Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර, එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර තිබේ. අද උදෑසන 8.30ත් 8.40ත් අතර කාලයේ දී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.
අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා මාළු වෙළෙන්දකු ඝාතනයට පැමිණ අසාර්ථක වූ මෙහෙයුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස්ඇප් පණිවිඩයකින් මීට මාස හතකට පෙර කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට පොලිසිය සොයමින් සිටි යුද හමුදා ලාන්ස් කෝප්‍රල් වරයෙකු 21 දා කහතුඩුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහසයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි . මෙම ඝාතනය ඉකුත් 2023 ජුනි මාසයේදී කොස්ගොඩ ප්‍රදේශයේ දී සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය විමර්ශන සිදුකරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පිළිබඳව දිගින් දිගට විමර්ශනය කිරීමේදී එහි සිටි එක් සැකකරුවකුගේ මිතුරකු පසුගියදා බළපිටිය ප්‍රදේශයේදී…
ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරු ක්ෆ්ර් බිබාස්, පසුගිය 18 වැනිදා, සිය පළමු උපන් දිනය සැමරූ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි. ක්ෆ්ර් බිබාස්, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින්නේ මාපියන් සහ සිවු හැවිරිදි වැඩිමල් සොහොයුරා ද සමඟය. හමාස් සටන්කාමීන් මොවුන් ද පැහැරගත්තේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ඊශ්‍රායලට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය. ඊශ්‍රායලයේ සිටින ක්ෆ්ර් බිබාස් සහ ඔහුගේ පවුලේ අයගේ ඥාතීන්, ඉතා හැඟීම්බරව, පුංචි ක්ෆ්ර් බිබාස් පුතු වෙනුවෙන්, ඔහු නොමැතිව, විශේෂ උපන් දින සාදයක් පැවැත්වීමට ද කටයුතු කර තිබුණු බව වාර්තා වේ.
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ (21) සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 39 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) සිම්බාබ්වේ යොවුන් පිල පරාජය කිරීමට සමත් විය. තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා සිම්බාබ්වේ පිලට ඕවර 22 කදී ලකුණු 129 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර සිම්බාබ්වේ පිල ඕවර 21.1 කදී ලකුණු 89 කට සීමා විය. ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 204 (රවීෂාන් ද සිල්වා 31, රුසඳ ගමගේ 31, දිනුර කළුපහන 60, ශරුජාන් ශම්මුගනාදන් නොදැවී 41, කොහල් එක්ස්ටීන් 40/3) සිම්බාබ්වේ වයස 119 න් පහළ පිල ඕවර 21.1 කදී සියලු…
වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රියකරන පුද්ගලයන් සමඟ එක්ව තමන් පසුගියදා ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගත් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් සහ සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමන් ශ්‍රී පාද කන්ද තරණය කළ බව ඇය පැවැසුවාය.ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙනදුන් නමුත් කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳ තමන් සතුටු වන බව ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී පාද කඳු මුදුනට යන ගමනේ හොඳම කොටස නම්, දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන…
ලෝක මූල්‍ය සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ දී පැවසීය. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ලෝක ණය විසඳුම් පිළිබඳ ආධිපත්‍යය දැරූ ලෝකය සඳහා බව ජනාධිපතිවරයා කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි උගන්ඩාවේ කම්පාලා නුවරදි ආරම්භ කෙරුණු “G77 සහ චීනය” කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China) (21)අමතමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස, ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට…
සමාජ මාධ්‍ය ඔස්සේ බුදු දහමට අපහාසවන ආකාරයේ යළි ප්‍රකාශ සිදුකළ විශ්ව බුද්ධ නැමැති පුද්ගලයා ලබන 26 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය. ඒ මින් පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටියදී ඇප කොන්දේසි කඩකරමින් යළිත් වරක් අන්තර්ජාලය ඔස්සේ බුදු දහමට අපහාස කිරීම හේතුවෙන් අධිකරණ නියෝග මත සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේය. විශ්ව බුද්ධ නමින් තමාව හඳුන්වාගනිමින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ චීවරධාරියකු සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කථාබහක් නිර්මාණය වුණා. ඔහු ඇතැම් අවස්ථාවලදී ගිහියෙකු ලෙස ද සැරසී සාමාජ මාධ්‍යට විවිධ වීඩියෝ නිකුත්කර තිබුණා. අනතුරුව රක්ෂිත…
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ සිවු දෙනෙක් දිවයිනට පැමිණ සිටිති. මෙසේ පැමිණ සිටින්නේ අයිෂ්චර්යා රාජේෂ්, අයිෂ්චර්යා දත්තා, සංයුක්තා සහ මීනාච්චි යන රංගන ශිල්පිනියෝ තිදෙනා වෙති. මෙම නිළියන් සිවු දෙනා පැමිණ සිටින්නේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයේ පැවති තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහාය. බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජල සම්පාදන,වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ජීවන්තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. උත්සවයේදී දමිළ ජනතාව විසින් කෝලම් රටා සහ හින්දු සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරිණ.
ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි හි දස හැවිරිදි දරුවකු ජිවිතක්ෂයට පත්ව අැතැයි මුලතිව් කෝකිලායි පොලිසිය කියයි. නිවැසියන් වෙනත් කාර්යක නිරතව සිටියදී අවස්ථාවක දරුවා තනිව ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටයදී මෙම අනතුර සිදුව අැති බවත් පොලිසිය පැවසීය. එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව අැත්තේ ප්‍රසාන්ත් දනෝෂ් නමැති දස හැවිරිදි පිරිමි දරුවෙකි.. සෙල්ලම් කරමින් සිටි දරුවා සම්බන්ධයෙන් මව විසින් සොයා බැලීමෙදී ගෙල සිරවී සිටි දරුවා දැක ප්‍රදේශවාසීන් සමඟ එක්ව කඩිනමින් මුලතිව් රෝහලට රැගෙන ගොස් අැති අතර , එහිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා ලෙස යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පත්ව තිබේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ පක්ෂ නායකත්වය සඳහා අද පැවති ඡන්ද විමසීමේදී ඒ මහතා වැඩි ඡන්දයෙන් නායකත්වයට තේරී පත්ව ඇති බවය. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) නව නායකයා තේරීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරුවේ ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී පැවැත්වුණි. ඒ සඳහා එම්.ඒ සුමන්තිරන්, එස් ශ්‍රීධරන් සහ එස්.යෝගේෂ්වරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත්ව සිටි අතර රහස් ඡන්දයකින් නව නායකයා තෝරා පත් කර ගැනීම සිදුව තිබුණි.