Author: LANKA24X7

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,393ක් වෙයි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650කි.

Read More

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් දෙදෙනාව නිදහස් කරමින් එම නඩුව නිෂ්ප්‍රභ කර තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පාකිස්තානු ජාතිකයෙකුට මහජන මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් එම නඩුව ගොනුකර තිබුණි.

Read More

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද ? නැතිනම් රටේ නීතියට අනුව කටයුතු කරනවා ද ? යන්න පිළිබඳ සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹදී ඊයේ (03) පැවති සමරු උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස පැවැත්වුණි. උත්සවය පැවැත්වුනේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මම දැන් අහන්නේ මොකක්ද අනාගතය කියලා ? ඒකයි අපිට හිතන්න තියෙන්නේ. එදා තියෙන ඕනෑම මාධ්‍යක් රටේ නීතියට යටත් වුණා. ඒ නීතියෙන් පාලනය වුණා. අද තියෙනවා සමාජ මාධ්‍ය.…

Read More

‍මාළිගාවත්ත දුම්රිය අංගනයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියාමකවරයෙක් සහ මාළිගාවත්ත අංගනයේ සේවකයෙකු අතර හටගත් ගැටුමක් හේතුවෙන් නියාමකවරුන් දුම්රිය අංගනය වෙත යාම ප්‍රතික්ෂේප කිරීම මීට හේතු වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ගැටලුව විසඳීම සඳහා මේ වන විට දුම්රිය බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන්ය.

Read More

ඊච්චන්කුලමේ සිදු වූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (03) දහවල් ඊච්චන්කුලම වව්නියාව මාර්ගයේ පුදුකුලම් හන්දියේදී අතුරු මාර්ගයකින් පැමිණි යතුරුපැදියක් වව්නියාව දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ පිටුපස ගමන්කළ පිරිමි දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මියගොස් ඇති දරුවා වව්නියාව, පුදුකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් තවත් දැරියක් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය. මෘත ශරීරය වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඊච්චන්කුලම පොලීසිය විසින් සිදුකරනු…

Read More

මීට වඩා බදු බරක් මේ මොහොතේ ජනතාව මත පටවන්නට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බදු ආදායම ලබා ගැනීමේ ඉලක්කයක් තිබිය යුතු බවත් ඒ සඳහා තිබෙන බදු තවත් වැඩි කළ යුතු බවත් මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබෙන බව කී විජයදාස රාජපක්ෂ මහතා එම ඉල්ලීම නැවත සලකා බලන ලෙස මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා ඇති බවද සඳහන් කළේය.

Read More

ලෝක ළමා දිනය සැමැරූ දින උදේ ඌරුබොක්ක මැකිලියතැන්නේ දී මාස හයක් වයසැති එකම දරුවා ගේ මරණය සම්බන්දයෙන් 21 හැවිරිදි මව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක, මැකිලියතැන්න, එක් දරු මවක බව පොලීසිය පැවැසීය. මෙසේ මියගොස් ඇත්තේ මාස 6 ක් වයැසැති ඌරුබොක්ක ගමගේ නුවදි ලියාශා ගිම්සදී නැමැති බිළිදියයි. පසුගිය 30 දින සවස 4.00-4.30 අතර කාලයේ බිලිදියට දාඩිය දමා තිබූ බැවින් හීටරයෙන් වතුර උණු කර රෙදි කෑල්ලකින් දාඩිය සෝදා හැර පසුව තුවායකින් ඇඟ පියදාමින් සිටියදී නිවසේ ඇති කරන සුනඛයා නිවස තුලට පැමිණ තමාගේ කකුල එක්වරම කටින් ඇල්ලූ බවත් ඒ අවස්ථාවේ එක්වරම බල්ලා දෙස බැලීමේදී බිළිදියගේ හිස බිත්තියේ වැදුන…

Read More

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ලබා දී තිබු මාස 3ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලිස් මුලස්ථානය පවසයි. පොලිස්පතිවරයා වෙත මේ දක්වා සේවා දිගු දෙකක් ලබා දී තිබුණි. ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මාර්තු මස 25 වැනි දින විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතා වෙත මුල්වරට මාස 3ක සේවා දිගුවක් ලබා දී තිබුණි. පළමු සේවා දිගුව අවසන්වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී…

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ජර්මනියේ රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතිකයින් දෙවැනි පන්තියේහි ලා සැලකීමේ බටහිර මාධ්‍ය ආකල්පය වෙනස් විය යුතු බව කී ජනාධිපතිවරයා එක්සත් රාජධානිය හෝ ජර්මනිය ගැන එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කර තිබෙනවා දැයි ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව නොපිළිගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ජර්මන් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසූයේ තමා රට බාර ගත්තේ රටේ සාගින්දර නැති කිරීමට බවත් ආර්ථිකය ක්‍රියාත්මක වීම ඇරඹුනේ මේ වසරේදී වන අතර තවමත් ඒ…

Read More

චේතනාන්විතව බොරු කිව්වා යැයි කියා නෙත් එෆ්.එම් මාධ්‍යවේදීන් සිව්දෙනකු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇතැයි ද මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලට පෙලඹෙන්න එපා යැයි ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. තමාට කොතරම් මඩ ගසා තිබෙනවා දැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මෙවැනි පිළිවෙතක් අනුගමනය කරනවා නම් කීදෙනෙක් වරප්‍රසාද කමිටුවට ගෙන්වන්නට ඕනෑ දැයි විමසීය. කතානායකවරයා හෝ මැදිහත් වී මාධ්‍ය නිදහස අහුරන ක්‍රියා නතර කළ යුතුව ඇති බවද විපක්ෂනායකවරයා කීය. එම අවස්ථාවේ මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසූයේ වරප්‍රසාද කමිටුව යනු නරක තැනක් නොවන බවත් සාකච්ඡා කොට කරුණු විසඳාගත හැකි බවත් ය.

Read More