Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඔන්ලයින් පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. එවැනි වගන්තියක් පෙන්වා දුනහොත් පනතට සංශෝධන ගෙන ඒමට සූදානම් බව පැවසූ අමාත්‍යවරයා තමා දන්නා තරමින් මානව හිමිකම් උල්ලංඝනය වන කිසිම වගන්තියක් එහි නැතැයිද ප්‍රකාශ කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට යොමුවී ඇත. මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත. එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද ආශිර්වාදය ලැබී ඇතැයි දැනගන්නට ඇත. මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි. ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් පැනීමේ ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී හමුදා පැරෂුට් භටයකු ලෙස තම හැකියාව ප්‍රගුණ කර පසුගියදා ( 22 ) සිය දක්‍ෂතා විදහා දැක්වූ යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ (02) දින ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් ඇගයීමට ලක්කර ඇති බවට වාර්තාවේ. මෙම ජයග්‍රහණය හා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ආදර්ශවත් හමුදා නායකත්වය මෙන්ම කැපවීම සංකේතවත් කරමින් මෙහිදී යුද්ධ හමුදාපතිවරයා වෙත එයාර් බෝන් (AIRBORNE) ලාංඡනය පලඳවා ඇත.
පොත් සඳහා සියයට 18ක වැට් බදු පැනවීම හේතුවෙන් අධ්‍යාපන කාර්යයන් සිදු කිරීමේ දී විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට ගැටලු රැසක් මතු ව ඇති බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති. උන්වහන්සේ පවසන්නේ, මෙම ක්‍රියාව නූගත් පරපුරක් රට තුළ බිහි කිරීම සඳහා රජය දරන වෑයමක් බවයි. මෙම බදු පැනවීම මඟින් නිර්මාණ සාහිත්‍යය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණවලට ද බාධාවක් වී ඇති බව මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා අවධාරණය කර තිබේ.
තියුණු ආයුධවලින් කපා කොටා අද (03) අලුයම පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මතුගම පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක් ව ඇත්තේ, මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි ව සිටි එම්.කලණ නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කර තිබේ. නාඳුනන පුද්ගලයන් පිරිසක් පැමිණ අද අලුයම එම පහරදීම සිදු කර ඇති අතර, ඔහු බරපතළ තුවාල සහිත ව කළුතර – නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ. සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ඊයේ (2) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති ‘සුපිරි හය’ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119 ක පහසු ජයක් ලැබීය. ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 23.2 කදී ලකුණු 113 කට සීමාවිය. ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්විය. දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 232 (ලුයන් ඩි්‍ර පෙටොරියුස් 71, රිලී…
ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවකු යොදා නිර්මාණය කළ ලිංගික හිංසන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙක්මැක්ස් (NCMEC) ආයතනය ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. වයස අවුරුදු නවයක් පමණ වයසැති දරුවෙකු ගේ දර්ශන සහිතව අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව සැබවින්ම ශ්‍රී ලංකාවේ දරුවෙකු යොදාගෙන නිර්මාණයක කළ වීඩියෝවක් දැයි අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන බවත්,එම දරුවා ශ්‍රී ලංකාවේ නම් සැකකරුවන් අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කිරීමට විමර්ශනයක් ආරම්භ කළ බවත්,ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් අද පැවසීය. අදාල වීඩියෝ දර්ශන ඇතුලත් වාර්තාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කෙමින්ද පෙරේරා මහතා හමුවට ඉදිරිපත්…
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (පෙබරවාරි) සංශෝධනය නොවන බව එම සමාගම ඊයේ (2) පැවසීය. ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,740 ක සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,900 ක තව දුරටත් පවතින බව ද එම සමාගම සඳහන් කරයි.
අපෙ ජන බලපක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුලු පංච පුද්ගල ඝාතනයේ මහා මොළකරු යුද හමුදාවේ කලක් මේජර්වරයකු සේවය කර ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කොස්ගොඩ සුජීගේ ගෝලයකු වන නාවික හමුදාවේ සේවය කර දැනට ඩුබායි රැදී සිටින පුද්ගලයකුගේ උපදෙස් මත මෙම හිටපු යුද හමුදා මේජර්වරයා මොටර් රථයකින් වෙඩික්කරුවන් දෙදෙනා අදාල ස්ථානයන්ට රැගෙන යමින් මෙම ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. වෙඩික්කරුවන්ගෙන් එක් අයකු හිටපු නාවික සෙබළකු බවට ද හඳුනාගෙන ඇත.