Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් පැහැදිලියි කරමින් මෙම නිවෙිදනය නිකුත් කර තිබේ. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා, විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට…
හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දී පැවසීය. මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට තමන් දැඩි විරෝධය පළ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය. රණවිරුවෙක් යැයි කියා දයා රත්නායක පක්ෂයට එක්වූයේ නම් රණවිරුවෙක් කියා ගෝඨාබය රාජපක්ෂටත් ආර්ථික විශ්ලේෂකයකු යැයි කියමින් අජිත් නිවාඩ් කබ්රාල්ටත් පක්ෂයට එක්වීමට හැකියාව ඇති බවත් එවැනි දෑ සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.
අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය. සමගි ජන බලවේග විරෝධතාවයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ඉලක්ක කර කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. රටේ විපක්ෂ නායකවරයාටවත් දේශපාලනය කිරිමේ අයිතිය වර්තමාන ආණ්ඩුව නැති කර තිබෙන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු…
වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමට ඉඩ නොදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර ඇත. රම්ස් පද්ධතිය සමග ඉඩම් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස දුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවිය.
උදාවී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයි මෙතක් බිහිවූ නායකයින් දිගින දිගටම පවසූ නමුත් සත්‍ය වශයෙන්ම උදාවී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත් ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. මීට වසර දෙකකට පෙර රටේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වූයේ ජනතාව බේරාගැනීම උදෙසා ජනාධිපතිවරයා කටයුතු කළ නිසාවෙන් බව ද ඒ මහතා කීය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කළ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම සේවා වැඩසටහනේ සම්රම්භක උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (31) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. මෙම වැඩසටහනේදී…
ජනතා ජීවිත බිල්ලට දුන්, ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සාක්ෂි තිබියදීත් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (31) පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා සාමකාමී සත්‍යග්‍රහයක් පැවැත්වීය. අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සහ පරිසර, සිවිල්, මහජන සංවිධාන එකමුතුව මෙම සත්‍යග්‍රහ සංවිධානය කළේය. ‘සාක්ෂි තිබියදීත්, ජනතා ජිවිත බිල්ලට දුන් කෙහෙළිය රකින්නේ කවුද? වහා අත්අඩංගුවට ගනු’ යන සටන් පාඨය යටතේ මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණි. එහිදී සිවිල් සංවිධාන සහ සමාජ ක්‍රියාකාරීන් පොල් ගසා දේව කන්නලව්වක් ද පැවැත්වීය.
දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ දී පැවසීය. තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෑම විශ්වවිද්‍යාලයකම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව කීවෙි කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි. ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා…
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා අද වැඩ භාරගත්තේය. පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ලෙස රාජකාරි ඉටු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (30) විශ්‍රාම ගියේය. කුෂාන් සම්පත් ජයරත්න මහතා එම තනතුරට පත් කෙරුණේ ඒ අනුවය.
සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් හා දේශපාලන ක්‍රියාකාරීන් පහළොස් දහසකට අධික පිරිසක් සහභාගි වෙනවා යැයි කියන උද්ඝෝෂණයට හා පාගමන වලක්වමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳු වත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. විවේචනය කිරීම අදහස් දැක්වීම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් බවට පූර්ව අධිකරණ නියෝග මගින් ද සනාථ කර ඇති බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එසේ වාරණ ආඥාවක් නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් ලබා දී ඇති මානව අයිතීන් කප්පාදු කිරීමක් බවට සඳහන් කළේය. කුරුදු වත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීමට මෙම ආඥාව ඉල්ලා…
පාර්ලිමේන්තු සේවක මණ්ඩලයේ කනිෂ්ඨ සේවකයින් තිදෙනෙක් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පාර්ලිමේන්තුව තුළ දී සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවටය.