Author: LANKA24X7

මහඔය, දඹදෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් හමු ව තිබේ. එසේ මියගොස් ඇත්තේ තේක්කවත්ත, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (02) උදෑසන කාලයේ දී මෙම ඉඩමේ පුද්ගලයකු වැටී මියයගොස් ඇති බවට මහඔය පොලීසියට තොරතුරක් ලැබී තිබිණි. මරණකරු වැටී මියගොස් සිටි ඉඩමේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් ද පවත්වා අති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මෘත ශරීරය සම්බන්ධව හදිසි මරණ පරික්ෂණය සිදුකර මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Read More

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එසේම මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ද බණ්ඩාරවෙල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල බොහොම අමාරුවෙන් අපි වෙනදට වැඩිය කෙටි කාලයක් ඇතුළ දී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙනවා. ඊළඟ දින දෙක ඇතුළත දී ප්‍රතිඵල දේවි. හැබැයි ඊළඟ උසස්පෙළ විභාගය තියෙන දිනයත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කරලා තියෙනවා. ඒක වෙනස් කිරීමේ කිසිම අදහසක් නැහැ. එහෙම වෙනස් කළොත් වෙන්නේ, අපි හිතමුකෝ උදහරණයක් වශයෙන් මාස දෙකක් විභාගය කල් දාන්න වුණා කියලා. ඒක මාස…

Read More

පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවි කරන වෙ‍ෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (02) පිටකොටුව ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් දියත් කර තිබුණි. එහිදී පාලන මිලට වැඩියෙන් කීරි සම්බා සහල් අලෙවිකරන සහ කීරි සම්බා සහල් තොග සඟවා තබාගෙන සිටින ස්ථාන සොයා ගැනීමට එම අධිකාරියේ නිලධාරීන්ට හැකිවිය. එසේ සොයාගනු ලැබූ ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පියවර ගෙන ඇත. අගෝස්තු 02 වනදා නිකුත් කර ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කීරි සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260කි. ඒ හේතුවෙන් දිවයින පුරා ඇති වෙළෙඳසැල්වල කීරි සම්බ සඟවා ගැනීමක් සිදුවී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය…

Read More

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ. නිව්යෝර්ක් මූලික කරගත් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එලෙස ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් අතරට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” 1994 වසරේ සිට වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරයි. මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ‘ඒ’ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපති ශ්‍රීකාන්ත දාස් මහතාටය.

Read More

ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ව්‍යාපාරිකයෙකුට උකස් කර රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම පෞද්ගලක ඉදිකිරීම් සමාගමක ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 495ක මුදලක් වසර 05ක් වැනි කාලයක් තුළදී වංචා කළ කාන්තාවක් හා ඇයගේ සැමියාව ද එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. නුගේගොඩ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකින් රුපියල් ලක්ෂ 500 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව එහි අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ඒ අනුව විමර්ශන සිදුකළ එම කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබුණේ එහි ගණකාධිකාරීවරිය විසින්…

Read More

මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදුවූ කලහකාරී සිදුවීම අතරතුරදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි. සැකකරු ඊයේ (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වෙනුවෙන් කිසිඳු නීතීඥවරයෙක් පෙනී නොසිටී බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස අසල පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදුවූ කලහකාරී සිදුවීම අතර යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තාවුණි. අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන…

Read More

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ, ලබුගමින් වාර්තා වූ අතර එය මිලිමීටර් 106.3කි. මේ අතර දකුණු පළාතට ඇදහැලෙන තද වැසි සමග ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතී. මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලටත් දින දෙකක සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් පහත් බිම් යටවී නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. මේ සමග ගිං ගඟ දෙපස පිහිටි නාවක්කඩ මුල්කඩ, පාතවැලිවිටිය ආදී ප්‍රදේශවල අතුරු මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. එමෙන්ම එම ප්‍රදේශයේ තේ…

Read More

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව 4%කින් බස් ගාස්තු ඉහළ නැංවීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. කෙසේවෙතත්, අවම ගාස්තුව වන රුපියල් 30 වෙනසක් සිදුවී නොමැත. මේ අතර ඉන්ධන මිල ඉහළයාමත් සමග ධීවර කටයුතුවල නිරතවීම අර්බුදකාරි තත්ත්වයකට පත්වී ඇති බව ධීවරයින් චෝදනා කරයි. එමෙන්ම, ඉන්ධන මිල ඉහළ යෑමෙන් එළවළු ප්‍රවාහනයට අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ඉදිරියේදී එළවළු මිල ඉහළ යා හැකි බව එළවළු වෙළෙඳුන් පවසයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසමිතුරු සටන ලෙස හඳුන්වන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණි. එම පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දී ය. කඩුලු බිඳ වැටීමේ පීඩනය මෙන්ම සාම්ප්‍රදායික ඉන්දු – පාකිස්තාන පසමිතුරු සටනේ පීඩනයද සමගින් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ඉෂන්…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන…

Read More