Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දෙනවාද? නැද්ද ?යන තීන්දුව ලබන 22 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (15) දන්වා සිටියේය. සිර දඬුවමට එරෙහිව තමන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් එම පෙත්සම විභාග කොට අභියාචනාධිකරණය විසින් අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ඇපමත මුදා හරින ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර…
ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සතියක කාලයක් සීමාකිරීමට තීරණය කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. ඒ අනුව නවක රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට සහ අධිකරණය සමඟ සාකච්ඡා කර අධිකරණ කටයුතු මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් දිසානායක මහතා වැඩි දුරටත් කීය.
විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවට විැසඳුම් දෙන තුරු දේශපාලනාඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන්දුවක් ගෙන ඇත. මීට අමතරව පාසල්වලට පැවැත්වෙන උත්සව සඳහා කිසිදු දේශපාලනාඥයකුට ආරාධනා නොකිරීමට ද එම වෘත්තීය සමිති හතට අයත් විදුහල්පතිවරු තීරණය කර ඇත. විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසදෙන තෙක් කෙටි කාලින විසදුමක් ලෙස සිලු විදුහල්පති ශ්‍රේණිධාරීනට විදුහල්පති දීමනාව රුපියල් 15,000 ඉහළ නංවන තෙක් මෙම තීරණයේ එළැඹ සිටින බව ද එම සංගමය සඳහන් කරයිත
කෙටි කළක් තුළදී කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන නිරූපණ ශිල්පී පියුමී හංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ පොරොන්දු වෙමින් ඊයේ පැවසීය. එම පොරොන්දුව ප්‍රකාරව හංසමාලිට එරෙහි විමර්ශන බාධාවකින් තොරව සිදු කරගෙන යෑමට හැකි බව ආචනාධිකරණය රහස් පොලිසියට දන්වා සිටියේය. රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තමන්ට එරෙහි විමර්ශන වලක්වන මැන්ඩා මූස් රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු විමර්ශන නිලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා පැවරූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරතව සිටියේය.
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 60-65 දක්වා වැඩි විය හැකි බවය. එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ. කි. මී. 50-55 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මොළේ උණ වැළදීමෙන් මියගොස් තිබේ. අදාළ රැඳවියා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සෙනසුරාදා දිනයේ මියගොස් ඇති බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා පැවසුවේය. මේ වන විට තවත් රැඳවියන් තිදෙනෙකුට මොළේ උණ වැළඳී ඇති අතර ඔවුන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.
හලාවත පොලිස් වසමේ දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ. ඊයේ (14) සවස මොවුන් දියනෑමට ගොස් තිබුණි. දියේ ගිලිනු එක් අයෙකුගේ ජීවිතය බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ වටවන, හැටන් ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. මියගිය තරුණයා සිය බිරිඳ සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ දැදුරු ඔයේ දියනාමින් සිටින අතරවාරයේ මෙලෙස දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි. හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි. එමෙන්ම කටුගස්තොට මඩවල මාර්ගයේ මහවැලි ගඟේ නාන තොටුපොළ ආසන්නයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ…
මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැඳී සිටි පාසල් සිසුවියන් හය දෙනකු (14) දා රාත්‍රී ඉන් පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි. පලා ගිය සිසුවියන් අතර අවුරුදු 15 තිදෙනෙකු අවුරුදු 16 දෙදෙනකු හා අවුරුදු 18 එක් අයෙකු සිට ඇති බව පොලිසිය කියයි. මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිසුවියන් සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් දිනුම රටට එක්ව පෙරට තේමාව යටතේ සංවිධානය කරන මහජන හමු මාලාවේ තෙවැන්න බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර ඊට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහත්වරු රැළිය සංවිධාන කළහ. මෙම රැළියට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා,…
