Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට අදාළ ගැසට් පත්‍රය නිවේදනය කර තිබේ. පනත සඳහා ඊයේ (01) කථානායකවරයා විසින් සිය අත්සන තබන ලදි. ඉකුත් 24 වැනි දා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිත ව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
‘විශ්ව බුද්ධ’ නමින් පෙනී සිටි පුද්ගලයා පෙබරවාරි 16 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගගොඩවිල මහෙස්ත්‍රාවරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත. සමාජ මාධ්‍යය තුළ විශ්ව බුද්ධ යන නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධ ව චෝදනා එල්ල වී තිබේ. මීට පෙර මොහුට ඇප ලබා දීමට අධිකරණය නියෝග කර තිබුණ ද අධිකරණයේ අවවාද නොතකමින් නැවතත් බුදු දහමට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි පුද්ගලයා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට සුදානම් වන නව සන්ධානයේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සන්ධාන පිළිබඳ කිසිදු දේශපාලන පක්ෂයකට විශ්වාසයක් නොමැති බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, “මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය අද බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒක තමයි නායකත්ව මණ්ඩල ඉල්ලන්නේ. ගිය සතියේ තිබුණු ලාන්සා මැතිතුමාලාගේ රැස්වීමේදී මම දැක්කා එතුමලා සහාය දෙන්න හදන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ අය එකතුවෙලා හදන සන්ධානයේ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ගමේ ඉන්න ශ්‍රී ලංකාකාරයින්ට ඒක ප්‍රශ්නයක්.”
ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියා ද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා ඇත. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙනි. මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් පමණක් නොව, තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීප දෙනකු ද සහභාගී වූ බවත්, ඔවුන් ද කරුණු පැහැදිලි කළේ යැයි ද ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මස සිට දිවා ආහර දෙන බව අධයාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. එම ව්‍යාපෘතියට ආණ්ඩුව රුපියල් කෝටි 1600 ක් වැය කරන බව කී අමාත්‍යවරයා දිනකට දරුවෙක් වෙනුවෙන් රුපියල් 110 බැගින් වැය කිරීමට නියමිකත බව ද සඳහන් කළේය.
සීදූව කටුනායක නගර සභාවේ ගබඩාව බිඳ රුපියල් ලක්ෂ හතරකට ආසන්න ටයර් තොගයක් සොරාගත් නගර සභාවේ රියදුරන් තිදෙනෙක් ඇතුළු අට දෙනකු අත් අඩංගුවට ගත් බව සීදුව පොලිසිය කියයි. සෙසු සැකකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුද වන බව පොලිසිය සඳහන් කරයි. කොටස් දෙකකින් යුත් ගබඩාවේ ටයර් ගබඩා කර තිබෙන කොටස ගබඩා භාරකරු ලෙස කටයුතු කරන පුද්ගලයා ඉකුත් 26 වෙනි දින වසා දැමීමෙන් අනතුරුව 31 වෙනි අවශ්‍යතාවයක් සඳහා විවෘත කිරීමේදී ටයර් ගබඩා කර තිබූ ස්ථානයේ නොතිබූ බැවින් සිදු කළ පරික්ෂාවේදී කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් ගබඩාවේ දැල දොර උඩින් ඇති අඩි දෙකක් පමණ විවෘත කොටසින් ඇතුළු වී ටයර් සොරාගෙන ඇති බවට පැහැදිලි වී තිබූ බව…
ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ඇති අනතුර තේරුම් ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (1) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය. ඔන්ලයින් පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී බුද්ධත්වය ආරෝපණය කරපු චරිත තුන හතරක් එකවර එළියට පැමිණි බවත් ඔන්ලයින් පනතේ ඇති අකාරුණිකභාවයන් වෙනුවට සමාජ සාකච්ඡාව පහළ වූ බුදුවරු කියාගන්නා උන්මත්තයන් දෙසට ගිය බවත් ඒ මහතා කීය. එවැනි තත්වයක් තිබියදී මේ පනත් සියල්ලම සම්මත කරගත් බව කී…
ඉකුත් අරගල සමයේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ගිනි තබා හානි සිදුකිරීමට සම්බන්ධ බව කියන සැකකරුවකු ඊයේ (1) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආයතනයක කම්කරුවකු වශයෙන් සේවය කරන පුද්ගලයකු බවද තල්දූව මහතා කීය.
මෙරට ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළම ධනවතුන් සියයට 10 ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50 ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවත් එම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු තොග පිටින් පැටවීමෙන් පහළම සිටින සියයට 50 ක ස්තරය ජාතික ආදායමෙන් භුක්ති විඳින සියයට 4 ක ප්‍රමාණය ද අහිමි වියහැකි බවත් ඒ මහතා කීය. වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ…