Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අද (29) සිට අනිද්දා (31) දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත සහ කොටුව අතර දුම්රිය ධාවනය එක් මන්තීරුවකට සීමා කිරීම මීට හේතුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර ඇති නල මාර්ගයක සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවී තිබේ. කෙසේවෙතත් එළඹෙන ඉරිදා රාත්‍රියෙන් පසු දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පැවසීය. විවාදයට සමගි ජන බලවේගයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, සහ කබීර් හෂීම් යන ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය. තමා මේ අභියෝගය කරන්නේ හත්වැනි වතාවට බව පැවසූ මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගය තමාගේ අභියෝගය මෙතෙක් බාරගෙන නැතැයිද සඳහන් කළේය. විවාදයකට ආරාධනා කරන විට ජාතික ජනබලවේගයේ අනුර දිසානායක ඇතුළු පිරිවර හැංගෙන බවත් තැන් තැන්වල පොර ටෝක් දුන්නට මේ වගේ විවෘත සභාවක මුහුණ දිය නොහැකි යැයි ඔවුන් හොඳින්ම දන්නා හෙයින් මෙසේ කටයුතු…
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. සතොස වෙළෙඳසැල්වලට දෛනිකව බිත්තර ලක්‍ෂ 5 ක් පමණ නිකුත් කරන බවත් උත්සව සමයේ කිසිඳු අයුරකින් බිත්තර හිඟයක් ඇති නොවන බවත් සභාපතිවරයා කීය.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා රන් භාණඩ හා හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. තියුණු ආයුධ ප්‍රහාරයෙන් මුඛයට ගෙලට හා අතකට කැපුම් තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි. හෝමාගම දුම්රියපොළ පාරේ පිහිටි ප්ලාස්ටික් භාණඩ අළෙවි සැලක් විවෘත කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ සිට තවත් කාන්තාවක් සමඟ තුවාල ලද කාන්තාව ඊයේ (28) දා උදෑසන පැමිණ ඇති අතර ඊට පෙර සුපුරුදු පරිදි යාබදව පිහිටි සිය පුතාගේ දෙමහල් නිවසට…
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට මාලිගා කන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කලාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (28) නියම කළාය. මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය. ජනවාරි, පෙබරවාරි මාස දෙකේ පමණක් සංචාරකයන් ලක්ෂ 5ක් පමණ දිවයිනට පැමිණ තිබෙන අතර රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය. ප්‍රසන්න රණවීර මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් ඊයේ රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්ගලයකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මහරගම පොලිසිය පවසයි. අනතුරින් මෝටර් රථයකට තීරෝද රථ දෙකකට හා යතුරු පැදියකට හානි සිදුව ඇති බව පොලිසිය කියයි. අනතුර සිදුවන අවස්ථාවේදී අධික වර්ෂාව සහ සුළං තත්ත්වයක් පැවති අතර එම අවස්ථාවේදී බෝ ගසෙහි හයිලේවල් මාර්ගයේ දෙසට පිහිටා තිබූ අඩි 70ක් පමණ දිගින් යුත් අත්තක් මෙසේ කඩා වැටීමෙන් අනතුර සිදුව තිබූ බව පොලිසිය කියයි. අනතුරින් තීරෝද රථයක් සම්පූර්ණයෙන්ම හානි සිදුව තිබූ අතර සෙසු වාහන වලට සුළු හානි…
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්‍රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේදී පැවැත්විණි. එහිදී ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය වාරි තාක්ෂණය හා කෘෂි කර්මාන්තය පිලිබද සාකච්ඡා කෙරුණු බව චමල් රාජපක්ෂ මහතා පැවසීය. මෙහිදී ප්‍රංශ තානාපතිවරයා මැදමුලන නිවසේ අතීත සිහිවටන ද දැකබලා ගත්තේය.
මීට වසර 16 කට පෙර කොළඹ, බණ්ඩාරනායක පුර ප්‍රදේශයේදී මවක් සහ පුත්‍රයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු එම්. ඒ. සම්පත් චමින්ද නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ඊයේ (27) තහවුරු කරන ලදි. එම දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ එකඟත්වය සහිතව විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය. 2008 වසරේ ඔක්තෝම්බර් මස 13 වනදා කොළඹ බණ්ඩාරනායක පුර ප්‍රදේශයේදී පිහිටි සිය නිවස තුළ සිටි මවක් වූ මායාදුන්නගේ චන්ද්‍රලතා සහ ඇයගේ පුත්‍රයා වන දිනේෂ් ප්‍රසන්න වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්…
