Author: LANKA24X7

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම් ධුරයේ වැඩ බාරගෙන තෙදිනක් ගතවීමට පෙර නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමාරවීර අමාත්‍යවරු ප්‍රමුඛ පිරිසක් ඊයේ (8) පක්ෂ මූලස්ථානයේ දොරටු ඇරගෙන පැමිණ වැඩ ආරම්භ කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නියෝජ්‍ය ලේකම්වරයාට කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික‍්‍රමසිංහ මහතා ඉකුත් 2 දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර දයාසිරි ජයසේකර මහතා ඉකුත් 5 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටට…

Read More

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. පොහොට්ටුව බොහොම සුබවාදී තීන්දුවක් හෙට අනිද්දා වන විට ගන්නවා ඇතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම නම් සියලු දෙනා ඊට එකඟ වෙන බව කීය. රටේ ජනාධිපති වෙන්නේ පොදු ජන පෙරමුණ උදව් කරන නායකයා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පොහොට්ටුවේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක්ද?රනිල් වික්‍රමසිංහ ද කියා ගන්නා තීරණය ජනතාව බලාපොරොත්තු වෙන තීරණයම විය හැකි යැයිද පියල් නිශාන්ත මහතා පැවසීය.

Read More

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මහා පරිමාණ උපකාර පංති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන, ඉංජිනේරු සේවා ස්ථාන සහ මිනින්දේරු සේවා ඒ අංශ දාහතරට ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය. එම අංශවල ලියාපදිංචි වුණු සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයකුට අවස්ථාවක් නොදෙන බවද සඳහන් කළේය. බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොතිබූ බව ඔහු කීවේය. ඉහත ක්ෂේත්‍ර 14 අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බවද රාජ්‍ය…

Read More

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නුවරඑළියේ ආරම්භ කරන ලද අපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව මේ වනවිට සාර්ථක වී ඇතැයි අමාත්‍යාංශය පවසයි. මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව රජය මැදීහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතියයි. නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ දායකත්වයෙන් හරිතාගාර 40ක මෙම වගාව ආරම්භ කර ඇත. වගාව ආරම්භ කර දැනට මාස දෙකක් පමණ ගත වී ඇති අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම වගාව නිරීක්ෂණය කළේය. ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැල මෙම ගොවීන් අතර බෙදාහැර තිබෙන අතර මෙම වගාව සඳහා වන සියලු මුල්‍ය ප්‍රතිපාදන හා තක්ෂණික දායකත්වය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින්…

Read More

මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව කීය.

Read More

අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය . මෙලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි සමරකෝන් මුදියන්සේ ලාගේ අයෝන් කොවිජ නමැති දරු සිගිත්තාය. දරුවාගේ මව සිය නව හැවිරිදි දරුවා සහ මියගිය තුන් හැවිරිදි දරුවා රාත්‍රි ආහාරය ගැනීමෙන් පසු ඔවුන්ගේ ඇග සෝදා නින්දට යැවීමට නිවස පිටත තනා ඇති ජල ටැංකිය වෙත කැදවා ගෙන ගොස් තිබේ . නව හැවිරිදි දරුවාගේ ඇග සේදූ මව කුඩා දරුවා ජල ටැංකිය අසල සිටියදී වැඩිමහල් දරුවා සමග නිවස තුලට ගොස් තිබේ . නැවත පැමිණ සොයා බැලීමේදී කුඩා දරුවා ජල ටැංකිය තුලට වැටී සිටිනු දැක ඔහු ගොඩට…

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඌව පලාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන සවල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළංද ඇති විය හැකියි

Read More

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය. ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව එම සංගමය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපයික් යොමුකර තිබේ.

Read More

පොලිසියට වෙඩි තැබීමට උත්සාහ දැරීමේදී පොලිස් වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලායාමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පෝනාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව පොල්ගස්ඕවිට හල්පිට පාසල් මාවතේ නිවසක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය කියයි එම නිවසේ හිමිකාරිය වන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන “කළුබෝවිල සුදු නෝනා” නැමැත්තිය හා ගරාජ් හිමියකුද අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි එම නිවස තුළ තිබී රුපියල් ලක්ෂ 16 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 42 ක් රුපියල් 5000/= ක මිලකට අලෙවි කරන අයිස් මත්ද්‍රව්‍ය පැකට් 53 ක් කේරල ගංජා කිලෝ…

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ වත්කම් පිළිබඳව සිදුකරන විමර්ශන කටයුතු පුළුල් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කළේය. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බලනු ඇත. ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර ඉදිරි දින කීපයේදී ගනු ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය. කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවද ඔහු පැවැසුවේය. ඒ හේතුවෙන් රඹුක්වැල්ලගේ සමීපතම ඥාතීන්ගේ සහ සේවකයන්ගේ ඉපැයීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සොයා බැලීමට…

Read More