Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වතුසේවක සැමියා වැඩට ගිය පසු නිවෙසේ එල්ලී මිය ගොස් සිටි අම්මාගේ දෙපා අල්ලාගෙන අවුරුදු එකහමාරක දරුවකු දිගින් දිගටම හඬද්දී එම හඩ ඇසී පැමිණි අසල්වැසියන් මවගේ මළ සිරුර සොයා ගත් පුවතක් ගම්පොල පුපුරැස්ස ප්‍රදේශයෙන් ඊයේ (08) වාර්තා වී තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ඩෙල්ලා වත්ත උතුරු කොටසේ පදිංචිව සිටි විසි දෙහැවිරිදි එක් දරු මවක්. මෙම මව නිවෙස තුළ කිසිවකුත් නොමැති අවස්ථාවක රෙදි කැබැල්ලකින් නිවෙස තුළ එල්ලී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඇය මහ හඩින් රෝඩියෝවද දමා ඇති අතර එයින් නැගෙන ගීත කණ්ඩ පරයා කුඩා දරුවකු බොහෝ වේලාවක් කඩන අයුරු ඇසුණු අයකු ඒ පිළිබඳව සොයා බැලීමේදී මෙම කාන්තාව වහලයේ එල්ලී…
සම්මුඛ පරීක්ෂණයට යාමේදී මග වැරදුණු තරුණියක්ව අපයෝජනයට ලක් කළ තරුණයන් දෙදෙනකු වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 07 වැනිදා මෙම තරුණිය වරකාපොල පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. එහෙත් ඇයට එම ආයතනය සොයාගැනීමට නොහැකිව මාර්ගය අයිනේ රැඳී සිට තිබුණා. එම අවස්ථාවේ දී ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයන් දෙදෙනකු ඇයට උදව් කරන බව පවසා ත්‍රීරෝද රථයට නංවාගෙන අඹේපුස්ස ප්‍රදේශයේ පොල් ඉඩමක මුර කුටියකට රැගෙන ගොස් ඇයව අපයෝජනය කර ඇති බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සෑම වසරකම මිලියන 3.2 ක ජනතාවක් දූෂිත ඉන්ධන සහ තාක්ෂණ භාවිතය නිසා ඇතිවන රෝගවලින් මියයන බව අනාවරණ වී තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්ෂණයක් මගින්. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් 2030 වසරේදී බිලියන 1.9 ක ජනතාවකට පිරිසිදු ආහාර වේලක් පිලියෙල කිරීමේ අවස්ථාව ද අහිමිවිය හැකි බව එම සමීක්ෂණ වාර්තාවේ සදහන්. විශ්වාසනීය, තිරසාර සහ නවීන බලශක්තිය සදහා ප්‍රවේශය සහතික කිරීම උදෙසා නිර්මාණය කර ඇති සංවර්ධන ඉලක්ක හතේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජගත් සංවිධානය විසින් තම හවුල්කාර සංවිධාන සමග එක්ව පැවති විශ්ලේෂණයකදියි මේ බව අනාවරණ වී ඇත්තේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඉල්ලා අස් වී තිබෙනවා. ඒ බව අද (09) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ
ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද (09) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය පිළිබඳ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 810ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර…
සාමාන්‍යපෙළ විභාගය දිනයේදී සිසුවෙක්ට ක්‍රිකට් පොලුවලින් පහර දුන් සිසුන් පිරිස අත්අඩංගුවට
ජුනි 6 වැනිදා පැවැති අපොස සා/පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍ර අතරේ දී ක්‍රිකට් ක්‍රීඩාවට යොදා ගන්නා විකට් පොලුවලින් තවත් සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් මහනුවර ප්‍රධාන පෙළේ පාසලක සිසුන් 6 දෙනෙකු අද (8) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර , විලේගොඩ රෝසවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී නිශාන් සිල්වා නමැති 35 හැව්රිදි තිදරු පියකු බව පොලිසිය කීය. අතුරුදන්ව ඇති පුද්ගලයා තවත් දෙදෙනකු සමග උදැසන 6.30 ට පමණ කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා ජේ.එස්. මැරීන් නමැති ඒ 1380 කේ එල් ටී එක්දින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇත. එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර, තිදෙනා බෝට්ටුවේ එල්ලී සිට ඇති බවත් පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පොලිසිය කීය. දිවි ගලවාගත්…
පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයමින් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ මෙලෙස කපුටන් මියයෑම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය. පුත්තලම නගරයේ වාන පාර වැව ආසන්නයේ කපුටන් ඊයේ (07) උදෑසන සිට මියයමින් පවතී. මේ සම්බන්ධයෙන් පුත්තලම නගර සභාවට ද තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව මියගොස් ඇති කපුටන්ගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමුකර වාර්තාවක් ලබාගැනීමටත් පුත්තලම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත.
පොලිස් කොස්තාපල්වරියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකාර පොලිස් කොස්තාපල්වරයා පදවිය පොලිසියේ රාජකාරි කරන විවාහක අයකු බවද පොලිසිය පවසයි. පොලිස් කොස්තාපල්වරිය 2019 වසරේ නෙදුන්කේනි පොලීසියේ සේවය කරමින් සිටින කාලයේ මෙම පොලිස් කොස්තාපල්වරයා සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වා ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු වී මෙම මුදල ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු එම මුදල ලබාගෙන කොස්තාපල්වරිය මගහැර මුදල වංචා කළ බවට කොස්තාපල්වරිය වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකාර කොස්තාපල් අත්අඩංගුවට ගෙන ඇත.
ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය. එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු මෙම විරෝධතා වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය. “අද අපි රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටින් සාමාකාමී උද්ඝෝෂණයක් පවත්වනවා. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය හැටියට අපි මේක පවත්වන්නේ පළාත් පාලන…