Author: LANKA24X7

සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවිරිදි ක්‍රීඩකයකු ඊයේ 21 වැනිදා හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ වෑතෑව අමරගොඩ ප්‍රදේශයේ අධිකාරී මුදියන්සේලාගේ රවිදු ඩිල්ෂාන් අධිකාරී නමැති පාසල් සිසුවෙකි. ඔහු ලබන මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වී සිටි සිසුවෙකි. වැත්තෑව ප්‍රජා ශාලාව අසලින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම මැරතන් ධාවන තරගයට සහභාගී වූ මෙම සිසුවා එම තරගය අවසන් කිරීමට මීටර් 500ක පමණ දුරක් තිබියදී මාර්ගයේ ඇද වැටී අසල තිබූ කාණුවකට පෙරළී ගිය බව අවුරුදු උත්සවය නැරඹීමට…

Read More

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මෙම ව්‍යාජ වෙබ් අඩවි පහ අන්තර්ජාලයෙන් මෙසේ ඉවත් කරනු ලැබ ඇත්තේ මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කළ පැමිණිල්ලක් අනුවය. මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවැසුවේ තැපෑලේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේදී වරින් වර වාර්තාවූ බවයි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ව්‍යාජ වෙබ් අඩවිවලට නොරැවටෙන ලෙසත් තැපැල්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයට මෙන්ම පොලිසියට ද පැමිණිලි…

Read More

‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුදින දුරකථනයෙන් දැනුම් දුන් බවත් එම නිර්දේශ ක්‍රියාත්මක කළ හොත් හිතවත් සංවිධාන සහ නායකයන් විරසක වන්නේ යැයි පැවසූ බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියෝ ඊයේ (21) පැවසූහ. ‘පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දනයක් සිහිකිරීම වෙනුවෙන් කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී ඊයේ (21) පැවැති 5 වැනි සැමරුවේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එසේ පැවසූහ. එම ප්‍රහාරයෙන් ආරම්භ වී ඇද වැටුණු මෙරට ආර්ථිකය අද වන තුරුත් ගොඩගැනීමට නොහැකි බවූ බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණ කිරීමට එවකට ආණ්ඩුව විජිත් මලල්ගොඩ විනිසුරුතුමාගේ නායකත්වයෙන් යුත්…

Read More

මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත රැකගැනීම සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක නොවන වර්තමානයේ එම කර්මාන්තකරුවන්ට නැවත ගොඩනැගීමට විශේෂ වැසටහනක් අත්‍යවශ්‍ය බවත් එම කර්මාන්ත පිළිබඳව දියුණු රටවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකාවට අන්‍යනය වූ ආකෘතියක් සහ වැඩපිළිවෙළක් සමඟ එම කර්මාන්ත වෙනුවෙන් අනිවාර්ය කටයුතු කිරීමට කාලවකවානු සහිතව සූදානමින් සිටින බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පැවසීය. එම කර්මාන්ත වෙනුවෙන් මෙම කාලයේ බොහෝ දේවල් කිරීමට ඇති බව කී විපක්‍ෂ නායකවරයා බිඳ වැටුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනයට ප්‍රවේශයට පහසුකම්, කාරක ප්‍රාග්ධන පහසුකම් සහ ප්‍රාග්ධනය දරාගත හැකි පිරිවැයකට සපයා ගැනීමේ පහසුව ආදි සැපයීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන්…

Read More

රටේ මෙන්ම ජනතාවගේ ද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමිනි. මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආරවණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් වෙත අප්‍රේල් සහ මැයි මාස දෙකක කාලයක් සඳහා…

Read More

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

Read More

ඇල්පිටිය – අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. ත්‍රිරෝද රථයක් ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරින් මියගොස් ඇත්තේ 68 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු සහ ඔහුගේ 10 හැවිරිදි මුණුපුරා සහ සත් හැවිරිදි මිණිපිරිය බව සඳහන්ය. ත්‍රිරෝද රථයේ ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ දියණිය සහ 18 හැවිරිදි මිණිපිරිය තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලීසිය සඳහන් කළේය. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතෙත් අනුරාධපුර, වව්නියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත්මේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු…

Read More

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර අද (21) දිවයින පුරා සියලුම දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවයක් පැවැත්විය. කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පෙරවරු 8.45ට එලෙස විනාඩි දෙකක නිහඬතාවයක් පැවැත්වූ බවය.

Read More

පොළොන්නරුව දිවුලාන ප්‍රදේශයට මී ගව සොරකමට ආ පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, මස් ප්‍රවාහනට යොදාගත් වාහන හතරක් සමඟ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපෙක්ෂකයා, පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත්ව දැනට කොට්ඨාස සංවිධායකයකු ලෙස කටයුතු කරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් වසර ගණනාවක සිට පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක ගවයන් සොරකම් කර මස්කරමින් රාත්‍රී කාලයේ බස් රථවල කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන…

Read More