Author: LANKA24X7

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවරෙන ප්‍රධාන රාජකාරියක් වේ. ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මෙහයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන,සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් මහත්වරුන් පත් කර තිබේ. මේ කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම්…

Read More

බෙන්තර නගරයේ සිදු කළ හදිසි මෙහෙයුමකදී දහඅට හැවිරිදි තරුණයකු පිස්තෝල හා හෙරොයින් මිලි ග්රෑම් 5500 ක් සොයා ගත් බව බෙන්තොට පොලීසිය කියයි. යම් අපරාදයක් කිරීම සදහා අවශය අයකුට ලබාදීමට මේ සැකකාර තරුණයා මේ ගිනි අවිය ගෙන යන්නට ඇතැයි සැකකරන බවත් ඒ සදහා ඔහුට ගාස්තුවක් ගෙවන්න ඇතැයි ද සැකකරන බවත් පොලීසිය කියයි. සැකකාර තරුණයා රැගෙන යමින් තිබූ මේ ගිනි අවිය Mcd 85 auto Col 8.mm – ITALY (k) වර්ගයේ පිස්තෝල ගිනි අවියක් බවට තහවුරුවී ඇති බවද පොලීසිය කියයි. සැකකරු අද දින බළපිටිය මහේසතාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ. බෙන්තොට පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

හැත්තෑහය වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 කට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. ඒ අනුව විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 729 ක් ද, කාන්තා සිරකාරියන් 25 ක්ද ලෙස මුළු රැදවියන් 754 ක් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතය.

Read More

ඔන්ලයින් පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. එවැනි වගන්තියක් පෙන්වා දුනහොත් පනතට සංශෝධන ගෙන ඒමට සූදානම් බව පැවසූ අමාත්‍යවරයා තමා දන්නා තරමින් මානව හිමිකම් උල්ලංඝනය වන කිසිම වගන්තියක් එහි නැතැයිද ප්‍රකාශ කළේය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත. එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද ආශිර්වාදය ලැබී ඇතැයි දැනගන්නට ඇත. මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂුට් භටයකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර පසුගියදා ( 22 ) සිය දක්‍ෂතා විදහා දැක්වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ (02) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් ඇගයීමට ලක්කර ඇති බවට වාර්තාවේ. මෙම ජයග්‍රහණය හා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ආදර්ශවත් හමුදා නායකත්වය මෙන්ම කැපවීම සංකේතවත් කරමින් මෙහිදී යුද්ධ හමුදාපතිවරයා වෙත එයාර් බෝන් (AIRBORNE) ලාංඡනය පලඳවා ඇත.

Read More

පොත් සඳහා සියයට 18ක වැට් බදු පැනවීම හේතුවෙන් අධ්‍යාපන කාර්යයන් සිදු කිරීමේ දී විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට ගැටලු රැසක් මතු ව ඇති බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති. උන්වහන්සේ පවසන්නේ, මෙම ක්‍රියාව නූගත් පරපුරක් රට තුළ බිහි කිරීම සඳහා රජය දරන වෑයමක් බවයි. මෙම බදු පැනවීම මඟින් නිර්මාණ සාහිත්‍යය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණවලට ද බාධාවක් වී ඇති බව මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා අවධාරණය කර තිබේ.

Read More

තියුණු ආයුධවලින් කපා කොටා අද (03) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක් ව ඇත්තේ, මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි ව සිටි එම්.කලණ නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කර තිබේ. නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර ඇති අතර, ඔහු බරපතළ තුවාල සහිත ව කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ඊයේ (2) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති ‘සුපිරි හය’ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119 ක පහසු ජයක් ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 23.2 කදී ලකුණු 113 කට සීමාවිය. ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්විය. දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 232 (ලුයන් ඩි්‍ර පෙටොරියුස් 71, රිලී…

Read More