Author: LANKA24X7

අද (18) දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වලාකුළු පිරි අහසක් පවතින බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති වෙන බව සඳහන්. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන් අන්දමට ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) පමණ තද…

Read More

ශාන්ති කර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොට අමුණ ප්‍රදේශයේදී පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) වන දින උදෑසන දක්වා සිදු කරන ලද ශාන්ති කර්මයක් අතරතුරදී හදිසි අසනීප තත්වයකට පත්වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව ලග්ගල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්. මරණකාරිය වයස අවුරුදු 48 ක් වූ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වෙන්නේ. ලග්ගල, දාස්ගිරිය ප්‍රදේශයේ නිවසක අසනීප තත්වයෙන් පසු වූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සුවපත් කිරීම සඳහා ශාන්ති කර්මයක් පවත්වන අතරතුර ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් වරින්…

Read More

මඩකලපුව – වසායිච් – සේනයි නාවලඩි ප්‍රදේශයේදී මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ කුකුල් ක්‍රීඩාවට සම්බන්ධ වූ පිරිසක්. සිද්ධියේදී කුකුල් පොරය නරඹමින් සිටි පුද්ගලයෙකු සහ කුකුළු පොරයට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලඩි ප්‍රදේශයේ වයස අවුරුදු 26 ත් 30 ත් අතර පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

Read More

අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ලබා ලබා දීමේ උත්සවයකට පැමිණි ක්‍රීඩා විනිසුරුවරියක ගේ බෑගයේ තිබී හිස් පතුරම් කොපු තුනක් සොයාගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ පිළියන්දල පාසලක ක්‍රීඩා තරඟ තීරවරියක් ලෙස කටයුතු කරද්දී සංඥාව ලබා දීමට භාවිතා කරන අවියෙන් නිකුත් වූ හිස් පතුරම් ඇය විසින් බෑගයේ දමා ගත් බවකි. එම හිස් පතුරම් බෑගයෙන් ඉවත් කිරීමට අමතක ව ඇය අරලියගහ මන්දිරයට රැගෙන ආ බව පොලිසියට පවසා ඇත. ක්‍රීඩා විනිසුරුවරිය සතුව තිබූ හිස් පතුරම් කොපු එම ක්‍රීඩා උළෙලට පොලිස් ක්ෂේත්‍රබලකා මුලස්ථානය විසින් අවසර මත ලබා දී තිබූ අවියක ඒවා බවද අනාවරණය වී තිබේ.මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කොල්ලුපිටිය…

Read More

ගවයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් නැවැත්වීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. ත්‍රීරෝද රථයකින් ගවයින් ප්‍රවාහනය කරන බවට යක්කලමුල්ල පොලිසියට ලද තොරතුරක් මත ගාල්ල උඩුගම මාර්ගයේ 13 කන්ද අසල මාර්ග බාධකයක් යොදා තිබෙන්නේ ඊයේ සවස ය.පොලිසියට ලද තොරතුරට අනුව මාර්ග බාධකය පසු කිරීමට පැමිණි ත්‍රීරෝද රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී මෙලෙස එම ත්‍රීරෝද රථ රියදුරු විසින් උප පොලිස් පරීක්ෂකවරයා අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. යක්කලමුල්ල පොලිසිය විසින් විමර්ශන සිදුකර ත්‍රිරෝද රථය සහ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී සැකකරු සතුව තිබී අත්බෝම්බයක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව තුළ දැනට සිටින හීලෑ ඇතුන් අතුරින් දිගම දළ යුගලය හිමි මුතු රාජා හස්තියා මෙරටදී රැක බලාගැනීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු හේතුවෙන් යළි තායිලන්තය වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන ජූලි 01 වැනිදා ගුවන් යානයකින් නැවතත් තායිලන්තයට රැගෙන යාමට පෙර එම ගුවන් ගමන සඳහා හස්තියා පුහුණු කරවීම මේ දිනවල සිදුවන අතර මුතුරාජා වෙනුවෙන්ම තනන ලද ආරක්ෂිත කූඩුවක් ඒ සඳහා භාවිත කෙරෙනවා.

Read More

ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආංශික අධීක්ෂණ කාරක සභා සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබදවත්, එම පාසල් පද්ධතිය මගින් සිසු දරුවන්ට ලබාදෙන අධ්‍යාපන හා එහි ගුණාත්මකභාවය ඉහළ නැවීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. එසේම, ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සදහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව මෙහිදී අනාවරණ වුණා. ගුරු මාරුවීම් මෙන්ම ගුරු උපදේශක සේවයේ…

Read More

මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘදරෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ ප්‍රකාශ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ වායු දූෂණය ඉහළ යාම නිසා මීට ප්‍රධානතම හේතුවක් බවයි. ශ්‍රී ලංකාවේද වායු දූෂණය කෙමෙන් ඉහළ යමින් ඇති හෙයින් එම අවදානම හටගෙන ඇතැයි ද ජනතාව ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා. මෙම අවදානම අඩුකර ගැනීමට එළිමහනේ ගමන් කරන විට හැකි හැම අවස්ථාවකම මුව ආවරණ පැළඳීය යුතු බවයි වෛද්‍ය පතිරණ පෙන්වා දෙන්නේ. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වායු දූෂණය සහ හෘද රෝග පිළිබඳ විධිමත් පරේශ්ෂණයක් අවශ්‍ය බවයි.

Read More

පියාගෙන් සිදුවන හිරිහැර ගැන පැමිණීමට 18 හැවිරිදි තරුණියක් රවටා නිවෙසට කැඳවාගෙන ගොස් ඇයට දරු ගැබැක් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා. ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ අදාළ තරුණිය විසින් සිදුකළ පැමිණිල්ල මත මූලික පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුවයි. මෙම කොස්තාපල්වරයා පසුගිය පෙබරවාරි 09 වැනි දින රාජකාරියේ නිරතව සිටිය දී මෙම තරුණිය සහ ඇගේ මවගේ සහෝදරිය සමඟ පොලීසියට පැමිණ ඇත්තේ පියාගෙන් කරදර සිදුවන බව බවසමින් ය. ඒ මොහොතේ පොලිස් නිලධාරිණියක් නොමැති බව පවසා මොවුන් දෙදෙනා රැය පහන්වනතුරු පොලීසියේ රඳවා ගැනීමට මෙම කොස්තාපල්වරයා කටයුතු කර ඇත. ඉන්පසු උදෑසන පොලිස් නිලධාරිනියක් පැමින එම පැමිණිල්ල සටහන් කොටගෙන ඔවුන්…

Read More

ජංගම දුරකථනයෙන් අසභ්‍ය ඡායාරූප ගෙන වට්ස් ඇප් මාරගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික පරිපාලන නිලධාරිනියකට යැවූ එම අමාත්‍යාංශයේම රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 15 වැනිදා වේයන්ගොඩ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට කළ බවයි වාර්තා වී ඇත්තේ. අදාළ විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය 61 වියැති දිවුලපිටිය මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක්. අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියැදුරෙකු වන අතර බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියෙක් බවයි මුලික පොලිස් විමර්ශනවලදී දී අනාවරණය වී ඇත්තේ. පරිපාලන නිලධාරිනිය සම අමාත්‍යාංශයේ සේවයේ නිරතව සිටිය දී සැකකරු නිලධාරිනියගේ රියදුරෙකු වශයෙන් ද සේවය කර ඇති බවත්, ඇය විශ්‍රාම ගැනීමෙන් පසු ඇයගේ මුහුණු පොතේ මිතුරකු වශයෙන් සම්බන්ධ ව සිට ඇති බවත් පොලිසිය…

Read More