Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත. යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී තිබේ. එසේ වුවත් යානය ඉතා හොඳින් ක්‍රියාකාරී යැයි යානය අයත් ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර ඉන්ටුයිටියු මැෂීන්ස් නමැති පෞද්ගලික සමාගමේ හිමිකරු ස්ටීව් ඇල්ටෙමස් පවසා තිබේ. ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී සඳට චන්ද්‍ර ගවේෂණය යානයක් පතිත කළේ වසර 52 කට පෙර වුවත්, පෞද්ගලික සමාගමක් සඳට යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි. ස්ටීව් ඇල්ටෙමස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ පැත්තට පෙරළුණු ‘ඔඩිසියස්’ චන්ද්‍ර යානයෙන් ඡායාරූප ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවය.
මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන වැල්ලේ සාරංගෙ මස්සිනා සංවිධානාත්මක අපාරාධකරුවකු බව කියන නිපුනගේ පර්ශයෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පරික්ෂණ සිදු කරන පොලිසිය කියයි. යුද හමුදාවෙන් පැනගිය සෙබළකු වන ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෙඩි තැබිම සදහා යුද හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබළකු සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත පරික්ෂණ පැවැත් වූ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙඩික්කරුවකු බව කියන දැනට සක්‍රීය සේවයේ…
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත. මේ අතර මේ ආකාරයට වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත. සාමාන්‍ය සේවකයන්ට රුපියල් සීයක් වැඩි කර ගන්න ගියාම දැවැන්ත ලෙස විරුද්ධ වන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ ආකාරයට තමන්ට බෙදා ගැනීම අසාධාරණ හෙයින් ඒ ගැන වහා සොයා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්…
බදුල්ල සිට අම්පාරට පැමිණී තරුණයකු පෙම්වතිය සමග නතරවීමට තොරාගත් ස්ථානයට ගෙවීමට මුදල් නොමැති නිසා කඩයක් බිද රුපියල් 10,000 කට ආසන්න මුදල් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. තරුණිය අම්පාර බස්නැවතුම් පොළේ නතර කර තරුණයා නගරයේ ප්‍රසිද්ධ තොග වෙළඳ ආයතනයට අනවසරයෙන් ඇතුල්වී මුදල් සොරාගෙන ඇතිබව අනාවරණයවී ඇත. අම්පාර පොලිස් රථවාහන රජකාරියේ යෙදී සිටි නිලධාරීයකුට ඇතිවු සැකයක්මත ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත . බස් නැවතුමේ සිටි තරුණිය මව්පියන් කැදවා බාරදීමට කටයුතු කළ පොලිසිය, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.
ඊයේ (23) රාත්‍රී කාලයේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කිරිවල්කැලේ නිවසක් තුළ සිටි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය වාර්තා කරයි. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක කිරිවල්කැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. මරණකාරිය සිය ස්වාමි පුරුෂයා සමඟ පොල් අතුවලින් තැනූ කුඩා නිවසක ජීවත් ව සිට ඇති අතර, නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මරණකාරියගේ ස්වාමි පුරුෂයා මේ වන විට ආරච්චිකට්ටුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් පොලීසිය කළ ප්‍රශ්නකිරීම්වල දී සඳහන් කර ඇත්තේ, පොල්අතු පැල ගිනි ගන්නා විට තමන් ඉක්මනින් එළියට පැන දිවි බේරා ගත් බව යි. ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගලෙන්බිඳුණුවැව – ගැටලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු ප්‍රතිකාර සඳහා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව පසුපැදිකරු මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි රාජාංගනය දකුණු ඉවුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් අද (23) පස්වරුවේ දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය. ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ. එම තරගයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ…
දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ විදුලි බලාගාරය ආසන්නයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතැයි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල හල්විටිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක් වූ සමිඳු නෙත්මිණ නැමැති පාසල් සිසුවෙකි තම පුංචි අම්මා, මිත්තණිය, කුඩා මලනුවන් සමඟින් අනුරාධපුරයේ වන්දනාවේ යන අතරතුර සීගිරි ගලේ ගොස් මෙම පිරිස ඉබ්බං කටුව ජලාශයේ ඉතා අනාරක්ෂිත ස්ථානයක දිය නෑමට ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම ස්ථානයේ විදුලි බලාගාරයට ජලය සැපයෙන ප්‍රධාන හැරවූම පිහිටා ඇති අතර එම ස්ථානයෙන් දිය නෑම සඳහා මිත්තණිය, පුංචි අම්මා, මලනුවන් සමග වැවට බැසීමත් සමඟින් මෙම පාසල් සිසුවා දිය වැලට හසු වී ගසාගෙන…
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණයට හේතූව මේ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් නැතැයි වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා සඳහන් කළේය. සනත් නිශාන්ත මහතාගේ ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙතෙක් අධිකරණයට යොමු කර නොමැති බව අවධාරණය කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කළේය. සන්ත නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ-කටුනායක ආධිවේගී මාර්ගයේ කෙරළපිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා මෙම සිද්ධියෙන් මියගිය අයගේ මරණයට හේතූව ප්‍රකාශට පත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රත්වරයා මෙම…
රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතා ඉවත් කළේය. මෙම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත අලගියවන්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් වානිජ මහාධිකරණ විනිසුරුවරයා අදාළ තහනම් නියෝගය ඉවත් කළේය. පෞද්ගලික රෝහල විසින් හැටන් නැෂනල් බැංකුවට එරෙහිව ඉදිරිපත් කර තිබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අදාළ පෞද්ගලික රෝහල විකිණීම වළකාලමින් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි. එම තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලමින් හැටන් නැෂනල් බැංකුව ප්‍රතිවිරෝධතා ගොනු…