Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය. රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුව බැංකු වාර්තා කැඳවීමට මෙසේ නියෝග නිකුත් කළේය. ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට…
ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණයක් සිදුකරමින් මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් පසුව හිතාමතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය මඟින් ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාව හා රජයේ රස පරීක්ෂකවරයා සිදුකළ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් මෙම කරුණු අනාවරණය වී ඇති බවත්,දත්ත මකා දැමුවේ කවුද? ඊට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් කළ යුතු බවත්,ඒ සම්බන්ධයෙන් සුදුසුකම්ලත් ජාත්‍යන්තර හෝ…
සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංගනයක යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපන වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්පත යොදාගෙන මුදල් වංචාවේ යෙදුණු සේවය අත්හැර ගිය යුද හමුදා මේජර් මේජර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන දෙකක් රවුටරයක් සහ ලැප්ටොප් පරිගණකයක් පොලිස් භාරයට ගෙන ඇත. මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ඇති 28 හැවිරිදි එකම පුතුට කොළඹ ප්‍රදේශයෙන් රූමත් මනමාලියක් බලාපොරොත්තු වන බවට පියා වශයෙන් හඳුන්වා සති අග ඉංග්‍රීසි පුවත්පතක සැකකරු පළ කර තිබූ මංගල දැන්වීමකට කොළඹ ප්‍රදේශයේ රජයේ විශ්‍රාම ලැබූ ධනවත් යුවළකගේ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ සිසුවියක් වන එකම දියණියකගේ මවක්…
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා අතර ඊයේ (18) පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් අවසන් වූ බව එම කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා ලංකාදීපයට පැවසීය. ප්‍රතිපාදන සභාවේ සභාපතිවරයා ලිඛිත විසඳුමක් ඒ සඳහා ලබාදීමට ඉල්ලා සිටියද මේ වන විට බලධාරීන් එවැනි විසඳුම් කෙරෙහි තමන්ට තිබූ විශ්වාසය පලුදු කර ඇති හෙයින් එවැන්නකට එකඟ නොවූ බවද ප්‍රියන්ත මහතා කීය. එම නිසා දැනට දින හතළිස් හතක් ගත වී ඇති තම වෘත්තීය ක්‍රියාමාර්ගය නිත්‍ය විසඳුමක් ලැබෙන තුරුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවද හෙතෙම පැවසීය. මේ අතර ඇතැම්…
අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත. කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ, ‘ෆයිසර්’ සමාගමට එරෙහිව නඩු පැවැරීමක් කළේ, කැන්සාස් ජනපද නීතිපති ක්‍රිස් කොබෙච් මැදිහත් වෙමිනි. ‘ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙනයි. එන්නත ලබා ගත් බොහෝ දෙනකු අද සංකූලතාවලට මුහුණ දෙනවා. සමහරු මියගිහින්. ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය ඇමෙරිකානුවන්ට හෙළි කළ යුතුයි’ යැයි නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය. ‘ෆයිසර්’ යනු වසර 175 කට වැඩි…
වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය. වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය. රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය. එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය. වව්නියාව ප්‍රදේශවාසීන් භූකම්පනය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය. “ළමයි දෙන්නා පාඩම් කර කර හිටියේ. එතපාරම අමුතු සද්දයක් ආවා. මේසේ උඩ තිබුණ ඒවා හෙල්ලිලා ගියා. අපිට ඇත්තටම බය වුණා සෑහෙන්න. විනාඩි…
සුදුවෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇදගත් පිරිසක් තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි රොෂාන් අෂාන් නමැති 24 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළේය. පැහැරගෙන ගොස් ඇති තරුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. සැකකරුවන් සුදුවෑන් රථයකින් පැමිණ හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී තරුණයාව පහරදී පැහැරගෙන ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ප්‍රදේශය හැරගොස් සිටින ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කළුතර දකුණ මූලස්ථාන පොලිස්…
ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවය.
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු104කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කර ගත්තේය. මෙවර ලෝක කුසලානයේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණි. ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වේ. එහිදි නිකොලස් පූරන් පන්දු 53කින් ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත්විය. පූරන් රැස්කළ ලකුණු 98 වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලානයේදි ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. ජොන්සන් චාල්ස්…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය. භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවද ඔහු සඳහන් කළේය. ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල් 420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බව ඔහු කීවේය. මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද පැවසීය. පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර් අනූ හතරක් ලෙසයි.එය පසුගිය වසරේ දෙසැම්බර්…
