Author: LANKA24X7

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට ඊයේ (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය. පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පසුගිය (3) පස්වරුවේය. ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා…

Read More

මේ වන විට රට පාලනය කරන්නේ හොරකම, දූෂණය, අල්ලස හා වංචාව ආරක්ෂා කරන රජයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න විනිවිදභාවයෙන් යුක්ත පාරදෘශ්‍ය අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය. සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 218 වැනි අදියර යටතේ අම්පාර මහඔය බොරපොළ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

Read More

රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම සම්බන්ධව එල්ල වී තිබූ චෝදනාවලින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කර තිබේ. අමෙරිකාවේ පාකිස්තාන තානාපතිවරයා එවූ රහසිගත කේබල් පණිවුඩයක් සම්බන්ධව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය රහස් හෙළිදරව් කළ බවට චෝදනාවට ලක්වූ ඛාන් ට පහළ අධිකරණයක් මඟින් වසර 10ක සිරදඬුවම් නියම කර තිබුණි. කෙසේ වෙතත් ඔහුට මෙහිදී නිදහස හිමිවන්නේ නැහැ. ඒ ඔහු මෙම චෝදනාවෙන් නිදහස ලැබූවත්, ඉස්ලාමීය නීති කඩකරමින් තෙවැනි බිරිඳක් ආවාහ කරගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 7ක සිරදඬුවම් විඳිමින් සිටීම හේතුවෙ

Read More

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712කි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් අඩු කළේය. එම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සිය මිල ගණන්ද සංශෝධනය කර ඇති අතර සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් අඩු කෙරුණු අතර එහි නව මිල රුපියල් 317ක් වෙයි. භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 202කි. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවන…

Read More

හොරණ සහ තෙලිකඩ දොඩංගොඩ ප්‍රදේශ වල ඊයේ (31) සිදු වූ රිය අනතුරු දෙකකදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි මානාන බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි ව සිටි කාන්තාවක් සහ හෑගොඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි. හොරණ බුලත්සිංහල මාර්ගයේ බැල්ලපිටිය හංදිය අසලදී හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වූ පුද්ගලික බස්රථයක් මාර්ගයේ මගීන් බස්සවා නැවත ඉදිරියට ධාවනය කිරීමේ දී එම බස් රථයෙන්ම බැස්ස මෙම කාන්තාව බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇත. අනෙක් අනතුර සිදුව ඇත්තේ දොඩංගොඩ, තෙලිකඩ ප්‍රදේශයේ දී වක්වැල්ල දෙස සිට දොඩංගොඩ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් ට්‍රක්…

Read More

ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර ඇත. ‘දැන් ඇති යුද්ධ කළා. මේ යුද්ධය අවසන් වෙන්න ඕනෑ’ යැයි කියමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙම නව සාම සැලැස්ම ඉදිරිපත් කළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම නව සාම සැලැස්ම අදියර 6 කින් ක්‍රියාත්මක වනු ඇති බවත්, ගාසා පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ ඊශ්‍රායලයේ ස්වෛරීත්වය රැක ගැනීම මූලික අරමුණ බවත් ධවල මන්දිරය පෙන්වා දී තිබේ.

Read More

මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රයේ සිට පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින්ද , ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16කින්ද භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්ද පහළ දමා ඇැතයි එම නිවේදයේ සඳහන් වේ. ඒ අනුව ඔක්ටෙන් 92 නව ලීටරයක මිල රුපියල් 355කි. ලංකා සිදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 317කි. භූමිතෙල් නව ලීටරයක මිල රුපියල් 202කි. ඔකටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිල සංශෝධනය කර නොමැත. ලංකා අයි.ඕ.සී සමාගම ස සිපෙට්කෝ මිලට සමාන අයුරින් ඉන්ධන මිල අඩු කර ඇත.

Read More

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතනය (SAITM) සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) එළඹෙන අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 2025 ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර, පූර්ව සැලසුම් සකස් කිරීම සඳහා මෙම පියවර ගන්නා බවද ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

Read More

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබා දුන් වැඩිහිටි දීමනා නතර වී නැතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර අැතැයිද තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. එසේම ජුනි මාසයට අදාල දීමනාව ද එම මාසයේම ගෙවන බවද අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාල බැංකු ගිණුමටම ඉදිරියේදී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු කරන බවද ප්‍රතිලාභ මණ්ඩලය…

Read More