Author: LANKA24X7

බංකොලොත්වූ රටක දුප්පත්කම අළුත් දෙයක් නොවෙ යැයි ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ද අමාත්‍යවරයා කීය. මෙරට දුප්පත්කම ඉහළ ගොස් ඇති බවට විවිධ වාර්තා පල වුවත්, ආර්ථික වර්ධනය සෘණ 8ක් වූ සහ මුළුමණින්ම බංකොළොත් භාවයට පත්වූ රටක එය අළුත් දෙයක් නොවන බව පෙන්වා දුන් අමත්‍යවරයා සමෘද්ධිය සඳහා වෙන්කළ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වෙන්කර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ එම දුප්පත්කමට ඔරොත්තු දිය හැකි සමාජ ආරක්ෂණයක් ඇති කිරීමට බව ද සඳහන් කළේය. අමාත්‍ය…

Read More

උසස් තාක්ෂණ අධ්‍යාපන ඩිප්ලෝමාව හැදෑරූ පන්සිය දෙනකු ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉංග්‍රීසි ගුරු හිඟයකට පිළියම් ලෙස මෙම පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම පිරිස ඉංග්‍රීසි ගුරුප්පාඩු පවතින ජාතික සහ පළාත් පාසල්වලට යොමු කෙරෙනු ඇත.

Read More

කෘෂිකර්මාන්තයට සම්බන්ධ අමාත්‍යාංශ, ආයතන සහ සංවිධාන ප්‍රතිව්‍යුහගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන් කෘෂිකාර්මික නවීකරණ සංවිධාන කවුන්සිලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘෂි නවීකරණ වැඩපිළිවෙළේදී රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මෙම නව කවුන්සිලය පිහිටුවීමේ අරමුණ බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (03) පෙරවරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි. මෙරට කෘෂිකර්ම අංශය නවීකරණ කිරීම වෙනුවෙන් සකස් කළ ප්‍රතිපත්ති රාමුව, ඒ පිළිබඳව පත් කරන ලද විශේෂඥ කමුටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය. මෙම ප්‍රතිපත්ති…

Read More

වර්තාමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකු තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවත් එලෙස කාන්තාවකට තනිව සංචාරය කිරීමට ආරක්ෂිතම රට ශ්‍රී ලංකාව බවත් නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි ටයිම් අවුට් සඟරාව පවසයි. 1997 සිට 2010 වසරේ දක්වා උපත ලද කාන්තාවන් බොහෝ දෙනෙකු අද වනවිට තනිව සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද ටයිම් අවුට් සඟරාව ප්‍රකාශ කළේය.එම සමීක්ෂණයේ ප්‍රතිඵල මත සිදු කළ ශ්‍රේණි ගතකිරීමට ටයිම් අවුට් සඟරාව ප්‍රධාන වශයෙන් රටවල් 9 ක් ඇතුළත් කර ඇත. අලුත් මිතුරන්, වෙනස් සංස්කෘතීන් සහ මතක හිටින අත් දැකීම් සොයා ලෝකයේ ඈත කෙළවරවල් වල තිබෙන රටවල් පවා සංචාරය කිරීමට තරුණ වයසේ සිටින කාන්තාවන් බොහොමයක් වර්තමානයේ පෙළඹී ඇති බව ටයිම් අවුට්…

Read More

අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන පැමිණෙන නෞකාව සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් කර නොතිබූ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා පැවසීය. මෙම ජාවාරමට සම්බන්ධ අයට එරෙහිව ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගන්නා බවද ඔහු සඳහන් කළේය. මෙම නැව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙනම විමර්ශනයක් ආරම්භ කළේය.

Read More

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් තමන් ඕනෑම පුද්ගලයකු සමග ඕනෑම විවාදයකට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. මේ මොහොත වන විට රටේ ප්‍රශ්න ගැන විවාදයක් අවශ්‍ය බවට සමාජයේ කතාවක් යන බවත් එවැනි විවාදයක් සිදු විය යුතු බවට තමා පිළිගන්නා බවත් විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් නිසා තමා ඕනෑම විවාදයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ආර්ථික, සමාජයීය, දේශපාලන, ජාත්‍යන්තර ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඕනෑම මාතෘකාවක් ගැන වාද විවාද කිරීමට තමා සූදානම් බවත් ඔහු සඳහන් කළේය. වාද විවාද කිරීම මෙන්ම ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත් විපක්ෂයේ සිටින කාලය වාද විවාදවලට පමණක් සීමා නොකර ජනතාවට සේවයක් අගයක්…

Read More

නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද( 03)කොළඹට කැඳවා තිබේ අද සිට තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කැඳවු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම් එල් රත්නායක මහතා පැවසීය . මෙම වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 15 කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත නිසා මෙම වැඩමුළුව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

Read More

පවතින නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව පවුල් 2927කට අයත් පුද්ගලයන් 9866ක් පීඩාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඉන් වැඩිම බලපෑමක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුව ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2351ක 7053ක පිරිසක් පානීය ජලය නොමැතිව නියඟයෙන් පීඩාවට පත්ව සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. මෙයට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 576ක 2813ක පිරිසක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති. එම පිරිස වරකාපොල, රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් බවත් එම මධ්‍යස්ථනය තවදුරටත් ප්‍රකාශ කරයි.

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 9 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (2) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක් රුපියල් 55 කින්, රතු ලූනු කිලෝවක මිල රුපියල් 30 කින්, කඩල (ජම්බෝ) කිලෝවක මිල රුපියල් 16 කින්, අර්තාපල් (පාකිස්තාන්) කිලෝවක මිල රුපියල් 15 කින්, කිරිපිටි ග්‍රෑම් 400 මිල රුපියල් 10 කින්, පාන්පිටි කිලෝවක මිල රුපියල් 8 කින්, ආනයනික බිත්තරයක මිල රුපියල් 7 කින් සහ සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3 කින් සහ සෝයා මීට් කිලෝවක මිල රුපියල් 2 කින් මිල අඩු කළ බව සතොස සඳහන් කරයි. ලොකු ලූනු (පාකිස්තාන්)) කිලෝවක වන…

Read More

එකතු කළ අගය මත බදු (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට අදාල එකතු කල අගය මත බදු පනත යටතේ නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (2) පස්වරුවේ සම්මතවිය. එම නියෝගයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. එම නියෝගය අනුමත කිරීමට සලකා බැලුණු අවස්ථාවේදී ඊට විරුද්ධ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනට දැනුම් දුන්නේය. නියෝගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය. මෙයට අමතරව බැංකු සංශෝධන පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝගද මෙහිදී සම්මත විය.

Read More