Author: LANKA24X7

නීතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකවේ නිලධාරීන් විසින් ඊයේ (23) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් සැකකරු පැමිණි ඇති අතර ඔහු සතුව තිබී දුම්වැටි 59980ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් දිස්ත්‍රික් විමර්ශන අංශ වෙත දැනුම්දී ඇත. මේ යටතේ ප්‍රධාන තොග අලෙවිසල් සහ ගබඩා ආදිය පරීක්ෂාවට ලක් කරමින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරමින් භාණ්ඩ වෙළඳපොළට පැමිණීම වැළැක්වීමත්, උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මගහැරවීම සදහාත් කටයුතු කරන ලෙසත් සුපිරි වෙළඳසල්ද ඇතුලුව සිල්ලර වෙළඳසල් හා ජංගම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කර වැටලීම් සිදු කරන ලෙසත් දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබේ. තවද අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇදුම් පැළදුම්,…

Read More

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමත්‍ය රත්න ගමගේ මහතා පවසයි. නියෝජ්‍ය ඇමතිවරයාට ආශිර්වාද කිරිම සදහා අක්මිමන, අන්දායම්ගොඩැල්ල ශ්‍රි ඛෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද කිරිමේ පිංකමට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය. නියෝජ්‍ය ඇමතිවරයා මෙසේද කිවේය. එදා ප්‍රතිපත්තියම තමයි අපි අනුගමනය කරන්නේ. අපි 159 දෙනාම වැටුප ගන්නේ නැහැ. අපේ මැති ඇමතිවරුන්ගේ වැටුප පොදු අරමුදලකට බැර කරණවා. ඒම පොදු අරමුදලෙන් ජනතාවට යමක් කිරිමට තියෙනවානම් එකත් අපි කරණවා. ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වරප්‍රසාද නැහැ. ජනතාවට බරක් නෙවෙන්න වැඩකළ යුතුයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එය තවදුරටත් වර්දනය වෙමින් බටහිරට බරව වයඹ දෙනට ගමන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුද් ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවති. එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි බලා පොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපැම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බවර පවති. උතුරු,උතුරු – මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රිකකයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් තවදුරටත් නිල නිවාස භාරදී නොමැති බව වාර්තා වී තිබේ. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඇතැම් හිටපු මන්ත්‍රීවරුන් සිය නිවාසවල භාණ්ඩ ඉවත් කර ගනිමින් සිටින බවය. නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබා දීමට අවශ්‍ය බව දන්වමින් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන්ට එම නිවාසවලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබුණි. ඒ අනුව පසුගිය (22) දිනයේදීත් මන්ත්‍රීවරුන් හත්දෙනෙකු නිල නිවාසවලින් ඉවත් ව ගොස් තිබේ. මේ අතර අදාළ නිවාසවලින් ඉවත් නොවුනහොත් එම නිවාසවලට ලබා දෙන ජලය සහ විදුලිය විසන්ධි කරන බවට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පසුගියදා එම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් නවක මන්ත්‍රීවරුන්ට නිල නිවාස ලබාදීම සඳහා…

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඉන්දියාවට පළායෑමට උත්සාහ දරා ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරක මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වැනිදාය. ඒ පිළිබඳව ගම්පහ කොට්ඨාස මර්දන විමර්ශන ඒකකය වැදගත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. එහි ප්‍රධාන සැකකරු වන 37 හැවිරිදි තුෂාර ඉන්දික සොයිසා කටානේ පදිංචිකරුවකුවන අතර අනෙක් සැකකරු 40 හැවිරිදි උඩුගම්පල පදිංචි සමන් රණසිංහ නම් අයෙකි. සැකකරුවන් දෙදෙනා කොල්ලය සිදුකර මුදල්…

Read More

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් රැගත් බස් රථයක් පෙරළීමෙන් ඉකුත්දා සිදුවූ අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් සිසුවෙක් අද (23) මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි. ඔහු යාපනය හින්දු විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ඇති සිසුවෙකි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී නොවැම්බර් මස 01වනදා අනතුරට ලක්විය. ඉන් සිසුවියන් දෙදෙනෙකු එදිනම ජීවිතක්ෂයට පත්වී තිබුණි. ඒ අනුව මෙම අනතුරෙන් තිදෙනෙකුට මේ වනවිට දිවි අහිමි වී ඇත.

Read More

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ විය . මෙම දැවැන්ත ගල් කුට්ටිය ඊයේ පස්වරුවේ විශාල දොඹකරයක ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සාහ ගත්තත් තිබූ තැනින් හැරවීමට වඩා දෙයක් කිරීමට නොහැකි විය . ඒ අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම නවතා අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් නියෝග මත මෙසේ අද තුන්වෙනි දිනයටත් කැණීම් කටයුතු සිදු කෙරේ අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතා මෙම තත්ත්වය හමුවේ ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම්…

Read More

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. සියලුම මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25,26සහ 27 දිනවල පැවැත්වීමට නියමිතය. නවක මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව එම වැඩමුළුවේදී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේ දක්වා කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත. මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සැලසුනු අතර එයද බොහෝ දුරට ඉවත් කෙරෙනු ඇතැයි පැවසේ. එසේම මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක…

Read More

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. රජයේ පාලන මිල වශයෙන් නාඩු සහල් සදහා රුපියල් 220 ක මිලක් නියම කොට ඇති නමුත් මේ දිනවල ගම්පහ ප්‍රදේශයේ වෙළඳසල්වල නාඩු සහල් කිලෝවක් රුපියල් 240 ක් වැනි මිලකට අලෙවි කෙරෙන තත්ත්වයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. රජය මගින් සහල් සදහා පාලන මිලක් නියම කොට තිබියදී එය නොසලකා හරිමින් වැඩි මිල ගණන් යටතේ අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාල ආයතන මගින් සොයා බැලීමක් සිදු වන්නේ දැයි ඔව්හු විමසා සිටිති.

Read More