Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සහ IOC සමාගම සතු ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 361 ක් වෙනවා. එමෙන්ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 42 කින් වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 417 ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ද වැඩිවී ඇති අතර එහි නව මිල රුපියල් 341 ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 01 කින් ද වැඩි වී තිබෙන අතර, එහි නව මිල රුපියල් 359 ක් ලෙස…
අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නව ආර්ථික ක්‍රමවේද සමග 2048 වනවිට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී එය අත්‍යවශ්‍ය කරුණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. එසේම ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුරුවරුන්ට හා ශිෂ්‍ය නායකයින්ට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (31) පෙරවරුවේ මහනුවර නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවති තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමිනි. පාසල් සිසුන් අතර…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජුලි මාසයේදී එය සියයට 6.3ක් ලෙසට වාර්තා වූ බවය. එසේම අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය සියයට -4.8ක් දක්වා පහළගොස් ඇති අතර එය ජුලි මාසයේදී වාර්තා වුයේ සියයට -1.4ක් ලෙසටය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (01) දිනයේ බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් දන්වා ඇත. එම ප්‍රදේශවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පතොරම් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(30) දහවල් කාලයේ ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට පාර්සලයක් ලබාදෙන අවස්ථාවේ එ් සම්බන්ධව ඇති වූ සැකය මත අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ නගරයේ අපරාධ නිවාරණ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අදාළ පාර්සලය පරීක්ෂාකර ඇත. එහිදී එම පාර්සලය තුළ SG වර්ගයේ සජීව පතොරොම් 07ක්, T 56 වර්ගයේ සජීව පතොරොම් 03ක් සහ හිස් කොපු 05ක්, 84 වර්ගයේ සජීව පතොරොම් 01ක් තිබී හමුව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39,45 සහ 48 වයස්වල පසුවන අකුරණ, රම්බොඩ සහ අටබාගේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා ආරක්ෂ අංශ සෙබළුන් බව පොලීසීය සඳහන් කරයි.…
වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6,900කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ (30) සවස යටියන්තොට මලල්පොල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එම වාහනවලින් 3,000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන ආ ත්‍රිරෝද රථ හා ජීප් රථ බවය. එසේම ගිලන් රථ, පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට අවශ්‍ය රථ ආදි පොදු අවශ්‍යතාවයන්ට හැරුණූකොට වෙනත් කිසිදු වාහනයක් ගෙන්වීමට අවසර ලබා නොදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර පියවරෙන් පියවර ආනයන තහනම ඉවත් කිරීමට…
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැයි මස 9 වනදා දක්වා රට තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නීතිපතිවරයා විසින් විමර්ශනයක් සිදු කරන ලෙසටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ. මෙම කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබුණා. එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මැදිහත් කරගෙන විමර්ශනයක් සිදු කරන ලෙසටයි. මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටියා.
හය දෙනෙකුගෙන් පමණ සමන්විත වල් අලි රංචුවක් හේතුවෙන් ආරච්චිකට්ටුව, කුරුක්කුලිය ප්‍රදේශයේ කුරුක්කුලිය මහා විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. සිසු සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදුහල අද (31) දින තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම විදුහලේ ගුරුවරයෙක් පවසා සිටියේ අදාළ වල් අලි රංචුව ගම්මානයට කඩා වදින විටත් මෙම විදුහලට සිසු සිසුවියන් පිරිසක් පැමිණ සිට ඇති අතර එම සිසු සිසුවියන් මව්පියන් වෙත භාරදුන් බවයි. කෙසේ වෙතත් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වන අලි රංචුව පලවා හැරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන කහ උණ එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වාර්තා වෙනවා. එම නිසාම විදේශගතවන්නන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. මෙම එන්නත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට නොමැති වීම නිසා කහ උණ පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව කහ උණ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා එන්නත්කරණය කිරීම සාමාජික රටවල වගකීමක් වෙනවා. එවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමේදී සහ නැවත පැමිණීමේදී කහ උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් ලක් රජය ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කිරීම බරපතළ කාරණයක් බවට පත්ව තිබෙනවා.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක්ට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. අදාල රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙක් බවත් දැනගන්නට තිබේ. එම පුද්ගලයාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති බවත් එම රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 ක් පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ දුන් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.