Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙනෙකු ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය එහිදී සොයා බලන කරුණු අතර හිටපු සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස දී ඇති ආසන සංවිධායක ධුර ද වේ අදාළ කමිටුවට අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග වීර කුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරු ඇතුළත් වේ එම කමිටුවේ සභාපති ධුරය තමන් විසින් දරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බවද…
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් චතුර ගල්හේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කරනු ලැබීය. පක්ෂ දෙකේ ආර්ථික කමිටු සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදයන් සම්බන්ධීකරණය සහ අනිකුත් විධිවිධාන සැලැස්වීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඔහු එමගින් ඉල්ලීමක් කරනු ලබයි.
අද (26) අලුයම් කාලයේදී මාන්කුලම වසන්තනගර් හංදිය අසලදී යුද හමුදා සෙබළුන් ගමන් කළ කැබ් රථයක් අනතුරට ලක්වී ඇත. ඒ කැබ් රථයට පිටුපසින් පැමිණි ලොරි රථයක් කැබ් රථයේ ගැටීමෙනි. අනතුරත් සමග කැබ් රථයේ පිටුපස ගමන් කළ එක් සෙබළෙකු රථයෙන් විසිවී ගොස් පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අනතුරෙන් මියගොස් තිබේ. තුවාල ලැබූ තවත් සෙබළුන් 09 දෙනෙකු ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත. මියගොස් ඇත්තේ 39 හැවිරිදි ඇහැටුවැව ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා 07 වන සේවා බළකායට අනුයුක්ත මුරුක්කණ්ඩි කඳවුරේ සැරයන්වරයෙකි.
අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ අනුව සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදාහැරීමටත් තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටත් නියෝග කෙරුණි. මෙහිදී පූජ්‍ය උලපනේ සුමංගල හිමි වෙත විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට අවවාද කළේය. නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට බාධා කරමින් විරෝධය පෑ බවට…
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමීන්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (25)නියෝග කළේය. දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. නැව ගිනි ගැනීමට පෙර රසායනික කාන්දුවක් සිදුවන බවට කපිතාන්වරයා විසින් නැවේ මෙහෙයුම් කටයුතු කළ දේශීය නියෝජිත ආයතන දැනුවත් කර ඇත්ද?එසේ දැනුවත් කලේ නම් එම දත්ත දේශීය ආයතනය නියෝජිතයින් විසින් මකා දමා ඇත්ද යන්න පිළිබඳව සිදුකරන විමර්ශන කඩිනම් කිරීමට නියෝග කරන්නැයි විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභික සහ දේශපාලන මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන්වූ සාකච්ඡාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සංවිධානත්වයෙන් ඊයේ (25) ගම්පහදී පැවැති අතර මෙම තීරණය ගෙන ඇත්තේ ඵම රැස්වීමේදීය. මැයි දින රැලියට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් සහ ආසන සංවිධායකයන් සහභාගි වන බවත් දුෂ්මන්ත මිත්‍රපාල මහතා…
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය. ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයකට සහභාගි වීමට නියමිත බවත් සෙනසුරාදා (27) ස්වීඩනයේ නක්කා අවුලාහිදී එරට වේලාවෙන් පස්වරුවේ ජන හමුවකට සහභාගි වීමට නියමිත බවත් ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව මෙම සංචාරය සංවිධානය කරයි.
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජිකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරයෙක්ගේ හිතවතකුගේ නම් පාවිච්චි කරමින් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ චෝදනා කරති. ප්‍රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් පාතාලයේ නම් පාවිච්චි කරමින් මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරත වන බවත් ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් රේගු ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට බියකින් පසුවන බවත් ව්‍යාපාරිකයෝ කියති. රේගුව රාජසන්ත කළ අඩි 20 බැගින් වන කන්ටේනර් 15 ක ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටයිල් 58,024 අද (26) පෙරවරුවේ ටෙන්ඩර් පිරිනැමීමට නියමිතව ඇති බවත් එම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපාරිකයන් ද බියගැන්වීමට…
රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් ඊයේ (25) ඔරුගොඩවත්ත ප්‍ර දේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම මත්කරල් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් මිලදී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ සැමරුමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. කාදිනල් හිමිපාණන් විසින් එල්ල කරන ලද ප්‍රධාන චෝදනා 4ක් උපුටා දක්වමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත. – උපුටා ගැනීම – පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත සඳහන් චෝදනා එල්ල කරන ලදී. •පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව මට ලැබුණු දිනට පසු දිනම මා කාදිනල් හිමිපාණන්ට දුරකථනයෙන් කතා කර එම…
