Author: LANKA24X7

ජන අරගල ව්‍යාපාරය අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන පැවැත්වූ මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ විය. පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය පිරිස විසුරුවාහැරීම සඳහා මෙලෙස අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

Read More

සංචාරකයින් ලක්ෂ 25ක් මෙම වසර තුළ දිවයිනට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නීය. ඇය සඳහන් කළේ, වසරේ ගතවූ කාල සීමාව තුළ ලක්ෂ 05 කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවය. සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. “අපේ ටාගට් එකක් තියෙනවා 2024 අවුරුද්ද තුළ සංචාරකයින් ලක්ෂ 25ක් අඩුම තරමින් රටට ගෙන්වා ගැනීමට. ඉතින් අපි හිතනවා මේ දැන් යන තත්ත්වය එක්ක අපිට ඒ ටාගට් එකට යන්න පුළුවන් කියලා. මොකද දැන් වෙද්දිත් සංචාරකයින් විශාල පිරිසක් ලංකාවට ඇවිත් තියෙනවා. මේ…

Read More

පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (19) දහවල් කාලයේදී ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 250ක් ද සොයගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කහදුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පදිංචිකරුවෙකි. මෙම වෙඩිතැබීමට සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනක් පසුගිය 16 වනදා තල්ගස්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම අපරාධය සැලසුම් කරන ලද සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු බව පොලීසිය පවසයි. පසුගිය 11 වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැලක් අසලදී යතුරුපැදියකින් පැමිණි…

Read More

අපරාධ කල්ලි සාමාජිකයින් මැඩලීමේ විශේෂ මෙහෙයුමට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) රාත්‍රී සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙසෙල්වත්ත දිනුක යන අයගේ සමීපතමයෙකු බොරැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම කංජිපාන ඉම්රාන්ගේ අපරාධ කල්ලියේ සාමාජිකයෙකු වන අහමඩ් ජිෆ්රි අහමඩ් රිස්වාන් නොහොත් ‘ගෝඩා රිස්වාන්’ යන සැකකරු ද හෙරොයින් මිලිග්‍රෑම් 6,400ක් සමග මාළිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඊට අමතරව කජිමා වත්ත ක්‍රීඩාංගණය අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,620ක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පූකුඩිකන්නාගේ ගෝලයකු වන මුණවිර අරච්චිලගේ සුසන්ත නැමැති සැකකරුවෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2024 යල කන්නය සඳහා ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් තීරණ තුනක් ගෙන තිබේ. 2024 යල කන්නයේ වී වගාව සඳහා යුරියා, TSP සහ MOP යන රසායනික පොහොර පිළිවෙලින් මෙට්‍රික් ටොන් 110298.1ක් මෙට්‍රික් ටොන් 27711.1ක් සහ මෙට්‍රික් ටොන් 33412.4ක් අවශ්‍ය බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව 2024 යල කන්නය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින්ද පොහොර ආනයනය කර පෞද්ගලික අංශය සමඟ තරගකාරී ලෙස ගොවීන් වෙත සහනදායී මිලකට පොහොර අලෙවි කිරීම,2024 යල කන්නයේ දී වී වගාව සඳහා එක් ගොවියකුට වගා කරන ලද උපරිම හෙක්ටෙයාර් දෙකක් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් 15000 බැගින්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (19) ඉනිකුත් කළ දෛනික විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය තව දුරටත් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.29 ක ද, විකුණුම් මිල රුපියල් 308.90 ක ද, පවතී.

Read More

කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වගා කොට සාර්ථක වූ ගොවීහු දෙදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු හමුවූහ. අක්කර භාගයක මිරිස් වගාවෙන් මාස නවයකදී රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් ඉපැයූ අනුරාධපුර තිරප්පනේ පුලියන්කුලම ග්‍රාමයේ තරුණ බන්දුල මුණසිංහ සහ අක්කරයක කොමඩු වගාවෙන් මාස දෙකකින් රුපියල් ලක්ෂ 40ක් ඉපැයූ ගල්කුලමේ බුද්ධික සුදර්ශන මහත්වරුන් ජනපති හමු වීමට පැමිණියේ තම අස්වැන්නෙන් කොටසක්ද රැගෙනයි. බන්දුල මුණසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් හඳුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය භාවිතා කරමින් අක්කර භාගයක මෙම මිරිස් වගාව සිදු කර තිබේ. සාම්ප්‍රදායික ක්‍රමය යටතේ අක්කර භාගයක වගා කළ හැකි මිරිස්…

Read More

පිහියකින් කපා පාසල් ගුරුවරියකට තුවාල සිදුකළේ යැයි සැකපිට තවත් පාසැල් ගරුවරියක් ඊයේ (19) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. තුවාල ලැබූ 44 හැවිරිදි ගුරුවරිය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඇගේ පාදයක සහ අතක කැපුම් තුවාල ඇතැයි බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයෙක් පැවසීය. අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකාර ගුරුවරිය සන්තකයේ තිබූ පිහියක්ද සොයාගත් බව පොලිසිය සඳහන්කළේය. මෙම ගුරුවරියන් දෙදෙනා පාසල් දෙදක රාජකාරි කරන මිතුරියන් බවත් දෙදෙනා අතර ඇතිවූ විරසික වීමක් නිසා සැකකාරිය ඩෙනිම් කලිසමකින් සැරසී පසුගිය (18) මැදියම් රැයේ අනෙක් ගුරුවරිය සොයා ඇගේ නිවසටම ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන්වන බවද පොලිසිය පැවසීය. එම නිවැසියන් විසින් සැකකාරිය…

Read More

කුවේට් ගෘහ සේවයට ගොස් සිටිදි හදිසි අනතුරකට ලක්ව රෝගී වී සිටින තම බිරිඳ ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටින රුපියල් ලක්‍ෂ හය හමාරක මුදල සොයා ගැනීමට නොහැකිවූ සැමියකු තම වකුගඩුවක් රුපියල් පහළොවකට විකුණා බිරිඳ ගෙන්නා ගැනීමට වෙර දරන පුද්ගලයකු මනම්පිටියෙන් අපට හමුවිය. තම වකුකඩුව රුපියල් ලක්ෂ පහළොවකට ලබාදි බිරිඳ වන එච්.එච්. සෙව්වන්දි මහේෂිකා ජයවීර මහත්මිය ගෙන්වා ගැනීමට මෙලෙස වකුගඩුව ලබාදීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකර සිටින්නේ මනම්පිටිය මහවැව කොළකනාවාඩිය ලිපිනයේ පදිංචි 28 වියති ඒ.එම්. ඉෂාර සරච්චන්ද්‍ර යන තිදරු පියෙකි. 2023 දෙසැම්බර් 20 වෙනිදා කුවේට් රටේ ගෘහ සේවයට කුරුණෑගල ඒජන්සියක් මගින් පිටව ගොස් ඇති අතර ඇය හදිසියේ එරටේ නිවසේ සේවය…

Read More

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී සිදුව තිබිණි. මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර, එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කර දී ඇති අතර, ඉදිරියටද ශ්‍රී…

Read More