Author: LANKA24X7

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරු ඊයේ සිට ඉවත් වූහ. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මේවර ලබා නොදීම හේතුවෙන් පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූ බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි. උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ඉකුත් වසරේදී දිනකට රුපියල් 2000ක විශේෂ දීමනාවක් ලබා දුන් බවත් මෙවර එම දීමනාව කප්පාදු කිරීම නිසා උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්වූ බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ කොළඹදී…

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය.

Read More

මෙරට සිදුවූ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන සැකකරුගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබුණි. එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් අංක ඔස්සේ කොල්ලුපිටිය පොලීසියට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී. එම දුරකථන අංක පහතින් දැක්වෙයි. 0742 226 022 0718 591 492 0718 594 455

Read More

76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවය.

Read More

ගාලුපාර, වෑවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගත් පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (31) සවස එම පුද්ගලයාගෙන් ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් හෝටල් කළමනාකාරීත්වය විසින් හික්කඩුව පොලීසියට ඒ බව දැනුවත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර තිබේ. පසුව පොලීසිය හා හෝටල් සේවකයින් එක්ව අදාළ පුද්ගලයා නවාතැන් ගෙන සිටි කාමරයේ ජනේලයක් විවෘත කර පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයා ලේ ගලන තුවාල සහිතව නාන කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 27ක් වූ වරාගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තැන්පත් කර ඇති අතර, හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි. ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන් කිරීමත් සමගය. පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.

Read More

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව හෙට (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (31) පස්වරුවේ පැවසීය. විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 5 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය. මේ අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 8 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ බවත් එම සංස්ථාව කීය. එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 371 ක්, ලංකා ඩීසල් ලීටරයක නව මිල රුපියල්…

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් පවසයි. ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ඔන්ලයින් පනත නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඇති බාධාවක් බවය. ඊට අමතරව, මෙම නව පනත මගින් නවෝත්පාදනයට සහ පෞද්ගලිකත්වයට බාධාවක් වී ඇතැයි ඇමෙරිකන් තානාපතිනිය පෙන්වා දුන්නාය. විනිවිදභාවයකින් තොරව, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, පනත් කෙටුම්පත සකස් කිරීමේ දී සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් සිදු වී නැති බවත් ඇමෙරිකන් තානාපතිනිය පවසා ඇත. “මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමක්…

Read More

ඉන්දියානුවන්ට නිවාඩුවක් ගත කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා සුදුසුම ගමනාන්තය ශ්‍රී ලංකාව බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, මුම්බායි නුවර, ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට එක් වෙමින්, ගෝලීය වේදිකාවේ ඉන්දියාවේ භූමිකාව කුමක්දැයි සිසුවකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. ”මම දෙන්නම් උපදෙසක්. මීළඟ වතාවේ ඔබ නිවාඩුවක් ගත කරන්න කොහේ හරි යනවා නම්, යන්න ශ්‍රී ලංකාවට. ශ්‍රී ලාංකිකයන් ආගන්තුක සත්කාරකවලට උපන් හපන්නු. නිවාඩුවකට යනවා නම්, ශ්‍රී ලංකාව තරම් ඊට ගැලපෙන තැනක් වෙන නැහැ. ශ්‍රී ලාංකිකයන් ඉන්දිය අප ගැන බොහොම පැහැදීමෙන් කතා කරනවා. ඒ දේවල් ඔබට අසන්න ලැබුණොත්, ඉන්දියානුවකු ලෙස ඔබට ලොකු ආඩම්බරයක් දැනෙනු නිසැකයි”…

Read More