Author: LANKA24X7

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු භාරත් අරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු භෞතචිකිත්සක ඇලෙක්ස් කුන්ටූරි යන මහත්රුන්ගේ සේවය ද ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. මෙම ප්‍රවීණයන් තිදෙනා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට නියමිත අතර ඔවුන්ගේ සහභාගිත්වයෙන් විවිධ ප්‍රදේශවල විශේෂ පුහුණු වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.

Read More

කොළඹ හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව කර ඇති යෝජනාව සම්බන්ධයෙන් එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි පැවැසෙයි. හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට විරෝධතාවයක් ඇතොත් ඉදිරිපත් කරන ලෙස පවසමින් කොළඹ මහ නගර සභාව විසින් එහි පදිංචිකරුවන් වෙත දැනුම්දීමක් කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ ඔමාර් කමිල් මහතා ප්‍රකාශ කළේය. හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි එම දැනුම් දීමේ සඳහන් වන බව කමිල් මහතා පෙන්වා දුන්නේය. නමුත් කොළඹ මහ නගර සභාව වසරක…

Read More

ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය. යම් පුද්ගලයකු පදිංචි අතහැර යන්නේ නම් හෝ අලුතින් නිවෙසකට පදිංචියට පැමිණෙන්නේ නම් එම පුද්ගලයන්ගේ තොරතුරු සියල්ල ප්‍රජා පොලිස් කමිටු මගින් පොලිසියේ වාර්තා විය යුතු බව පොලිස්පතිවරයා කීය.

Read More

අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැම්ණි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු ඊයේ (18) දහවල් අම්බලන්ගොඩ නගර මධයයේදී ගිනි අවියක් සහ එයට දැමිය හැකි පතුරම් දාහතරක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති. සැකකරුවන් පැමිණි යතුරු පැදිය ද මේ සමගම අත් අඩංගුවට ගෙන තිබේ. දැනට විදේශගතව සිටින අහුන්ගල්ලේ හා බළපිටියේ පාතාල කෙරුමන් දෙදෙනකු දුන් කොන්තාත්තුවකට අනුව මාළු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පැමිණ ඇති බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලා කොළඹ පන්නිපිටියේ පදිංචි අයකු බව අනෙක් සැකකරු බලපිටියේ පදිංචි අයකු බවත් පොලීසිය කියයි. ඔහු සිය බිරිදගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක සැකකාරුවකු බවද පොලීසිය…

Read More

සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. සීනි වංචාවෙන් අපේක්ෂිත අය කර ගැනීම් හා ප්‍රමාදයන් පිළිබඳව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද කමිටුව උපදෙස් දී ඇත. සීනි ආනයනය සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සියයට 99.5කින් අඩුකර තිබියදීත් අදාල බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳවද කාරක සභාවේදී ප්‍රශ්න කෙරිණ. පාරිභෝගික භාණ්ඩ සඳහා බදු අඩු කිරීම හේතුවෙන් ඇතැම් විශාල සමාගම් වලට අසාධාරණ ලෙස ප්‍රතිලාභ ලබාගැනීම…

Read More

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ආර්ථික අර්බුදය විසඳා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද අමාත්‍යවරයා කීය. මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ (18) මේ බව සඳහන් කළේය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ යැයි ඔහු ප්‍රකාශ කර තිබූ බව මෙහිදී මාධ්‍යවේදියකු පැවසූ අතර ඊට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා කීවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුව ධම්මික පෙරේරා සමඟ එකඟතාවයකට පැමිණ නැති බවයි.එවැනි…

Read More

ස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගී වීම සඳහා උගන්ඩාවට පිටත්ව යාමට නියමිතව තිබේ. නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුවට හා G77 සහ චීනය, තෙවන දකුණු සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතව වන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව සඳහන්ය. “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාවෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතය. ‘G77 සහ චීනය’ තෙවැනි දකුණු සමුළුව…

Read More

කරාපිටිය රෝහලේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම සංගමය පෙන්වා දෙන්නේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් පසුගිය 16වන දා සිදුකිරීමට නියමිතව තිබූ පිළිකා ශල්‍යකර්ම සඳහා එදින පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබු බවය. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අදාළ අංශ දැනුවත් කර තිබු බව එම නිවේදනයේ සඳහන්ය. ඊට පසුදින (17) වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිල කාමරයට යමින් සිටින විට, ඔහුට එරෙහිව සෞඛ්‍ය සේවකයින් විසින් තර්ජනයක් එල්ල කර තිබූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ. මේ පිළිබදව අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ අංශවලින් ඉල්ලීමක් කරන බව එම…

Read More

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නල්ලතන්නිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. නල්ලතන්නිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී අදාළ මුදල් නෝට්ටු තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රීපාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන වෑන් රථයකින් පැමිණි රියදුරෙක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, වෙළෙඳසැල් හිමියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත අදාළ පුද්ගලයාව පරීක්ෂා කර තිබේ. එහිදි ඔහු සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 11ක් සහ ව්‍යාජ රුපියල් පන්සියයේ නෝට්ටුවක් සොයාගෙන තිබේ. සැකකරු පොලීසියට පවසා ඇත්තේ, තමාට වෑන් රථයේ ගමන් ගත් පිරිස මෙම මුදල් ලබාදුන් බවත් ව්‍යාජ මුදල් නෝට්ටු බව නොදැන එය ලබාගත් බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරු 43…

Read More

හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි. කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇත. ඊළඟට හමුවන සිංගප්පූරුව…

Read More