Author: LANKA24X7

අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී අනාවරණ වී තිබේ. චෙන්නායිහි උසස් අධ්‍යාපන ආයතනයක්, 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ උණුසුම් පාරිසරික තත්ත්වයන් යටතේ රැකියා කරන ගැබිණි කාන්තාවන් 800ක් ‍යොදාගෙන මෙම පර්යේෂණය සිදුකර තිබුණි. එම කාන්තාවන් කෘෂිකාර්මික, ගඩොල් නිෂ්පාදන සහ ලුණු නිෂ්පාදන ක්ෂේත්‍රවල රැකියාවල නිරත වූවන්ය. මෙම කාන්තාවන් අතරින් සියයට 5ක් ගබ්සාවන්ට මුහුණ දී ඇති අතර, මළදරු උපත් සහ නොමේරූ දරු උපත් සියයට 6.1ක් ලෙසද වාර්තාවී තිබේ.

Read More

දත් දිරායෑම අද වනවිට ලෝකයේ වැඩිම ජනතාවක් මුහුණදෙන රෝගී තත්ත්වයක් බවට පත්ව ඇතැයි වෛද්‍යවරු අනතුරු අඟවයි. ලෝක ජනගහණයෙන් බිලියන 3.5ක් දත් දිරායෑමේ රෝගී තත්ත්යට මුහුණ පා ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ උපලේකම් ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පවසයි. ඊයේ (20) දිනට යෙදී තිබූ ලෝක දන්ත සෞඛ්‍ය දිනය වෙනුවෙන් ‘සතුටු මුවයි – සුවැති සිරුරයි’ යන මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. සියලු දන්ත රෝග වළක්වා ගත හැකි බවත්, එය බහුල විය යුතු නොවන බවත් පැවසු වෛද්‍යවරයා, දත් දිරා යෑමට බලපාන මුලික කරුණු වන්නේ අධික සීනි භාවිතය, දත් නොමැදීම හා ෆ්ලොරයිඩ්…

Read More

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More

දීප ව්‍යාප්තව විදුලිවැට පරීක්ෂාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මඟින් විදුලිසැර වැඳීමෙන් වනඅලි මියයාම් අවම කරගැනීමට කටයුතු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වාර්ෂිකව සිදුවන වනඅලි මරණ අතුරෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ප්‍රමිතියෙන් තොර විදුලිවැට සහ අනවසර විදුලි රැහැන් ඇඳීම හේතුවෙන් සිදුව ඇති බවය. 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ වනඅලි මියයාම් අතරින් 470ක් විදුලිසැර වැදීම් හේතුවෙන් සිදුව තිබේ. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 72කි. මේ හේතුවෙන් විදුලිසැර වැඳීමෙන් සිදුවන වනඅලි මරණ වැළැක්වීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව උපාය මාර්ගික ප්‍රවේශයන් දෙකක් හඳුනාගෙන ක්‍රියාත්මක කරනු ලැබු බව සඳහන්ය. එහිදි වනඅලි හෝ වෙනත්…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරුවේ එම හමුව සිදුවීමට නියමිත බව වාර්තා වේ. එහිදි ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් ද පසුගියදා සිදුවුණි.

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. පසුගිය 19 වනදා සිට පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර ඇති සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුම මඟින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව අපරාධ කණ්ඩායම් තුනකට අයත් සාමාජිකයින් සිව්දෙනෙක් ඊයේ (20) අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය හා කඩු සමග අත්අඩංගුවට පත්ව තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44, 26, 23 හා 28 යන වයස්වල පසුවන මරදාන, මෝදර, ග්‍රෑන්ඩ්පාස් සහ මාළිගාවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 450, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 510, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 160ක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කොට්ඨාසය වැඩිදුර විමර්ශන…

Read More

ළදරුවන් ගැබිණි කාන්තාවන් මව්වරුන්, 41 ලක්ෂයක් පාසල් සිසුන් මෙන්ම තරුණයන් තුළ ද මන්දපෝෂණ තත්ත්වය වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නියෝජිතයින් සමග කොළඹදී ඊයේ (20) පැවති හමුවකදී ප්‍රකාශ කළේය. මේ සඳහා පවතින දුප්පත්කම තුරන් කිරීමේ සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රමාණවත් නොවන බැවින් ජනසවිය වැඩසටහනේ ආකෘතිය ගත් නව සමාජ ආරක්ෂණ වැඩසටහනක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ නියෝජිතයින් අතර හමුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දී පැවැත්විණ. එහි දී…

Read More

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඊට අදාළව නව නීතියක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ අරමුණින් රජයේ මූල්‍ය පාලනය සඳහා ද නීතියක් ගෙන එන බව කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කෑගල්ල, මංගෙදර ටැම්පිට පුරාණ පිරිවෙන් විහාරස්ථානයේ ‌ඓතිහාසික බෝධිය වටා ඉදිකළ බෝධිඝරය සහ රන්වැට විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (20) සහභාගී…

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධාය කළ ‘ජන අරගලය‘ විරෝධතා පාගමනයේ යෙදුණු දුමින්ද නාගමුව සහ ලහිරුවීරසේකර ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින් ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම විරෝධතා පාගමන කොටුව දුම්රියපොළ අසල සිට ආරම්භවී පිටකොටුව දෙසට ගමන් කිරීමේදී මගීන් ඇතුළු රථවාහනවලට දැඩි බලපෑමක් එල්ලවිය .

Read More

ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ, 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමිනි. ලොව සතුටින්ම සිටිය හැකි රටවල් තේරීම සෑම වසරකම සිදුවෙයි. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙනි. මෙවර, රටවල් 143 ක් සම්බන්ධ කර ගනිමින් ජනමත සමීක්ෂණ පවත්වා, සතුටින්ම සිටින රටවල ලැයිස්තුව සකස් කෙරුණි. දළ දේශීය නිෂ්පාදනය, වැසියන්ගේ ආයු අපේක්ෂා කාලය, ජීවිතයේ තීරණ ගැනීමට ඇති නිදහස, ත්‍යාගශීලී බව, රාජ්‍ය අංශයේ දූෂිත මට්ටම සහ සමාජ සහයෝගිත්වය යන කරුණු පදනම් කර ගනිමින් ලොව සතුටින්ම…

Read More