Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ තාක්ෂණික කරුණක් හේතුවෙන් මෙම ගැටලුව ඇතිවී ඇති බවත් මේ වන විට ගැටලුව විසඳා ඇති බවය. එම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම් දී ඇති බව කී විභාග කොමසාරිස්වරයා අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටියේ යැයි විභාගයෙන් පසුව කිසිවිටෙකත් සලකුණු නොවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය වසරට අදාල අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 6 වැනිදා ආරම්භවීමට නියමිතය. ඊට අයැඳුම් කරුවන් 452979ක් සුදුසුකම් ලබා ඇති අතර ඉන් 65,331ක් පෞද්ගලික…
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (3) පස්වරුවේ සමත් විය. එහිදි යුපුන් තත්පර 10.18 ක කාලයක් වාර්තා කළේය. නදීෂා රාමනායක එම තරගාවලියේ මීටර 400 කාන්තා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූහ.
2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි . ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර තුනට අදාලව රැකියා හිමිවේ. ඒ අනුව සාත්තු සේවා වෘත්තිය සඳහා ලාංකිකයින් 409 ක් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 804 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 1558 දෙනකුද පිටව ගොස් තිබේ. මීට අමතරව මැයි මාසයේ මුල් සති දෙකේ තවත් ලාංකිකයින් 172 ක් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව ඇත. 2023 වසරේ ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව…
මෙම වසරේ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ස්ථාන පහළොවක් පහළට පැමිණෙමින් 150 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙවර දර්ශකයේදී ශ්‍රී ලංකාව ලකුණු 35.21 ක් හිමිකර ගැනීමට සමත් වූවේය. දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් ඊයේ (03) මෙම දර්ශකය එළි දක්වනු ලැබුවේය. සෑම වසරකම එළිදැක්වෙන මෙම දර්ශකයට රටවල් 180 ක් ඇතුළත් වන අතර පසුගිය වර්ෂයේදී මෙම දර්ශකයේ 135 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 15 ක් පහළට පැමිණීමට ආර්ථික ,සමාජීය, දේශපාලන සහ ආරක්ෂක ආදී හේතුන් බලපා ඇතැයි දර්ශකයේ සඳහන් වේ.
“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බව කී වඩිවෙල් සුරේෂ් මහතා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්…
ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පැවසීය. ඊට අමතරව කෙටි ආහාරවල මිල ගණන් ද රුපියල් 10 කින් අඩු කළ බවත් ප්ලේන්ටී සහ කිරි තේ මිල සංශෝධනය නොකළ බවත් රුක්‍ෂාන් මහතා සඳහන් කළේය.
අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මේ බව නිල වශයෙන් දැනුම් දෙනු ලැබ ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය. ඉදිරි කාලයේදී සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට එරට රජය කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (අයි සී සී) විසින් ඊශ්‍රායල හමුදා සහ දේශපාලන නායකයින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ නිවේදන නිකුත් කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් කලබලයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඔවුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. පළවන වාර්තා අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද අයි සී සී ලැයිස්තුවේ සිටියි. “අල්ලා ගත් ප්‍රදේශවල” පසුගිය වසර තුන පුරා ඊශ්‍රායල හමුදා විසින් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පරීක්ෂණ සිදුකරමින් ඇති බව සඳහන් ය. ඉතා දරුණු අපරාධ සම්බන්ධඇත.යෙන් ජාත්‍යන්තර නීතිය යටතේ පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත් ඔවුන්ට එරෙහිව නඩු ඇසීමටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බලය ඇත. මීට පෙර…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට (04) දිනයේ විවෘතව තැබේ. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල පෙරවරු 8:30 සිට පස්වරු 1.00 දක්වා විවෘත කරනු ඇත. මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතුය. අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගත හැකි බවද දැනුම්දෙයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
