Author: LANKA24X7

තීරු බදු සහිතව මෙරටට ගෙන්වන ලද දුරකථන තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ මීගමු පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 43 වයස්වල පසුවන කොළඹ 12 සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තීරු බදු නොගෙවා මෙරට ගෙන්වූ ජංගම දුරකථන 323ක් හා සැකකරුවන් පැමිණි වෑන් රථයද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පෑලියගොඩ මූලස්ථාන පොලිසියට භාර දී ඇත.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. තුවාල ලද 39 හැවිරිදි ව්‍යාපාරිකයා ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇත. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල වෙත ඇතුළත්ව ඇති බවට ජාතික රෝහලේ පොලිස් මුරපොළ මගින් පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන කටයුතු සිදු කළ බව පොලිසියේ සඳහන් කරයි. තුවාල ලද ව්‍යාපාරිකයා වැලිසර නාවික හමුදා කඳවුරේ පුහුණුවකට සහභාගි වීමට නියමිතව තිබී ඇති අතර ඒ සඳහා ඔහුට අයත් නයින් එම් එම් වර්ගයේ ගිනි අවිය රැගෙන පිරිසිදු කරන අවස්ථාවේදී අත් වැරදිමකින් එය…

Read More

විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩ බෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම ,ගුවන් තොටුපළ ,වරාය ඇතුළු ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහන් වේ. ජනවාරි තුන්වෙනිදා සිට බල පවත්වන පරිදි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Read More

ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ පුපුරා ගියේ, ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝතානය වූ ඉරාන විප්ලවීය හමුදා ජනරාල් කසීම් සුලෙයිමානීගේ ගුණ සැමරුමක්, දකුණුදිග කෙර්මාන් නුවර, ඔහුගේ සොහොන් ගැබ අභියස පැවැත්වෙද්දීය. කසීම් සුලෙයිමානීගේ සොහොන් ගැබ ඉදිකර ඇත්තේ ෂහේබ් අල් සාමාන් මුස්ලිම් පල්ලිය අසලය. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඉරානය චෝදනා කර තිබේ. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් බාරගෙන නැත.

Read More

අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ක ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරන බවත් සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කීවේය. මේ අවස්ථාවේ රජයේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම වුවත් පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත…

Read More

දර කැඩීමට ගිය අවස්ථාවේ දිවියකු ඇඟට පැනීම හේතුවෙන් අසල වූ ඇළකට වැටී කිලෝ මීටර් නවයක් පමණ දුරට ගසාගෙන යද්දී මයිල ගසක එල්ලී දින දෙකක් රැඳී සිටි ගැමියකු බේරා ගැනීමට ප්‍රදේශවාසීහු පිරිසක් සමත් වූහ. අනතුරට මූණ පා ඇත්තේ මනම්පිටිය මාගංතොට ගම්මානයේ පදිංචි 66 වියැති කේ. ඩබ්ලිව්.රංජිත් පෙරේරා නමැත්තකු බව ද පොලිසිය කියයි. ඔහු ඉකුත් පළමු වැනිදා උදෑසන මාගන්තොට කැලෑබද ප්‍රදේශයට දර කැඩීම සඳහා තනිවම යද්දී දිවියකු ඇඟට පැන ඇති අතර ඒ සමගම ඔහු අසල වූ ඇළට වැටී සැඩ පහරට අසුව ගසාගෙන ගිය බව ඔහු පැවැසීය. වතුරට වැටී කිලෝ මීටර් නවයක් පමණ ගසා යද්දී ඔහු මයිල ගසක එල්ලී ඇති අතර ඔහු අතුරුදන්…

Read More

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (3) පැවසීය. සාරි සහ සිල්රෙදි බෙදා ජනතාව චූන් කරමින් මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවත් ණය ප්‍රතිව්‍යුවහගතකරණය කිරීම, ආණ්ඩුවේ වියදම් පාලනය කරගැනීම. ආණ්ඩුවේ ආදායම් වැඩි කරගැනීම වැනි දෑ මූල්‍ය අරමුදල කිව්වත් නොකිව්වත් කළයුතු බවත් ඒ මහතා කීය. පෝලිම්, බඩු හිඟයක්, පොහොර හිඟයක් නොමැති නිසාත් වාහන හැර අනිත් සියලුම දෑ සඳහා ආනයන සීමා ඉවත්කර ඇති නිසාත්, රට මූල්‍යමය වශයෙන් ස්ථායිකරණය කර ඇතැයි ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

Read More

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක සහ එජාප කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලසන්ත ගුණවර්ධන මහත්වරුන් හමු වූ නිමල් ආර් පීරිස් මහතා ජනපතිට සහාය පළ කරන බව පැවසීය.

Read More

හුංගම පොලිස් වසමේ කිවුල, හුංගම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර ඇත. පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රියේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. අදාළ නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු සමග ඇතිවී තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවූ බවද පොලීසිය පවසයි. මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර නිවසේ කාමරයක දොරකට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇත. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තාවී නොමැති අතර වෙඩිතැබීම සිදුකළ සැකකරු ගිනිඅවිය ද සමග හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබේ. අද (03) නඩුව කැදවු අවස්ථවේ දී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැරි බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ. කෙසේවෙතත් ඔහුට තවදුරටත් විදෙස් ගමන් තහනමක් පැනවු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. පසුගිය වසරේ මැයි මාසයේ දී ආගම් පිළිබඳ අවමන් සහගත ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Read More