Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් ඇතුළු සෙසු ඉදිකිරීම් වල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙි උපදෙස් ලබා දුන්නේය. අදියර තුනක් යටතේ බිංගිරිය කර්මාන්ත කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත යටිතල පහසුකම් වල සැලකිය යුතු ප්‍රමාණයක වැඩ කටයුතු දැනටමත් අවසන් කර ඇතැයි රජය පවසයි. ඒ අනුව තවදුරටත් සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු මෙම වර්ෂය අවසන් වීමට පෙර අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළැඹෙන…
කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100කට පත්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවය අමතමිනි. විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් මස 2 වැනිදා පවත්වන ලද ග්‍රාම නිලධාරී විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයැදුම්කරුවන් අතරින් 2100 දෙනකු වෙනුවෙන් මෙසේ ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි. අඩු ආදායම් ලාභී…
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ කාර්යභාරය දැන් අවසන් වෙමින් පවතින අතර දැන් අප ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, කොළඹ පැවති ශ්‍රී ලංකා දේශගුණික සමුළුවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යභාරය තමා ආර්ථිකය යළි ප්‍රතිස්ථාපනය කිරීම. තවත් ආකාරයකින් කියනවා නම් ආර්ථිකය ස්ථාවර කිරීම. එම කාර්යභාරය දැන් අවසන් වෙමින් පවතින්නේ. දැන් අප ඊළඟ පියවර ගැන අවධානය යොමුකළ යුතුයි. අපිට මේ ආර්ථික මොඩලය ඔස්සේ ඉදිරියට යා නොහැකියි. ශ්‍රී ලංකාවට නියත වශයෙන්ම පුනර්ජනනීය බලශක්තියේ විශාල හැකියාවන් පවතිනවා. ඉන් එක් අංශයක් තමයි සුළං බලශක්තිය. දැන් අපි සොයා බලනවා සුළං…
ඌරුමස් සහිත ව්‍යංජනයක් ආහාරයට ගැනීමෙන් මරණයට පත්වු බන්ධනාගාර රැඳවියන් දෙදෙනාගේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකරන ලෙස දැනුම් දී ඇත. බොරැල්ල හා දෙහිවල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා තබා තිබිණි. පෙරේදා දිනයේ මෙම එක් රැඳවියෙකුගේ නිවසේ සකස් කළ ඌරුමස් සහිත බත් පාර්සලයක් ඥාතීන් විසින් රැගෙනවිත් ඇති බව සඳහන්ය. එම බත් පාර්සලය රැඳවියන් 15 දෙනෙකු පමණ ආහාරයට ගෙන ඇති අතර එහිදි ඇතිවු ආසාත්මිකතාවක් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
තම ගැටලු සඳහා ස්ථිර විසඳුමක් අද (08) පැවැත්වෙන සාකච්ඡා මඟින් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් තීව්‍ර කිරීමට සිදුවන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි. වැටුප් කප්පාදුව පිළිබඳව ගැටලුවක් මුල්කර ගනිමින් පසුගිය 03වන දා සිට විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයේ අනුශාසක කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ලේකකාධීකාරී සම්පත් උදයංග මහතා පවසා සිටියේ, අද පැවැත්වෙන සාකච්ඡාවේ දී වැටුප් කප්පාදුව පිළිබඳව කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කර ඉදිරියේ දී එයට විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. අද දිනයේ දී මෙම වැඩවර්ජනයට සමගාමීව උද්ඝෝෂණයක් ද පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා පැවසීය. මේ…
ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නාවික හමුදාව පවසයි. යුද්ධ භූමියේදී බරපතල තුවාල ලබා ඉතාමත් අසරණව සහ කිසිදු හව්හරණක් නොමැතිව ඉන් සමහරක් එහිදී මිය යන බවටද තොරතුරු වාර්තා වී ඇත. මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන සක්‍රීය සේවයේ නියුතු හමුදා පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේනම්, නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක 0117192142 හෝ 0117192250 යන අංකයන් වෙත තොරතුරු ලබාදෙන මෙන් නාවික හමුදාව ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි. ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ Nativa Capital සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝමස් මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ. ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දීම ද ගිවිසුමේ අරමුණකි. මෙම ගිවිසුම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කර ගොවි පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර…
අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07) නඩු පැවරීය. නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මගින් ඉදිරිපත් කළ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකු , ඇමරිකාවේ යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගම නම්කර ඇත . මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව( සමාජ මාධ්‍ය පනත යටතේ)මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කරන ලෙසත් තමාට අපහසු වන අයුරින් ප්‍රචාරය කරන ලද වීඩියෝ පටය තවදුරත් ප්‍රචාරය කිරීම තහනම් කරන ලෙසත් පැමිණිල්ල මගින්…
ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි. මෙම ගින්නට හේතුව අනාවරණයවී නොමැති අතර දේපල හානි පමණක් දැනට සිදුවී ඇතැයි ද කිසිවකුට හෝ හානියක්වූ බවට දැන ගන්නට නැති බවද පොලිසිය සදහන් කරයි. ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ගුවන් හමුදාවේ ගිනි නිවන ඒකකය, සහ මීගමුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් ගින්න පාලනය කිරීමට පියවර ගනු ලැබීය.
