Author: LANKA24X7

නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම දැනුම් දී තිබේ. ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබෙන්නේ මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවයි. නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම් ලාභීන් සිටියදී එක් පුද්ගලයකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද ජනාධිපති ලේකම්වරයා මෙම ලිපිය මගින්…

Read More

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇත. රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයට අයත් නොවන ඇතැම් සේවාවන්වල වෘත්තීය…

Read More

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි. බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක් වසරක් තුළ පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අමරපුර දින ආදිකර්තෘ සැමරුම් උත්සවයට ඊයේ (08) එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළේය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකර්තෘ සැමරුම් උත්සවය සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රධානත්වයෙනි. වසර 222ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ සියලුම ආදිකර්තෘ වහන්සේ සිහිකරමින් අමරපුර දිනය සමරනු ලබයි. එහිදී අදහස් දැක්වූ…

Read More

ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔරුවේ මොන පැත්ත පෙරලුනත් ඒකෙන් ගොඩ යන්නට බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ජනාධිපතිවරණය පවත්වනවාද?නැද්ද? කියා ලොකු කසුකුසුවක් පසුගිය දිනවල තිබු බව කී රහුමාන් මහතා ජනපතිගේ සහ වටේ ඉන්න ගෝලබාලයන්ගේ හැසිරීම නිසා ඒ සැකය ඇතිවූ බව රහුමාන් මහතා කීය. “ජනපති කාල සීමාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. මැතිවරණය කල් දාන්න ඕන කියා විවාදයක් ඇතිකොට එහි දිගුවක් ලෙස මේ පෙත්සම අධිකරණයට ආවා. සංවිධානාත්මක අපරාධ කියන්නේ මේවට තමයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පෙත්සම ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනපති කාල සීමාව පැහැදිලිව කියා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා. ඡන්දය නොතබන බවට ජනතාවට ඒත්තු ගන්වන්න…

Read More

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වලක්වා ගැනීම සඳහා පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 5 සිට අක්කර 2 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. මේ වනවිට රටපුරා සෑම දිස්ත්‍රික්කයකම රිලවුන්ගෙන් සිදුවන වගා හානි ඉහල ගොස් ඇතැයි ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම තීරණය ගෙන තිබේ. පොල්, එළවළු, පලතුරු මෙන්ම වෙනත් සෑම බෝගයකටම පාහේ රිලවුන්ගෙන් සිදුවන හානිය නිසා වගාවන්ගෙන් ලබා ගත හැකි සමස්ත අස්වැන්න තමන්ට අහිමි වී ඇතැයි ගොවි ජනතාව අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර ඇත. කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවි ජනතාව හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳව…

Read More

අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවා මහත්මියට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මාධ්‍යට අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වනවිට ඇය රෝහල් වාට්ටුවක දැඩි නිරීක්ෂණය යටතේ පසුවන බවය. මේ අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබු සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වන විටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ. ක්ලබ් වසන්ත ඝාතනය සිදුකළ ඝාතකයින් පළාගිය වෑන් රථයේ හිමිකරුවන් සම්බන්ධයෙන් ද මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ. කෙසේවෙතත් එම වෑන් රථය හිමිකරුවන් කිහිපදෙනෙකු විසින් ලියාපදිංචි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු…

Read More

ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ මූලික කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් අදාළ පාර්ශව මැතිවරණ කොමිසම වෙත කැඳවා ඇති බවය. ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතව තිබේ. පොලිස්පතිවරයා ඉදිරි දින කිහිපය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 වන දිනෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතර ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන මූලික කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කොමිෂන් සභාවේ සභාපති…

Read More

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්ව සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුරක් හමුව තිබේ. නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක තිබී ඊයේ (08) එම සිරුර නිවිතගල පොලීසිය විසින් සොයාගෙන ඇත. එලෙස මියගොස් ඇත්තේ, වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියකි. මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට ඇත. ඒ හේතුවෙන් දැරියට වෙළෙඳසැල වෙත පැමිණෙන ලෙස මව විසින් දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව පොලීසිය පවසයි. වෙළෙඳසැල වෙත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී…

Read More

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (09) දිනයේ ත් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ (08) සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරනු ලැබීය. ඒ අනුව ඊයේ දිනයේ දී දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට වාර්තා නොකර සිටි අතර රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතුවලට එයින් දැඩි බාධා එල්ල වී තිබුණි. සිය ඉල්ලීමට බලධාරීන් මෙතක් යහපත් ප්‍රතිචාර ලබා දී නොමැති…

Read More

දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. රුසියන් ජනාධිපති පුටින්, මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවට ගොස් සිටින්නේ ඉන්දු රුසියා ද්වී පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහාය. ගෝලීය සහ කලාපීය වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත් වෙයි.

Read More