Author: LANKA24X7

වගුරු බිමක දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (05) දියේ ගිලී මියගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම ගනේගම බටහිර පදිංචි ජී.එල්. නයන තත්සර නැමැති සිසුවෙකි. අධික වර්ෂාවත් සමග ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් සහ වැසි ජලය බැස නොයෑම හේතුවෙන් වගුරු සහිත ස්ථාන බොහොමයක් තවමත් ජලයෙන් පිරී පවතින බව පොලිසිය සඳහන් කරයි.

Read More

ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන “සර්වජන බලය” එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07 යෝජිත විදුලි පනතට එරෙහිව අද (05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ. “සර්වජන බලය” එකමුතුවේ නායකත්ව මණ්ඩලය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ‘යුතුකම’ ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යන…

Read More

ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ. අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිලද රුපියල් 10කින් අඩු කෙරෙන බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.

Read More

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාව සහ පුද්ගලයා දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති බවය. මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ 33 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු බව පොලීසිය පැවසුවේය. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර පවුලේ සාමාජිකයින් සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණි දියනාමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවය. මෘත ශරීර දෙබරවැව රෝහලේ තැම්පත් කර ඇති අතර කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

විදුලිබල පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් ඊයේ (04) අංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී අනුමැතිය ලබාගත් බවත් අමාත්‍යවරයා පැවසීය. එබැවින් එම පනත් කෙටුම්පතට වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවද ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (04) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව විදුලිබල පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවත්…

Read More

20යි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩය යටතේ අද (05) නිමාවූ තරගයෙන් ජය ගැනීමට නෙදර්ලන්තය සමත්විය. ඒ නේපාලය පරාජය කරමිනි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 106ක් රැස්කළේය. ඊට පිළිතුරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 18.4 කදී කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබාගනිමින් තරගය ජයගත්තේය.

Read More

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසයි. එහි සමලේකම් කේ.එල්.ඩී රිච්මන් මහතා සඳහන් කළේ, සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සමග කළ සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවය. “මැයි 2 ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකයි. ඊයේ දිනයේ රාජ්‍ය අමාත්‍ය රාඝවන් මහතා සමග සාකච්ඡා වට දෙකක් පැවත්වුවා. රජය පැත්තෙන් විසඳුම් ලබා දෙන යෝජනා ඉදිරිපත් වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අවසාන විසඳුම ලෙස අපිට මේකට ලිඛිතව දෙයක් අවශ්‍යයි. ඒ චක්‍රලේඛය ලබාදුන් වහාම අපි වැඩවර්ජනය අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ලබාදෙන කල් වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ වනවිට දින…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read More

කෑගල්ල මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් අසල වූ කඩා වැටුණු පස් කන්දකට යටවී වයස අවුරුදු තුනහමාරක සිඟිත්තකු මිය ගියේය. මෙසේ මියගොස් ඇත්තේ කවිඳු ෂෙහන්ත නමැති දරුවෙකි. නිවසෙහි පිටුපස ආරක්ෂිත පැතිබැම්මක් නිර්මාණය කිරීමට අද උදෑසන සිට ඉවුරක් කපා තිබූ අතර මිය ගිය දරුවා එම ස්ථානයේ සෙල්ලම් කරමින් සිටියදී ඔහුගේ සිරුර මතට පස් කන්ද වැටී ඇතැයි ද පොලිසිය කියයි. අසල්වාසීන්ගේ සහායෙන් දරුවා ගොඩට ගෙන කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරා ඇතත් දරුවා මියගොස් ඇති බව වාර්තාවේ.

Read More

වැලිඔය සම්පත්නුවර කල්‍යාණපුර ගම්මානයේ පසුගියදා කුඩ දරුවකුට අමානුෂිකව පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය. සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ කුඩා ළමයකුට කෑම කමින් සිටියදී පහරදෙන විඩියෝවට අදාල ප්‍රධාන සැකකාර පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අද දින අලුයම පුල්මුඩේ,අරසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර අමානුෂිකව පහරකෑමට ලක්වූ වින්දිත කුඩා දරුවාද සොයාගෙන ඇති අතර දරුවා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද පොලීසිය පැවසීය.

Read More