Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 10 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් අඩු වී ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ පැවැත්වූ ප්‍රථම මුදල් මණ්ඩල රැස්වීම මෙය විය. ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී වී තිබෙන සහ සිදුවිය හැකි වර්ධනයන් ඉතාමත් සැලකිල්ලෙන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. ප්‍රීති පද්මන් සුරසේන සහ මහින්ද සමයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් ඉදිරියේ මෙය විභාග කළේය.
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය. ප්‍රතිශතයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවට එම අගය ලැබෙන බව කී වික්‍රමරත්න මහතා විදේශ රැකියා ආයතන වලින් ලැබුණු දත්ත අනුව 2022 දී ලක්ෂ තුනකට වඩා රට අතහැර ගොස් තිබෙන බව කීය. ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසීය. රටේ ආර්ථික අර්බුදය, බදු බර වෘත්තිකයන් මත පැටවීම නිසා වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනපතා ගැටළු වලට මුහුණ පාන බවත්…
කොළඹ ප්‍රධාන මර්මස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ අයිඑස් අයිඑස් සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ඉල්ලීමක් කළේය. එසේම මෙම සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවද දැනුවත් කරන්නැයි ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
ඉදිරියේදී මෙරට උද්ධමනය 5%ක මට්ටමේ රඳවා තබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එකඟතාවයකට පිවිසි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එය තීරණය කර ඇත්තේ නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව බව මාධ්‍ය අමතමින් ඔහු පැවසීය.
උතුරේ සිදු කරනු ලබන උද්ඝෝෂණ, විරෝධතා සම්බන්ධයෙන් උතුරේ තරුණයෙකු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිදිපත් කර ඇති බවට වාර්තාවේ. එම ප්‍රකාශය පහත පරිදිවේ. ආයුබෝවන් මගේ නම සසිකරන් මම කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පුද්ගලයෙකි. අද අපි ආවේ විරෝධතා උද්ඝෝෂණයට. ඊයේ දවස පුරාම අපි කැනීම් කටයුතු සිදුකල ස්ථානයේ සිටියා. මමත් සටන්කරුවෙක්. අපිව මොවුන් ඉත්තෙක් විදිහට තබාගෙන කටයුතු කරනවා. අපිත් ජීවත්වෙන්නේ ඉතා දුෂ්කරත්වයෙන් තමයි. නමුත් මේ වගේ අයවළුන් අපි ලඟට එන්නේ මෙවැනි විරෝධතාවයන් සිදුකරන්නට අවශ්‍ය නම් පමණයි. අපිව භාවිතා කරලා ඔවුන් සැපවත් ජීවිතයක් ගතකරමින් සිටිනවා. මෙම මිනී වල සිද්ධිය 1984 වර්ෂයෙන් පසුව තමයි සිදුවී ඇත්තේ. නැත්නම් දැන් සිදුවී ඇතැයි යනුවෙන් අපහට නිගමනය කරන්නට බැහැ. පෙර යුද්ධයේ අතුරුදහන්වු…
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ හතිය රෝගී තත්ත්වය මේ වන විට ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බවය. ඊට අමතරව වෛරස් උණ රෝග තත්ත්වයක් ද ළමුන් අතර පැතිර යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය. “පවතින වර්ෂාපතනය සමඟම සමහර ප්‍රදේශවලට සීතල තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සමහර ප්‍රදේශවලට වැසි තත්ත්වය සමඟ ජලගැලීම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ නිසා රෝග කිහිපයක ව්‍යාප්තියක් අපි දකිනවා. විශේෂයෙන්ම ළමා හතිය වැඩිවෙලා තියෙනවා. ඊට අමතරව සීතල තත්ත්වය සමඟ ස්වසන මාර්ගයට ඇති වෙන වෛරස්වල වැඩිවීමක්…
දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මීට අදාල ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 12 වැනි දින ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර එය මාසයක කාලයක් සඳහා බල පැවැත්වෙයි. වැඩ වර්ජන හෝ වෙනත් ක්‍රියා මාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයන් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කරයි.
ගුටි කෙලියක් හේතුවෙන් දුම්රිය උප නියාමකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනය තුළත් ක්‍රියාත්මක වීම නිසා දුම්රිය මගීහු සහ කාර්යාල සේවකයෝ දැඩි අපහසුතාවයට පත්ව සිටිති. දුම්රියක් පැමිණෙන තෙක් දුම්රිය ස්ථානවල විශාල පිරිස් රැඳී සිටින අතර කලාතුරකින් ගමන් ගන්න දුම්රියවල විශාල පිරිස් දොරවල්වල පවා එල්ලී ගමන් කරනු දක්නට ලැබිණි. මෙම වැඩ වර්ජනය හේතවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන්වාට 100කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කෙරුණු අතර සේවය නිමවා නිවෙස්වලට ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පැමිණි කාර්යල සේවකයෝ මෙන්ම දුරබැහැරින් කොළඹ පාසල්වලට පැමිණි දරු දැරියන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබිණි. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කර තිබූ අතර කළුතරින් පමණක් ගමන් ආරම්භ…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංද ඇති වේ.