Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව සාගර කාරියවසම් මහතා පැවසීය. කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉහළ බදු හේතුවෙන් රටේ උගත් වෘත්තිකයන් සහ පුහුණුවලත් වෙනත් ශ්‍රේණිවල වෘත්තිකයන් රට හැර යෑම ගැටලුවක් බවට පත්ව ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආබාධිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර ඇත. යෝජිත මෙම නව පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බව ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස එම සංසදයට පෙන්වා දුන්හ. මේ අතර ආබාධිත තැනැත්තන් වෙනුවෙන් සාමාන්‍ය රියදුරු බලපත්‍රය ලබාදීමට මේ මාසයේ සිට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා…
දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. ඒ අතර රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බවද පොලිසිය කියයි. මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්,මෝටර් රථයක් , යතුරුපැදි දෙකක් , කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 1,23,000, පර්චස් දහයක ඉඩම්…
බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහැනක් යොදා වන අලියෙකු ඝාතනය කිරිමේ චෝදනාවක් මත 54 හැවිරිදි ගොවියෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කහටගස්දිගිලිය අඩවිවන කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කදුරැගස්කඩ,රත්මල්ගහවැව පදිංචි 54 හැවිරිදි ගොවියෙකි. මෙම පුද්ගලයා විසින් කහටගස්දිගිලිය,නෙලුගොල්ලාකඩ,කුරැක්කුරාගම ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිගු හේනක් වටා විදුලි රැහනක් යෙදිම නිසා එම විදුලි රැහැනේ පැටලිමෙන් අවුරැදු 35 ක් පමණ වයසැති අඩි 08 ක් පමණ උසින් යුක්ත වන අලියෙකු මිට දින කිහිපයකට පෙර මියගොස් සිටි බව කහටගස්දිගිලිය අඩවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස් හය හැවිරිදි විදුලි කාරිමික දෙදරු පියෙකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සු බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි. මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මේ වනවිට නේවාසිකව පුතිකාර ලබන අතර ඔහුට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බවද පොලිසිය සදහන් කරයි. මෙම තුවාලකරුගේ බිරිඳගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්‍රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි. ඉකුත් 18…
හැටන් ජුම්මා පල්ලියේ මුරකරු ඝාතනය කර පිංකැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු සමන්තුරේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එම පුද්ගලයා සමන්තුරේ නගරයේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිටියදි සැකපිට ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව හැටන් පොලීසියට දැනුම් දුන් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය. සැකකරු හැටන් ප්‍රදේශයේ දින ගණනාවක් රැඳී සිටිමින් ඉකුත් (09) දින අලුයම හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුව ඝාතනය කර පිංකැටය තුළ තිබූ මුදල් රැගෙන ගොස් තිබුණි. එම සැකකරුගේ ඡායාරුප මාධ්‍ය මගින් ප්‍රචාරය කළ අතර හැටන් පොලීසිය ඔහු සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි අනෙක් පොලිස් ස්ථානද දැනුවත් කළේය. සැකකරු මනුෂ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සයින්දමරුදු…
ව්‍යාජ ලෙස වීසා බලපත්‍ර සකස් කරන මධ්‍යස්ථානයක් වටලා තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම වැටලීම සිදුකර ඇත. ඒ කුරුණෑගල පන්නල ප්‍රදේශයේදීය. අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බවද පොලීසිය පවසයි.
පසුගිය දා ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකරන බව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, යම් පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස තින්දු කරන තෙක් චූදිතයෙකු ලෙස සැලකෙන බවය. එවැනි චූදිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ චුදිතයෙකුට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතියක් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි. ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වූයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරු බවය. කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය සිය නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙන්නේ, නීතිඥ වෘත්තිය රටේ යුක්තිය සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය…
අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා වන යෝජනාවලියක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි. එහි සභාපති රවීන්ද්‍රනාත් දාබරේ මහතා පවසන්නේ විවිධ පාර්ශවල අදහස් හා යෝජනා මත පදනම්ව මෙම වාර්ථාව සකස් කෙරෙන බවය.