Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අම්පාර පොතුවිල් අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. එම ඝාතනය කළා යැයි සැක සිතන පුද්ගලයාගේ සිරුරද එල්ලෙමින් තිබියදී සොයාගත් බව අම්පාර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිළධාරියෙක් පැවසිය. මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා ඊයේ(12) මෙම හෝටලයේ කාමරයක් රැගෙන නැවති තිබේ. මෙම දෙදෙනා සවස 5.00 පමණ වනතෙක් කාමරයෙන් එලියට නොපැමිණි නිසා හෝටල් හිමිකරු විසින් අරුගම්බේ සංචාරක පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව පොලිස් නිළධාරින් පැමින කාමරයේ දොර හැර බලනවිට කාන්තාව ලේ විලක්මැද වැටි සිටි ඇති අතර පිරිමි පුද්ගලයාගේ එල්ලෙමින් තිබු සිරුර දැකගැනිමට හැකිව ඇතැයි පොලීසිය කියයි .
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල ඔහුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි. රිවොල්වර වර්ගයේ වෙඩි ප්‍රහාර හයක් එම පුද්ගලයා වෙත එල්ල කර ඇතත් ඉලක්කය වැරදි යාම හේතුවෙන් එම පුද්ගලයාගේ දිවි බේරී ඇත. ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු වන ප්‍රදීප් සහ අසිත යන පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පවතින විරසකයක ප්‍රතිඵලයක් ලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.
අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට ඊ (12) යළි සිහිකැඳවීමක් කළේය. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල් නිවේදනය නිකුත් කළේ මෙම මස 26 වැනිදාය. එම මුල් නිවේදනයේ සඳහන් උපදෙස් පිළිපදින ලෙස නව නිවේදනයෙන් යළි සිහිකැඳවීම් කර ඇත. අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් වැළැක්විය යුතු බවත් ක්‍රීඩා කටයුතුවල යෙදී සිටින දරුවන්ට වැඩිපුර ජලය පානය කිරීම හා…
ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවී රටේ සැබෑ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. මව්වරුන්ගේ, ළදරුවන්ගේ, හා පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය බව ඔවුන්ට දැනුම් දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මන්දපෝෂණය වර්ධනය වීම යනු විෂම චක්‍රයක් නිර්මාණය වීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාවට සෘණාත්මක බලපෑමක් බවත් ප්‍රේමදාස මහතා කීවේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ජාත්‍යන්තර…
උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස එල්. ඉලංගෝවන් මහතා ද, වයඹ පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති අතර ඊට අදාල පත්වීම් ලිපි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද බාරදුන්නේය.
කරන්දෙණිය ප්‍ර දේශයේදී තරුණියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන ඇගේ මස්සිනා කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ කුරුදු කැලෑවක සැගව සිටියදී ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 36 ක පුද්ගලයෙකි. මියගිය තරුණිය ඉකුත් (8) වැනිදා සිය මව සමග ගමන් කරමින්සිටියදී කරන්දෙණිය තල්ගහවත්ත, පාලම අසලදී ඇය සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වු බවකියන ඇගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා සහ තවත් අයකු පිහියක් පෙන්වා ඇය බිය ගන්වා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන ගොස් තිබූ බවද පොලීසිය කියයි. මේ තරුණිය තමා සමග අනියම් ඇසුරක් පැවැත්වූ සහෝදරියගේ සැකකාර සැමියා තමාට අමානුෂිකව ලෙස පහරදුන්නේ යයි කියමින් කරන්දෙණිය පොලීසියට කරන ලද පැමිණිල්ල…
මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක්ම සුරා බදු පනත අමු අමුවේ උල්ලංඝනය කරමින් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ මහා පරිමාණ ජාවාරමක තවදුරටත් නිරත වන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ව්‍යාජ ස්ටිකර් ජාවාරම නිසා රජයට වසරකට රුපියල් කෝටි හය දහසක පමණ දැවැන්ත බදු ආදායමක් අහිමිවන බවද වාර්තාවේ. මත්පැන් නිෂ්පාදන ආයතන රැසකට අයත් ව්‍යාජ ස්ටිකර් යෙදු මත්පැන් බෝතල් තොගයක්ම සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් දා (9) අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. දිවයිනේ උතුර උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල අලෙවි කිරීම් සඳහා ගබඩා කර තිබියදී පෙරේදා යාපනය ත්‍රිකුණාමලය මන්නාරම සහ වාලච්චේන යන ප්‍රදේශවලින් මෙම බෝතල් සොයාගත් බවද එම දෙපාර්තමේන්තුවේ ආරංචි…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීමට මාසයකට රුපියල් කෝටි අටකට ආසන්න මුදලක් වැය වන බව එහි මූල්‍ය වාර්තාවක සඳහන් වේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ට වැටුප් ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් කෝටි සීයකට ආසන්න මුදලක් වැය වෙයි.
පාසල් මැරතන් ධාවන තරගයක් අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවාය. මෙසේ මියගියේ අම්පාර තිරික්කෝවිල් පාසලක 16 හැවිරිදි සිසුවෙකි. මේ දිනවල පවතින උෂ්ණාධික දේශගුණ තත්ත්වය හේතුවෙන් එළිමහනේ ක්‍රියාකාරකම් සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් බලධාරීන්ට නියෝග කර ඇත
