Author: LANKA24X7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා ගොනුකර ඇත. විරෝධතා බාරදෙමින් පක්ෂයේ ලේකම්වරයා පවසා ඇත්තේ පක්ෂයේ කටයුතු පක්ෂ ව්‍යවස්ථාව අනුව සිදු විය යුතු බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා පැවසුවේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් නීතිඥවරයකු මාර්ගයෙන් මෙසේ විරෝධතා බාර දුන් බවයි. මැතිවරණ කොමිෂන් සභාව අද(18) රැස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් ඉදිරිපත් කර ඇති කරුණු සහ විරෝධතා සලකා බලා සුදුසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

Read More

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා හැදෙන ප්‍රබල සංධානයක උච්චතම අවස්ථාව තව නොබෝ දිනකින් දැක ගැනීමට හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය මහතා පැවසීය. විපක්ෂයේ විවිධ පිරිස් එජපය සමග සාකච්ඡා කරමින් ගනුදෙනු කරමින් සිටින බව කී රත්නප්‍රිය මහතා රට ඉදිරියට ගෙන යා හැකි නායකයා කවුදැයි ඔවුන් තේරුම් ගෙන සිටින බව සඳහන් කළේය. දෙමළ, මුස්ලිම් ඇතුළු විවිධ කණ්ඩායම් ඉදිරියේදී හැදෙන සන්ධානය වටා එකතු වීම වලක්වන්නට කිසිවකුටවත් නොහැකි බව ද රත්නප්‍රිය මහතා පැවසීය.

Read More

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය. මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බව මේජර් ජෙනරාල් සෝ ප්‍රකාශ කළේය.අවුන් සාන් සුකී පමණක් නොව මහලු වයසේ සිටින සියලුම සිරකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් බවත් එම සිරකරුවන් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුරවීම වැළැක්වීම සඳහා දැනටමත් ක්‍රියා මාර්ග ගැනීම ආරම්භ කර ඇති බවත් මේජර් ජෙනරාල්වරයා පැවැසුවේය. නමුත් අවුන් සාන් සුකී නිවාස අඩස්සියට පත්කිරීම සඳහා රැගෙන ගිය ස්ථානය ප්‍රසිද්ධ කිරීමෙන් මේජර්…

Read More

කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගිය 04 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිට දී රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. සැකකරුවන්ට එරෙහි විමර්ශනය සංකීර්ණ හා දීර්ඝ බැවින් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස…

Read More

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතය. කෙසෙල්වත්ත පොලීසිය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අලුත් කඩේ ප්‍රදේශයේ වීථී අවන්හලකින් ආහාර මිලදී ගැනීමට පැමිණි සිටි විදේශිකයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය පැවසුවේ, විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ විට වෙළෙඳසල් හිමියා රුපියල් 1,900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළෙඳසැල් හිමියා මෙලෙස…

Read More

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘති කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන ‘සූර්ය මංගල්‍යය’ ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ විමර්ශන…

Read More

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි. මියයන විට 64 වැනි වියෙහි පසුවු තෙවරප්පෙරුම මහතාගේ මරණයට හේතුව විදුලි සැර වැදීමක් බව ඥාති පුත්‍රයෙකු සඳහන් කළේය. 1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයකි. 2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළේය. 2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

Read More

අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද (17) දිනයේ බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමයන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දිවයින පුරා බස්රථ 9,000ක් යොදා ඇති බවය. අද සිට සමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පවසයි. දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා සඳහන් කළේ, සියලුම රියදුරන් ධාවනාගාර වෙත පැමිණීම හේතුවෙන් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය සිදුකළ හැකි බවය.

Read More

දකුණු පළාතේ අධිකරණයක දිසා විනිසුරුවරයකු උප පොලිස් පරීක්ෂක මස්සිනා ගේ නිවෙසට සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් ගිය අවස්ථාවක දෙමස්සිනාලා අතර ඇතිවී යැයි කියන ආරවුලක දී දිසා විනිසුරුවරයාගේ බිරිඳ කම්පනයට පත්ව රෝගාතුරුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි අක්මීමන පොලිසිය සඳහන් කරයි. මෙම විනිසුරුවරයා විවාහ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහෝදරියක සමගය. උප පොලිස් පරීක්ෂකවරයා බස්නාහිර පළාතේ පොලිසියක රාජකාරි කරන්නකු බවත් පොලිසිය කියයි.‍ දිසා විනිසුරුවරයා බිරිඳ සමග සිංහල අලුත් අවුරුද්ද උදාවූ ඉකුත් දහතුන් වැනිදා මස්සිනාගේ නිවෙසට සුරතලයට ඇති කරන බළලා ද රැගෙන නෑගම් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පසු දින එනම් 14 වැනිදා රාත්‍රි…

Read More

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී වෙළඳ සල් හිමියා රුපියල් 1900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළඳ සල් හිමියා මෙලෙස ඔහුට මේ ආකාරයට බැන තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත. මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රබලව සංසරණය වෙමින් පවතී. පොලිසිය එම වීඩියෝ පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත්…

Read More