Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නේය. 2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධීකරණයට ඉදිරිපත් වුණි. ඉන් අනතුරුව ඒ මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි. මහබාගේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. මහබාගේ ශාන්ත ජූඩ් දේවස්ථානයේ අල්තාරය ආශිර්වාද ගැන්වීමේ උත්සවය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැත්වුණි. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්, “සත්‍ය සොයාගැනීම වෙනුවෙන් ඇයි අපි මෙච්චර දඟලන්නේ. ආණ්ඩු කරන අය කියන දේවල් පිළිඅරගෙන අපිට හොඳ ශේප් එකේ ඉන්න පුළුවන් නේ. ඒවා කළේ නැහැ කියලා අපේ ඇඟ රිදෙන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි අපි අපේ සහෝදරයාගේ ජීවිතය ගැන අපි වගකියන්න ඕනේ. අපි සංවේදී වෙන්නේ නැත්නම් අපි හරි ආත්මාර්ථකාමීයි.”
නිසි ආකාරයට ලංසු ඉදිරිපත් කර නොමැති බව පවසමින් අවලංගු කළ අක්ෂිකාච සැපයීමට ඉදිරිපත් වූ සමාගම්වලින් අක්ෂිකාච මිලදීගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරති. එම තීරණය වෙනස් කරමින් අඩුපාඩු සහිතව ලංසු ඉදිරිපත් කළ සමාගම් වලින්ම අක්ෂිකාච තොගය මිලදීගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිටි හැටියේ තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි බව තහවුරු කළ සහ ඒ බව සෞඛ්‍ය ලේකම්වරයා පත්කළ කමිටුවකින් තහවුරු කර තිබියදී හිටි හැටියේ එම වැරදි ටෙන්ඩර නිවැරදි වන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවන බවත් කුමුදේෂ් මහතා කීය. ටෙන්ඩරයක් සඳහා ලංසු තැබීමේදී හෙළිවන ඇතැම් වැරදි තෝරාගත් සමාගමක් සඳහා අවස්ථාව සැලසීම සඳහා කරන උපායක් ලෙසද, ඒවා…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව, මධ්‍යම, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටී. ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූයේ එම සැසිවාරයෙන් අනතුරුවයි. මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහඳ කතාබහක ද නිරත විය.
පෞද්ගලික බස් රථයක් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසැල් සිසුවියකටලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවැසීය. මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ සීතාවකපුර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසිනි. සැකපිට අත්අඩංගුවට ගත් මෙම පොලිස් පරීක්ෂකවරයා රුවන්වැල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත. සිසුවිය තමන්ට සිදු වූ මෙම හිරිහැර සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා ට දැනුම් දීමෙන් අනතුරුවකොන්දොස්තරවරයා සිසුවිය ගෙන් ඇයගේ පියාගේ ජංගම දුරකථන අංකය ඉල්ලගෙන මේ බව ඔහුට දැනුම් දී ඇතැයි කියති.
විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නිව්යෝර්ක් හිදී පැවසීය. විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ…
තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක සපයන සමාගම් වල බලපත් අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කිසියම් සමාගමක් විසින් ගොවීන්ට සපයන පළිබෝධ නාශක තත්ත්වයෙන් බාල නම් එම සමාගම්වලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය. ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ දිස්ත්‍රික් සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලමින් අමාත්‍යවරයා මෙම පියවර ගත්තේය. ඇතැම් සමාගම් වලින් ඉහල මිලක් ගෙවා ගත් පලිබෝධ නාශක වලින් වල් මර්දනයේ දී හා කෘමි මර්දනයේ දී නිසි ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ බවත් ඒවා බාල තත්වයේ පවතින බවත් ගොවි නියෝජිතයෝ කෘෂිකර්ම අමාත්‍යවරයාට පැවසූහ. ගොවීන්ගේ ඉල්ලීම් වලට…
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (21) සිදු විය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අතරවාරයේ මෙම හමුව සිදු විය. මෙහිදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිත්‍රශීලිව පිළිගත් අතර සුහඳ කථා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහ ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් මහත්මිය ද ඊට එක් වුහ.
රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම සිය අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ එම ඉලක්කය කරා ළගාවීමට ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහතින්, පළමුවෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ සභාපති ලෙස පත් වූ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ ගරු ඩෙනිස් ෆ්‍රැන්සිස් මැතිතුමාට මගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමීමට කැමතියි. ඒ වගේම පසුගියදා ඇතිවූ ස්වභාවික ආපදා තත්ත්වයන්…