Author: LANKA24X7

ඩොලරයේ අගය පහළ යෑම හේතුවෙන් මෙරට ජංගම දුරකථන මිල සියයට 18% – 20% අතර ප්‍රමාණයකින් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, සමිත් සෙනරත් මහතා මාධ්‍ය හමුවකට ඒ බව සඳහන් කළේය. මිල අධිකව ම පැවතුන Apple iPhone 15 Pro Max දුරකථනයක් මේ වනවිට 375,000ක් පමණ දක්වා අඩුවී ඇතැයි ද සමිත් සෙනරත් මහතා පවසයි.

Read More

ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් නම් කර තිබේ. 19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවට අනුව ඇතුළත්ව ඇති බව වාර්තා වේ. ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වේ. ලිවියා වොයිග්ට් මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි. ෆෝබ්ස් සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම විශේෂත්වයකි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදන් වී ඇති බව පවසමින් ඒ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Read More

දකුණු කොරියානු අග්‍රාමාත්‍ය Han Duck Soo මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (04) දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කළේය. කෘෂිකාර්මික, ඉදිකිරීම් හා වෙනත් කර්මාන්ත සඳහා තම රටේ රැකියා ලබාදෙන ශ්‍රම බලකායට අමතරව සෞඛ්‍ය සේවා හා වෘත්තික සේවා සඳහා නව රැකියා ලබාදීමේ හැකියාව පිළිබඳව ද කොරියානු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. පසුගිය වකවානුවේ පැවති මූල්‍ය අර්බුදය හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට, තම රට පැරිස් සමාජයේ සාමාජිකයකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා සෑමවිටම පෙනී සිටින බව කොරියානු අග්‍රාමාත්‍යවරයා සඳහන්…

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ. මොහොමඩ් ලෆාර් සහ චමත් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවීමට නියමිතය. දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කෙරුණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි “දැඩි විශ්වාසයක්” ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය. ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් පවතියි. එය ආරථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ම පියවරක් ලෙස සැලකෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් මාධ්‍ය හමුවකදී ඒ බව පවසා තිබුණි. පසුගිය වසරේ මාර්තු මාසයේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ට අනුමත කළ අතර එය වසර 4ක වැඩසටහනකි. ඒ යටතේ වූ දෙවැනි සමාලෝචනයට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවයකට…

Read More

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් ගාත්මෝර් දෙමළ මහා පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවකු රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙකි. ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් පාසල් සිසුවාගේ ඇග මතින් පෙරලිමෙන් පාසල් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවිමෙන් බරපතල ලෙස තුවාල…

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට 15% ක ස්ථාවර පොළියක් ලබාදී ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අඛණ්ඩව හඬ නගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ජීවිතයේ සැදැ සමයේ සිටින වැඩිහිටියන්ගේ ගිණුම්වලට ලැබුණු 15%ක පොලි ආදායම මේ වන විට 6%ට 8%ට පහත දමා ඇති බවත් මොවුන් දහඩිය මහන්සියෙන් ඉතිරි කර ගත් මුදලට ලැබුණු පොළියෙන් බෙහෙත් ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද විපක්ෂ නායකවරයා පැවසීය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 142 වැනි අදියර යටතේ මුලතිව් වැලිඔය මුහුදුබඩපත්තු ඇහැටුගස්වැව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.…

Read More

ආණමඩුව මහඋස්වැව රතනපාල ජාතික පාසලේ 8 ශ්‍රේණීයේ සිසුවියක් අද දහවල් පාසල ඉදිරිපිටදි මාර්ගය මාරුවිමට යාමේදි ලොරි රථයක ගැටි සිදුවු මාරක අනතුරකින් ආණමඩුව රෝහලට ඇතුලත් කර සිටියදි මරණයට පත්වු බව ආණමඩුව පොලිසිය කියයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මහඋස්වැව වෙලේවැව උතුර ප්‍රදේශයෙ පදිංචි පවුලේ වැඩිමහල් දරුවා වන රතනපාල ජාතික පාසලේ 8 ශ්‍රේණියෙ අධ්‍යාපනය හදාරමින් සිටි ඊක්ෂනා ගයත්මී නැමති 13 හැවිරිදි දැරියක් බව කියයි. මෙම දැරිය පාසල නිමා වී සමස්ථ ලංකා නැටුම් තරගාවලියට පාසලේ පැවති Anchorඅදාල පුහුණුවිම් වල යෙදි 2.50 පමන නිවස බලා යාමට බස් රථයට නැගිමට පදික මාරුව දිගේ දිව එද්දි නවගත්තේගම දෙසින් සහල් පටවාගෙන ආ ලොරි රථයක ගැටි බරපතල තුවාල ලබා…

Read More

වීරවිල එළිමහන් සිර කඳවුරේ සේවය කරනු ලබන බන්ධනාගාර නියාමකවරයකු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 35ක් සමග විරවිල පොලිසිය මගින් ඊයේ සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. පොලිසියට ලැබුන තොරතුරක් අනුව වීරවිල අඳැල්ල තිස්සපුර හෝටලයක් තුළ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදි සැකකාර නියාමකවරයා අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නාරාහේන්පිට පදිංචි 40 හැවිරිදි නියාමකවරයෙකි. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read More