Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11)කොළඹදී පැවසීය. මහජනතාව අපහසුතාවයට පත්වෙන අයුරින් කටයුතු කරන ඇතැම් වෘත්තීය සමිති ඒ තුළින් කාලකන්නි සතුටක් ලබන බවද හෙතෙම කීය. වෘත්තිය සමිති වැඩ කරන ජනතාවගේ අයිතියක් බැවින් ඔවුන් කරන ඉල්ලීම් සම්බන්ධව ආණ්ඩුව සාකච්ඡා කළ යුතු බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හයිඩි පිටියේ අද සවස පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික ආසන සංවිධායක රැස්වීම අමතමිනි.
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. වනිඳු ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ක්‍රීඩකයකු ලෙස තවදුරටත් ක්‍රීඩා කරන බව ද එම නිවේදනයේ සඳහන්වේ. ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාවට උපරිමයෙන් සේවය කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වන බවත් වනිදු පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රමුඛ දුම්රිය වෘත්තිය සමිති තුනක් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (11)දා මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමට තීරණය කළ බව මීට සුළු මොහොතකට පෙර දුම්රිය ස්ථානාධිපති සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු අද (12)දා පෙරවරුවේ සේවයට වාර්තා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත.අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 :ආ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ,ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්, සකස් කිරීම පිණිස ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30:02 , 62:2 සහ 83:ආ යන ව්‍යවස්ථාවන් හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරික්ෂණය වී ඇතැයි රජයේ මතය බව අදාළ යෝජනාවේ සඳහන් වෙයි. ඒ පිළිබඳව වන සැකය මඟ හරවා ගැනීම සහ කවර හෝ අනනුකූලතාවයක් ඉවත් කිරීමට ,සාවුරුද්දක් ඉක්මවා, යන වචනය වෙුනවෙන් ,පස් අවුරුද්දක් ඉක්මවා, යන වචනය…
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්ජනයේ නිරත සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය නිකුත්කර තිබේ. ඒ අනුව අද දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව එම නිවේදනයේ දැක්වෙයි. එසේ නොකරන වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවය හැරගියා සේ සලකන බව වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. මුදලිගේ මහතා පවසයි. ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
කොලොන්න පොලිස් වසමේ අප්ටන් වත්තේ හිමිකරුට එල්ල කළ වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බවය. වෙඩි වැදුණු 61 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ නිවසේ රැඳී සිටිය දී වෙඩික්කරුවන් පැමිණ බිරිඳගෙන් මියගිය පුද්ගලයා නිවසේ සිටිනවාදැයි විමසා ඇත. පසුව එම පුද්ගලයා නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර ඇත.
රේගු නිලධාරීන් පසුගියදා ආරම්භ කළ වර්ජනයත් සමඟ බාහලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව බාහාලුම් රථ රියදුරන් පවසයි. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය කඩිනම් කිරීමට සඳහා විධිමත් වැඩපිළිවලක් සකස් කළ යුතු බවය. අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් “අද දෙරණ” මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම තත්ත්වය කඩිනමින් යාථාතත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බවය.
රක්වාන – කෑල්ල පාරේ කොලොන්න ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමක් තේවතු හිමියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියකින් ආ අයකු සිදු කළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුද්ගලයෙකි.
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි. මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 7 ක් පමණ සිරවී ඇතැයි ද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය. විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් පසුගිය (07) සිට මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබිය දී අද (10)දා සිට සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ මහතා පවසයි. රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබිය දී ස්ථානාධිපති සංගමය සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමය විසින් හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බව දැනුම් දී ඇතැයි ද එසේ වුවහොත් ඉහත පියවර ගැනීමට සිදුවන බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.
