු කාලයකදී මැඩ පැවැත්වීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළකී ගියේය. පෙට්‍රල් ඉන්ධන රැගෙන ආ බවුසරය ටඩාන්ගය අසල නවතා ඉන්ධන යොමු කරමින් සිටියදී බවුසරයේ නලය හා ටඩාන්ගයේ යකඩ බට අතර ගැටී අඩි පහළොවක් පමණ උසට ඒ තුළින් නැගී ආ විශාල ගිනිදැල්ලක් බවුසරයේ ඉහළටම වන්නට හටගෙන ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකයෙක් පැවසීය. තෙල් ගොඩ බාන අතරවාරේ එම කටයුත්ත කෙරෙහි සුපරික්ෂාකාරීව සිටි බවුසරයේ රියදුරු, සහායක සහ ඉන්දන හලේ සේවකයන් ගින්න හට ගැනීමත් සමගම බවුසරය එම ස්ථානයෙන් වහා ඉවත් කිරීමට පියවර…
ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. මෙසේ මරණයට පත් වී ඇත්තේ පෝරුව – දණ්ඩ, මාපුටුගල මානෙල් උයන පදිංචිව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිසානායක මුදියන්සේලාගේ හසිනි භාග්‍යා නැමති තරුණියයි. දැඩිසත්කාර ඒකකයට යොමු කර තිබූ තිබූ අතර ඇයට ඒ වන විට සිහිය නොමැති වී ඇති බව මාපියන් පවසති. එහිදී තරුණියව විවිධ පරීක්ෂණවලට යොමු කර තිබූ වෛද්‍යවරු ඇයට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සනාථ කරගෙන තිබිණ. එලෙස දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණිය ඊයේ (16) අළුයම…