Author: LANKA24X7

සුදුවෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇදගත් පිරිසක් තරුණයකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ පදිංචි රොෂාන් අෂාන් නමැති 24 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කළේය. පැහැරගෙන ගොස් ඇති තරුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ. සැකකරුවන් සුදුවෑන් රථයකින් පැමිණ හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී තරුණයාව පහරදී පැහැරගෙන ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ප්‍රදේශය හැරගොස් සිටින ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කළුතර දකුණ මූලස්ථාන පොලිස්…

Read More

ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්මේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය එන්ජින් තුනක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාදයන් සිදුවන බවය.

Read More

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගය ලකුණු104කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 218ක් රැස්කර ගත්තේය. මෙවර ලෝක කුසලානයේදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණි. ඒ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වේ. එහිදි නිකොලස් පූරන් පන්දු 53කින් ලකුණු 98ක් රැස්කර ගැනීමට සමත්විය. පූරන් රැස්කළ ලකුණු 98 වාර්තා අතරට එක්වුණේ මෙවර ලෝක කුසලානයේදි ක්‍රීඩකයෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. ජොන්සන් චාල්ස්…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය. භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවද ඔහු සඳහන් කළේය. ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල් 420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බව ඔහු කීවේය. මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද පැවසීය. පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර් අනූ හතරක් ලෙසයි.එය පසුගිය වසරේ දෙසැම්බර්…

Read More

බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය මාස පහකට පමණ පසු පළමුවරට මහජන උත්සවයක් සඳහා අද (15) එක් වූවාය. මීට මාස 5කට පමණ පෙර ඇය පිළිකාවක් හේතුවෙන් ශල්‍ය කර්මයකට මුහුණ දුන්නාය. චාල්ස් රජුගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන “Trooping the Colour” නම් වාර්ෂිකව පැවැත්වෙන හමුදා පෙළපාලියක සිය දරුවන් තිදෙනා සමග අශ්ව රථයක කේට් කුමරිය ගමන් කළාය.

Read More

රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ දමා තිබේ. ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිත ය. මෙතෙක් ස්ථානාධිපති/රථවාහන ධුරය දැරූ නිලධාරියෙක් ට ගෙවූ මාසික දීමනාව වූ රුපියල් 2,500, රුපියල් 7,000ක් දක්වා වැඩිකර ඇති බවද වාර්තා විය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ලබා දීම සඳහා එම අරමුදලේ විධායක කමිටුව ඊයේ (12) පැවැති රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව තෙවැනි වාරිකය ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක පමණ මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවැසුවේය.පසුගිය වසරේ අවසානය වනවිට ඉටුකළ යුතුව තිබූ සමාජ වියදම් ඉලක්කය හැර අනෙකුත් ප්‍රමාණාත්මක ඉලක්ක සියල්ලම ශ්‍රී ලංකාව සපුරා ඇති බවත් මෙම වසරේ අප්‍රේල් මස අවසානය වනවිට ළඟා කරගත යුතුව තිබූ ව්‍යුහාත්මක ඉලක්ක ඉටුකර හෝ ප්‍රමාදයක් ඇතිව ක්‍රියාත්මක කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ. අමාත්‍ය අලි සබ්‍ රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් ඒ බව පැවසීය.

Read More

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5ට තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් මේ දක්වා තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිව තිබුණේ නැත. ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් ලබාදීමට තරග තීරකවරුන් තීරණය කර තිබේ.

Read More

සංචාරය කිරීම සඳහා ලොව හොදම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ. ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත්කළ නවතම වාර්තාවකට අනුව 2024 ගිම්හාන සෘතුවේ දී සංචාරය කිරීම සඳහා ලොව හොඳම රටවල් තුන ලෙස ශ්‍රී ලංකාව, ග්‍රීසිය සහ මොරිසිය යන රටවල් නම් කර ඇති බව වාර්තා වේ. මේ වසරේ පළමු කාර්තුව තුළ ලොව මිලියන 285ක පමණ පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 20ක වැඩවීමක් බව සඳහන්ය. ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකානුවන් විශාල පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කිරීමට නියමිත අතර 2022,2023 කාලය තුළ පමණක් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විදෙස් ගමන් බලපත්‍ර මිලියන 24ක් නිකුත් කර ඇති බව ෆෝබ්ස් සඟරාව…

Read More