Author: LANKA24X7

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති ඇතැයි ආපදා අංශ කියයි. ඊට අමතරව නන්දිකඩාල් කලපු මාර්ගද වර්ෂාව හේතුවෙන් ඇති වූ ජලගැලීම්වලින් වැසීයාම හේතුවෙන් ගමනාගමන කටයුතු දැඩි සෙයින් අඩාල වී ඇත. වට්ටුවාක්කල් පාලම හරහා මුලතිව් සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඇති මාර්ගය මෙලෙස ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මාර්ගය සම්පූරණයෙන්ම ජලයෙන් වැසී ඇත. පවතින අයහපත් කලගුණික තත්වය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 1495 කට අයත් 4644 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදාකලමනකරන ඒ්කකය දැනුම් දෙයි. ඒමෙනම විපතට පත්ව ඇති මුලතිව්හි පවුල් 218 කට අයත් පුද්ගලයින් 680…

Read More

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉතා තද වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකිය. දිවයිනේ උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි. මී.150ට වැඩි ඉතා තද වැසි…

Read More

කොස්වත්ත, මාවතගම කර්මාන්තපුරයේ ජලය පිරී තිබූ කාණුවකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි මඩුමුල්ල, උඩපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත කොස්වත්ත පොලීසිය විමර්ශනය කර මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාරදී ඇත. කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. එම පමාවට හේතු හඳුනාගෙන ඊට පිළියම් යොදමින් සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා වගා කර ඇති හැම ගොවියකුටම අනිවාර්යයෙන් පොහොර සහනාධාරය ලබා දෙන බව සඳහන් කළේය. බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යයේ ඊයේ (27 )පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. මෙවර හෙක්ටයාර අට ලක්ෂ පනස්දහසක් දක්වා වගා කර තිබෙන අතර එම සියලුම ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25000 බැගින් පොහොර සහනාධාරය ලබා ලබා දෙන බවද කරුණාරත්න මහතා කීය.ඒ සඳහා රුපියල් මිලියන 20000කට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇතැයි නාමල් කරුණාරත්න මහතා…

Read More

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. ජනවරම පැත්තකට විසි කර අයි එම් එෆ් කියන පදයට නටන රජයේ වැඩපිළිවෙල හේතුවෙන් රටටත් ජනතාවටත් ගොඩඒමක් නොමැති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ජනතාව දිනා ගැනීමට කියූ දේවල් අමතක වී වත්මන් රජය නිර්වින්දනය වී ඇති බවත් කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය. ආචාර්ය හර්ෂ ද සිල්වාත් සමගි ජන බලවේගයත් කියන්නේ අයි එම් එෆ් රාමුව තුළ වැඩකරනවා සේම ජනතාවට පොරොන්දු වූ සහන ලබා දිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය. 6%…

Read More

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටලීමක් සිදු කොට අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සඳහන් කරයි. එම අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේ දී කුරක්කන් කිලෝ ග්‍රෑම් 30 බැගින් වූ ඇසුරුම් 740 ක, නිෂ්පාදිත වර්ෂය 2024 ලෙස හා එය මාස 12 ක් ඇතුළත භාවිතා කල යුතු බවට ඉන්දියානු නිෂ්පාදකයා විසින් සඳහන් කොට තිබුණද , ශ්‍රී ලාංකික ආනයනකරු විසින් ඇසුරුම් කළ වර්ෂය හා මාසය, 2024 අගෝස්තු සහ කල් ඉකුත්වන වර්ෂය හ මාසය, මාස 24 ක් ඉදිරියට යොදමින්, 2026 ජූලි ලෙස…

Read More

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් මාධ්‍යට පැවසීය. මින් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බව එම නිලධාරියා සඳහන් කළේය. මේ අතර හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය. ඉතා ඉක්මනින් එම නිවාසවලින් ඉවත්ව යන බවට හිටපු මන්ත්‍රීවරුන් හත් දෙනා දැනුම්දී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. මේ අතර නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස වෙන් කිරීම ලබන මස 03 වැනිදා ආරම්භ කිරීමට නියමිතය. කොළඹ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත තමන්ටම නිවාස නොමැති දුරබැහැර…

Read More

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි. ජලාශයේ වාන් දොරටු අටක් ඊයේ සවස 05.00 පමණ වන විට ස්වංක්‍රීයව විවෘත වූ බව පැවසු ඒ මහතා ඉන් තත්පරයකට ජලය ඝන මීටර 500 ක් රන්දෙණිගල ජලාශයට මුදාහැරෙන බවද පැවසීය.

Read More

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය. ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබෙන බව කී සභාපතිවරයා E8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල නොවේ යැයි කීය. එලෙස රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ‘සභාපතිට කියන්න” වැඩසටහනට තොරතුරු ලබා දෙන ලෙසද කෝශල වික්‍රමසිංහ මහතා කීය. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඬුවම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේ යැයි ද සභාපතිවරයා…

Read More

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවය. “මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීම සඳහා රතු නිවේදන නිකුත්කර තිබෙනවා. යම්කිසි ආකාරයකට කඳු නායයාම් තියෙන නිසා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව…

Read More