Author: LANKA24X7

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අලදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . එම තරුණිය ඊයේ (15) සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා කුළුගම්මන ඇය නවාතැන් ගැන සිටි නවාතැන්පොල කරා යමින් සිටියදී යටිහලගල හන්දියේදී ඇය පැහැර ගැනීමට තැත් කර ඇත. ඒ අවස්ථාවේදී ඇය සමඟ සිටි තවත් පාසල් සිසුන් දෙදෙනෙකු එය වැළැක්වීමට උත්සාහ කළත් ඔවුන් තල්ලු කර දමා ශිෂ්‍යාව පැහැරගෙන යන අවස්ථාවේදී එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ . ඇමතුම ලැබුණ වහාම ක්‍රියාත්මක වූ…

Read More

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර තේක්කවත්ත ග්‍රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාම නිළධාරී වරයා බව පොලිසිය කීය. සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් 52 හැවිරිදි වියේ පසුවන බවත් සදහන් වේ. සැකකාර ග්‍රාම නිළධාරී වරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ වෙනත් ග්‍රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටී බව සදහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත්කර ඇති බව පොලිසිය සදහන් කරයි. එසේ නිකුත් කල ලිපිය රැගෙන ගිය…

Read More

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය . විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. “ඊශ්‍රායල් රස්සා නැති කරන්න මේ උත්සහ කරන්නේ. අපි සැලසුම් කරලා තියෙනවා 40000 ට අධික පිරිසක් ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට යවන්න. එහෙම ගියාම සාර්ථක ව්‍යාපාරිකයින් විදිහට අපේ…

Read More

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවේ නියෝගය අද ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා දන්වා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන පැමිණිලිකාර දිසානායක මහතාට පක්ෂ කටයුතු කරගෙන යෑමට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණයක් නිකුත් කිරීම පිළිබඳ නියෝගය මෙසේ කල් තැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා මගින් පැවරූ මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස…

Read More

මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇත. එහිදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන් පළාත් සභාවල සිටින කාලයේදී පවා පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ ආවරණය ලබාදුන් බවයි. එසේ හෙයින් තම පවුල් වල සාමාජිකයන්ට රක්ෂණ වාරිකය නොපමාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඈත. මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා ඇතුළු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී දුෂ්කර බවයි. ඒ අනුව එම කාරණය ඉදිරියේදී යළි සාකච්ඡා කිරීමටද එහිදී තීරණය කර ඇත. සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට හිමිවන රක්ෂනාවරණයේ වටිනාකම රුපියල්…

Read More

මාවතගම නගරයේ ගොඩනැගිල්ලක කාමරයක් තුළදී අවුරුදු 19ක් වයස තරුණියක අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කළේ යැයි කියන විලාසිතා නිර්මාණ ශිල්පියකු මාවතගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාවතගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වයස දෙදරුපියෙකි. දූෂණයට ලක් වූයේ යැයි කියන මෙම 19 හැවිරිදි තරුණිය සැකකරුගේ ඥාති සහෝදරියක් බව මාවතගම පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. මෙම තරුණිය ද සිය ඥාතියා ගෙන් විලාසිතා නිර්මාණය පිළිබඳව හැදෑරීම සඳහා මෙම උපකාරක පන්තියට සහභාගී වෙන බව පොලිසිය කියයි. උපකාරක පන්තිය අවසන් වීමෙන් පසු ඇය උපකාරක පන්තියට පැමිණ සිටි තවත් තරුණියක් සමග පන්තියෙන් පිටව යෑමට ගිය අවස්ථාවේ වර්ෂාවක් ඇද හැලී ඇත. ඒ…

Read More

සංචාරක හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනිදා සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය. මීට අමතරව ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කෙරිණ. මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ රජයට යළි බාරදීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් ගමගේ මහත්මිය අමාත්‍ය නිල නිවාසයක් ලබාගෙන නැතැයි දැනගන්නට ඇත.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ 14 සවස නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, හාලිඇල,හපුතලේ සහ හල්දුම්මුල්ල යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර සහ උඩපළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස,කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට , කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට,වරකාපොළ සහ මාවනැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර,කලවාන,ඉඹුල්පේ,සහ බලංගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහාද මෙම නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය නිකුත් කර තිබේ. ඊයේ 14 වනදා සවස නිකුත් කර ඇති මෙම නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට 15 වනදා පස්වරු 4.00 දක්වා…

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් පවතින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණු,මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 1.00 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

Read More

අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කරුවකු බව කියන ඩබල් කැප් චූටි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් සිටියදී ඔහු ගේ ගෝලයින් යැයි කියන දෙදෙනකු සමග එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින බව ඉන්දියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම තිදෙනා පංච පුද්ගල ඝාතනය ඩුබායි සිට මෙහෙයවූ බවට සැලකෙන කොස්ගොඩ සුජී නැමැත්තා ගේ ගෝලයින් බව ද ඉන්දියා ආරංචි මාර්ග සඳහන් කරයි. ඩබල් කැප් චූටි නැමැත්තා කොස්ගොඩ සුජී ගේ වෙඩික්කරුවකු බවද කියති. මේ තිදෙනාගේ ඡායාරූපද සහිතව මෙම අත්අඩංගුවට…

Read More