Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඊශ්‍රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි. පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් මෙසේ ඉල්ලා ඇත්තේ ඊශ්‍රායලය දිගට හරහට ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් ජීවිතක්ෂයට පත් වීම නැවැත්වීමේ අරමුණ ඇතිවය. ඊශ්‍රායල බලධාරීන් සහ ඊශ්‍රායල හමුදාව යුද අපරාධ කරනවා යැයි ද පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා නගා තිබේ. මේ වනවිට පලස්තීන වැසියන්ට ලබා දෙන ආහාර, ජලය සහ විදුලිය නැවැත්වීමට ද ඊශ්‍රායලය පියවර ගෙන ඇත. එය ද යුද අපරාධයක් බවට චෝදනා එල්ල වෙයි.
ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත. ලාස්වේගාස් හි සැන්ටා බාබරා නගරයේ ඓතිහාසික ලොබෙරෝ රඟහලේ දී ඉකුත් 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැති මෙම උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සංජය නිර්මාල්ගේ ‘‘සිඩ්ස්’’ (Seeds) චිත්‍රපටයට සම්මාන දෙකක්ද Afdhel Aziz අධ්‍යක්ෂණය කළ “The genius of the place” චිත්‍රපටයට සම්මාන දෙකක් ද හිමිවිය. ඒ අනුව උළෙලේ හොඳම සංස්කරණයට හිමි සම්මානය Paul Vu සහ Hagden Blazටද, හොඳම නිර්මාණ සැලසුම් සම්මානය සුනෙත් මාලිංග ලොකුගේට ද grand Prix සම්මානය Afdhel zizට ද හිමිවීම…
පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) රාත්‍රී තීරණය කළේය. එසේම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමටද තීරණය කර ඇත. මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 356 ක් දක්වා පහළ යනු ඇත. මේ අතර පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 කි. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමෙන් එහි නව මිල…
ඇල්ල නගරයේ දී ඊයේ (31) රාත්‍රී වෙඩි තැබීමක් සිදුවී එක් අයෙකු තුවාල ලබා ඇතැයි ඇල්ල පොලීසිය කියයි. ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරි පිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලීසිය කියයි. තුවාල ලැබූ පුද්ගලයෙකු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහා රෝහලට මාරුකර ඇති බවත් පොලීසිය කියයි. මෙසේ වෙඩිවැදී ඇත්තේ සංචාරක හෝටලයක සේවකයෙකුට බවද පොලිසිය කියයි. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා යතුරු පැදියකින් පලා ගොස් ඇති බවත් ඔහු සොයා පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බවත් පොලීසිය කියයි.
රටේ යුද්ධයක් නොමැති අවස්ථාවක, සාමකාමී පසුබිමක් තුළ තම ගම්මානයට පිටස්තර ඥාතීන්ට හිතවතුන්ට මෙන්ම පරිත්‍යාගශීලින්ට දින කිහිපයක සිට පැමිණීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මාර්ග බාධක යොදා තිබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොලොන්නරුව මඩකළපුව මායිම්ව හේන් වගාවේ නිරතව ජීවත්වන දිඹුලාගල දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති. මීට දින කිහිපයකට පෙර මීරිගම ප්‍රදේශයේ ගුරුවරුන් දෙදෙනකු තම ගම්මානයේ දිළිඳු පවුල් කිහිපයකට වියළි ආහාර ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට එම ගමට ඇතුළත්වීමට යුද හමුදාව මගින් ඉඩ ලබා නොදී මාර්ග බාධක යොදා එය වැළැක්වීම කණගාටුදායක කරුණක් බවත් ගම්වාසීහු පෙන්වා දෙති. 1980 දශකයේ සිට දිවුලපතාන ගම්මානයේ සිංහල පවුල් අටසීයකට වඩා පිරිසක් හේන් වගා…
වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් මේ හරහා රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. වැට් බද්ද වැඩි කිරීමට ගත් තීරණය මගින් රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ජනතා වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී ඔහු කීවේය. එමෙන්ම වසරකට දෙවතාවක් පමණක් මිල වැඩ කළ හැකි බවට නිති තිබිය දී මාස 3න් 3ට…
ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අවස්ථාවන් ඉදිරියට ගෙන යාමට මෙන්ම නව ආයෝජන විවෘත කිරීමට රජය සහ පෞද්ගලික අංශය එක්ව කැපවී කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ලෝක සංවිධාන වල සහභාගීත්වයෙන් ඊයේ (31) පැවති වටමේස සාකච්ඡාවේදී පැවසීය. ආර්ථික ප්‍රකෘතියේ සහ ස්ථාවරත්වයේ කැපී පෙනෙන ප්‍රවර්ධනයක් සනිටුහන් කරමින් අර්බුදයේ සිට ප්‍රකෘතිමත්වීම පිළිබඳ දෙවන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. ආර්ථික වර්ධනයට අදාලව එක් එක් අමාත්‍යාංශ වෙත පැවරී ඇති කාර්යභාරය නිවැරදි හා අදාල කාලසීමාවට අනුව සිදුවනවාද යන්න සොයා බැලීමට ජනාධිපති ප්‍රගති සමාලෝචන ඒකකයක් පිහිටුවීමටත්, “ආර්ථික ලැබ්” සංකල්පය ඔස්සේ පෞද්ගලික අංශය ද ඒකාබද්ධ කර…
ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් හදිසි ඖෂධ මිලදී ගැනීම් හරහා රුපියල් කෝටි ගණනින් ඖෂධ අවභාවිතය සිදුකර ඇති බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් ඖෂධ ගෙන්වා විශාල මුදල් අවභාවිතයක් සිදුව ඇති බවට මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයකට එරෙහිව පුද්ගලික ඖෂධ සමාගමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ද අදාළ පුද්ගලික ඖෂධ සමාගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා…
අද (31) උදෑසන සහ සවස දුම්රිය ගමන්වාර 08ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියදුරන්ගේ හිඟය මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතුවී ඇති බවද වාර්තා වෙයි. 2017 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය රියදුරන් බඳවාගෙන නොමැති බවත් ඒ අනුව මේ වනවිට දුම්රිය රියදුරන් 150ක පමණ අඩුවක් පවතින බවත් තවදුරටත් වාර්තා වෙයි
හමාස් – ඊශ්‍රායල ගැටුම් නොනවත්වා සිදු වෙද්දී බොර තෙල් මිල සම්බන්ධයෙන් ද ඇත්තේ අවිනිශ්චිත බවකි. විදෙස් මාධ්‍ය පවසන්නේ ලෝක ආර්ථිකයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් මතුවන අවිනිශ්චිත බව නිසා බොර තෙල් මිල අඩුවන බවයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 89 දක්වා ද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84 දක්වා ද අඩුවී තිබුණි.