Author: LANKA24X7

සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම් ලාබී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීහු චෝදනා කරති. එම මුදල ලබා නොදීමට අපොහොසත් අයට සහල් කිලෝ දහයක ප්‍රමාණය නොලැබෙන බවට දැනුම් දුන් බවට අඩු ආදායම්ලාභීහු ප්‍රකාශ කරති. අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල සහ වැලිකන්ද යන කොට්ඨාසවල අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ දහයක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන 21 වෙනිදා ආරම්භ කෙරිණි. අප මේ පිළිබඳව 207 වසම බාර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා…

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි. හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51 කට වැඩි ප්‍රතිශතයක් ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට හිමිව තිබේ. මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පවසන්නේ ඒ සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර හේලීස් සමාගම ද සිටින බවත්ය.

Read More

වයස අවුරුදු 40 ඉක්මවූ ජාතික හැදුනුම්පත ගැනීමට නොහැකිව සිටින මෙරට පුරවැසියන්ට හැදුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසීය. එම පුද්ගලයන්ට හැඳුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු මස 31 වැනිදායින් අවසන් වුවද ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් එම දීර්ඝ කිරීම කළ බවත් උප්පැන්න සහතිකය නොමැති වීමේ හේතුව මත මෙතෙක් ජාතික හැඳුනුම්පත නොගත් පුද්ගලයන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසයි. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතී. අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා පවසා සිටියේ, මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවය. “මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙනවා. මේක අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මේක නිරීක්ෂණය කළ හැකියි. අද ගැටලුවක් වෙනවා පූර්ණ චන්ද්‍රයා අපිට පේන නිසා. ඒ නිසා මේක නිරීක්ෂණය කරන්න…

Read More

සීගිරිය සහ දඹුල්ල සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ මූලික සැලසුම් මෙම වසරේ තුන්වැනි කාර්තුවට පෙර අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අදාළ ව්‍යාපෘතියේ නාගරික පහසුකම් සැපයීමේ පහසුකම වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් ය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල අම‍ෙරිකානු ඩොලර් මිලියන 30ක් වන අතර ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක වේ. සීගිරිය, දඹුල්ල සහ ත්‍රිකුණාමලය නගරවල හඳුනා ගන්නා ලද ස්ථාන සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය…

Read More

දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානය වන විට ණය ගැනීමේ අවශ්‍යතාව මතු ව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගට ම පාඩු ලබන තත්ත්වයකට පත් ව ඇති බවය. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය. “අපි පහුගිය දවස්වල දරුවන්ට පාසලට යන්න, රෝහලට යන්න බස් එක නැති පාරවල්වලට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මම බස් 500ක් ණයට අරන් තියෙනවා ඉන්දියාවෙන්. ණයට ගත්තේ නැත්නම්, CTB එකට බස් ගන්න බෑ. දුම්රිය තියෙනවා අවුරුදු 60ක් – 70ක් පරණ එංජින් ගන්න සල්ලි නෑ. සල්ලි නැත්තේ දුම්රිය අලාභයි. අලාභ විඳිනකොට පීලි ටික දාන්නවත්…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබේ. ඊයේ (21) පස්වරුවේ මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන ඇති බව සඳහන්ය. මෙහිදී ජනාධිපතිවරයා සහ මහනාහිමියන් සුහද කතාබහක ද නිරතවී තිබේ. අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

කන්තලේ රජඇළ මාර්ගයේ අතුරු මාර්ගයක සිදුවූ රිය අනතුරකින් තරුණියක් මියගොස් තිබේ. ඊයේ (21) උදෑසන අතුරු මාර්ගයේ ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තරුණියගේ ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය කන්තලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි රජඇළ කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි. අනතුරින් පසු රියදුරු පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්පලත් ගාල්ල,මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ උතුරු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං ද ඇති වේ.

Read More

ශ්‍රි ලංකා යුද හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ලංකාව වටා පා ගමනින් ගොස් වාර්තාවක් තැබිමට සුදානම් වෙයි. 24 ගැමුණු සේවා බල ඇණියේ බලලත් නිළධාරි විශ්‍රාමික ෂෙල්ටන් පෙරේරා මහතා මෙසේ ශ්‍රිලංකා වාර්තාවක් තැබිමට සැලැසුම් කර ඇත. ඔහු මෙම පාගමන ආරම්භ කරනු ලබන්නේ වැදගත්කරුණු හතරක් මුල් කරගෙනය. සියලු ජාතින් සහ සියලු ආගම් අතර සංහිදියාව සහ සහ ජීවනය නගා සිටුවිම,කාන්තා සහ ළමා හිංසනයක් පිටුදැකිම, මනා ශරීර සෞඛ්‍යකින් පිරිපුන් මතු පරපුරකට ආදර්ශයක් විම,ස්වාභාව සෞන්දර්ය අලංකාර කිරිමට හුස්මට හෙටක් තේමාව යටතේ සෑම දිනකම ගමන් ආරම්භයේ පැලයක් රෝපණය කිරිම කරුණු මෙම පා ගමනට පාදක වි තිබේ. අම්පාර මධ්‍යම කදවුර නගරයෙන් අද (22) මෙම පාගමන ආරම්භ කරන අතර සමාරම්භක…

Read More